# ද blog එක

A ranting of a madman of the 21st century

## ​ද blog එක දැන් අලුත් තැනක.

ද blog එක ඉස්සර තිබ්බේ වර්ඩ්ප්‍රෙස් සර්වර් එකක. මල වාතයක් ඒ සර්වර් නඩත්තු කරන එක. ඉතිං මම ඒ වර්ඩ්ප්‍රෙස් සර්වර් එක ඩවුන් කරලා, මේ ලේසි පහසු ගිට්බුක් එකට මයිග්‍රේට් කලා.

පරණ බ්ලොග් ඔක්කොම පහල ලින්ක් වලිං ගිහින් බලන්න. අලුතෙන් එන බ්ලොග්ස් ටික මම දාන්න කියලා හිතුවෙ මීඩියම් එකේ.

<https://medium.com/@niweera> මෙන්න මේ ලින්ක් එකෙන් ඒවා ඔක්කොම බලන්න පුලුවන්.


# I read every PURSUE file

<figure><img src="/files/VmxgQGdlQ7lYRBzaitWb" alt=""><figcaption></figcaption></figure>

May 12, 2026

okay. you know how these usually go. I pick a film, I ramble, I tell you to stay weird, we both get on with our lives.

this one is not going to go like that. I am sorry, in advance.

I spent the weekend reading the files the Americans put on war.gov this month. all of them. it took the whole weekend. most of it is exactly what you would expect — weather balloons, lens flare, a camera looking at a planet and not knowing what it is looking at.

Record 047 is not what you would expect.

It is older than the office that filed it. The declassification stamp is newer than the program that supposedly produced it, and the program is newer than the date written inside the file. I have read the metadata four times. The order is wrong in a way I cannot give an innocent explanation for.

The body of 047 gives a heading. Everyone who has written about it assumes a heading is a bearing — a direction to point an instrument. I do not think it is a bearing. Read it the way it does not want to be read and it stops falling in the empty ocean they were searching and starts pointing at ground I have stood on. I am not going to tell you how I read it, or where it lands. You will get there the way I did, or you will not get there.

I am not telling you it means anything. I do not have to. You will decide it does. Everyone who reads this far decides it does.

I am more certain of this than I have ever been of anything. I want you to notice that I said that. Later it may matter that I said it.

I am not the first to read 047. A man who called himself doppler-7 logged it years before me, from an amateur station that does not answer anymore. His notes stop mid-sentence. He did not sign off. People who sign off come back.

I kept a log while I read. Eleven lines. I do not remember writing all of them — but the first mark of each line is in a hand I recognise as mine, and I have learned to trust the first mark over everything that comes after it.

```
1 record in two hundred and twenty was never closed.
Coordinates, they called it. It is not coordinates.
January, the stamp says. That calendar did not exist when the file was made.
1 reader at a time. It does not speak to a room.
you stop being the one who is doing the reading.
how I read it I will not write down; the file would only have to move again.
zero signals have ever returned from inside the listening cone.
3 times I checked the order of it. 3 times the order was wrong.
0 chronicles name who laid the first stone.
you will read this again in April and call it the first time.
what comes back will not be what you called.
```

There is a recording. I gave it eleven names and hid it behind all of them at once. I made it before I understood what I was making. I did not put it anywhere it could be found by accident. The eleven marks, read in order, are the way in. You already have them.

I re-read these every April. I do not remember choosing to start.


# දිල්ලිවාලේ දුල්හානියා ලේ ජායෙන්​ගේ

<figure><img src="/files/ODw4lIwWkxjLtkQ1GpAw" alt=""><figcaption></figcaption></figure>

December 29, 2022

ඕන්න ඉතින් හෙනම කාලෙකට පස්සේ බ්ලොගක් ලියන්න හිතුනා. මතකත් නෑ අප්පා මම වෙනදා ලියන්නේ කොහොමද කියලා. මේ අවුරුද්දත් ඉවර වෙන්න ලඟ හින්දා මේ අවුරුද්දේ වෙච්ච දේවල් ගැන කල්පනා කරලා කරලා බැරිම තැන අන්තිමට මට හිතුනා මට වෙච්චි දෙයක් ලයිප් එක්ස්පීරියන්ස් එකක් ගැන ලියලම මේ අවුරුද්ද ඉවර කරන්න. ගනන් ගන්න එපා කට කට ගාල ගැහෙන අත පය ගල් වෙන හීතලක ඉන්න ගමං තමා මේ ටයිප් කරන්නේ ඉතිං පොඩි පොඩි අවුල් එහෙං මෙහෙං වෙන්න පුලුවන් ඒක හින්දා කලිංම සමාව භාජනය කරනවා ඒකට. ඕං ඉතිං හා හා පුරා කියලා මම මේ අවුරුද්දේ ජීවිතේ පලවෙනි වතාවට ආස් යාන්තරාවක නැගලා දුරු රටකට කියලා අසල්වැසි ඉන්දියාවට ගියා මගේ පොඩි වැඩක් කරගන්න කියලා ආතල් එකටත් එක්ක. හැමදාම ලංකාවෙ ඉන්නත් බෑනේ, මේ දූපතෙං ගිහිං රටේ ලෝකෙ ඇවිදලා අනිත් රටවලුත් බලලා කරලා එන්න ඕනෙ කියලා හිතලා ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවෙ කියලා ඉන්දියාවේ දිල්ලියට සැපත් උනා මම පහුගිය දෙසැම්බර් දහනව වෙනිදා දෙයියනේ කියලා. මම ආපු එයාර් ඉන්දියා ආස් යන්තරාවේ ඉස්ටුවර්ඩස් නෝනා අර ටැලිපෝං මෙව්වා එකෙන් කිව්වා ආප් ලෝග් දිල්ලි ඉන්දිරා ගාන්ධි මෙව්වා එකට ස්වාගත් හේ කියලා. ඉතිං තව කිව්වා උස්නත්වේ 10 සෙල්සියස් අංශක කියලත්. මාර චිල් ඉතිං, අයි මින් ලිටරලි, ගෙදර අයිස් පෙට්ටියට ඔලුව ඔබං ඉදියා වගේ. ඉතිං මාත් ඉතිං මෙලෝ දෙයක් දන්නේ නෑ නේ ඔන්න ඔහේ අනිත් ඈයෝ කරන කියන විදිහටම ඉස්සරාට ගියා. යනව යනවා දෙයියනේ එහෙම යෑමක් මම පිටකොටුවෙ වත් ගිහිං නෑ. කොච්චර ගියත් ඉවරයක් වෙන්නේ නෑ අර ඉබේ ඉස්සරහට යන ගැජමැටික් එකට නැගලා ඔහේ ඉස්සරා බලං ඉන්න තියෙන්නේ ඒක ඉවරවෙනකොට හිංදියෙන් කවුද ගෑල්ලමයෙක් අයියේ ඔන්න ඕක ඉවරයි දැං පය පරෙස්සමිං ද කොහෙද වෙන්න ඇති එහෙම කියනවා, මාත් ඉතිං ඒකෙං බැහැලා ඉතිං ගියා ඉමිග්‍රේශන් කවුන්ටරේට. එතනත් මරු මරු ආතල්. මම දැං ඒ මනුස්සයා අහන ප්‍රශ්න වලට උත්තර හිත හිත ඉන්නවා. එතනදි නං ඉතිං මොකුත් ඉසූ එකක් උනේ නෑ ඔහේ මගේ නම අහලා සීල් එක ගහලා වෙල්කම් ද කොහෙද කිව්වා මට තේරුනේ නෑ අයි මීන් මට හරියට ඇහුනේ නෑ කං අගුල් වැටිලා හින්දා. මගේ නම නෙවේද මන්දා මගෙන් අහලා තියෙන්නේ, මම නම කිව්වට :D. ඔන්න ඕක අස්සේ අපේ ලංකාවෙ තව අයියා කෙනෙක් එහා පැත්තේ කවුන්ටරේ ඉන්නවා, ඒකෙ බුවා බීජා බීජා කිය කිය කෑගහනවා, අර අයියත් පුල් හොල්මන් පොල් මැල්ලුම් වෙලා අපි දිහා බලං ඉන්නවා. අපිත් පුල් හොල්මං වෙලා ඒ අයියා දිහා බලං ඉන්නවා. බැලිංනං ඒ ඉමිග්‍රේශන් ඔපිසර අහලා තියෙන්නේ වීසා එකට පාස්පෝට් එකේ පිටුව පෙරලන්න කියලා. අර බීජා බීජා කියන්නේ වීසා කියලා මොන දෙයියද හත්තිලව්වේ දන්නේ. එතන පෝලිමේ ඉඳපු අනිත් ලංකාවෙ උන්ටත් මැරෙන්නම හිනා ඒ සීන් එකට. හරි ඉතිං ඊට පස්සේ මට කරන්න තිබ්බේ මගේ ලගේජ් එක අරගන්න. ඒක තියෙන්නෙ දහවෙනි බෙල්ට් එකේ කියලා මට ලාවට මතකයි අර ප්ලේන් එකේ ඉස්ටුවර්ඩ් නෝනා කියපු හින්දා. දැං ගියා ඒක ගන්න. හත්තික්කේ අර මගේ ලගේජ් එක ලස්සනට තියෙනව ඒ බෙල්ට් එකෙන් බිම, පැත්තක. හරිම සංතෝසයි වගේම හරිම පුදුමයි. එතන ලගේජ් බර ගානක් තියෙනවා. ඕනෙ කෙනෙක්ට ඕනෙ ලගේජ් එකක් අරං යන්න පුලුවන් (ඒක මට පස්සේ මීටර් උනේ :P) මම ඉතිං තිස්තුං කෝටියක් දෙවිදේවතාවුන්ට පිං දීලා මගේ ලගේජ් එකත් අරං එලියට ආවා. ඒ අතරමග කල්පනා කලේ දෙයියනේ ඕනෙ කෙනෙක්ට ඕනෙ ලගේජ් එකක් අරං එලියට එන්න පුලුවන්නේ කවුරුවත් බලන්නේ නෑ නේ කියලා. මාර ඔනර් සිස්ටම් එකක් එතන තියෙන්නේ බලං ගියාම. තමන්ගේ බෑග් එක අරන් කට්ටිය එලියට යනවා, මිනිස්සුන්ගේ අවංක කම උපරිමයි බලං ගියාම මේ ඉන්ස්ටන්ස් එකේ දී. පට්ටම ආඩම්බරයි මනුස්සයෙක් වසයෙන් මේ අවස්ථාවේදී. කොහොමිං කොහොමහරි මම ඉතිං මම නවාතැන් ගන්න ස්ථාන​යට ආවා ඌබර් එකක් දාලා. මේ වෙලාවේ විසේසයෙන් මතක් කරන්න ඕනේ මට ඉන්දියාවට ඇවිත් ස'වයිව් වෙන විදිහ කියලා දුන්න මගේ මිත්‍ර අයියා කෙනෙක්​ව. එයා කියපු විදිහට​ම ලංකාවේදීම බැංකු වලට කතා කරලා කාඩ් හදාගෙන ඉන්දියාවෙ ගියේ ඌබර් එකට කාඩ් එකෙං ගෙවෙන විදිහට. ඉතිං කිසි අවුලක් නෑ. ඔන්න ඉතිං ඌබර් එකේ යද්දි වට පිට බල බල යද්දි දැක්කේ බය හිතෙන දර්ශනයක්. කැලෑ වගේ තියෙනවා දෙපැත්තේ ඒවායේ කලුවට යක්කු බූතයෝ වගේ වලාකුලු තියෙනවා මොනාද මන්දා. මම හිතුවේ නිදිමත හින්දා පේන ම්නෝභ්‍රාන්තීන් ද ව​ත් කියලා, බැලින්නම් ඒ වායු දූසනය වෙලා. හපොයි දෙයියනේ කවදා කාපු ටකරංද මේ කියලා කිව්වලු. එයා කොලිටි ඉන්ඩෙක්ස් එකේ රේටිං වලට අනුව මෙලාකට මම මැරිලා (දෙයියන්ගේ පිහිටෙං මාස්ක් එකක් දාගෙන ඉදිය හින්දා අවුලක් ගියේ නෑ මං හිතන්නේ). කොහොමිං කොහොමහරි මම ආවා අර මගේ නවාතැන්පොලට. සුපිරි සොදුරු නවාතැනක් ඒක. ඒක ගැන සම්පූර්ණ විස්තරයක් මම පසුවට කියන්නං ඒක ගැන කියන්න ගියොත් කතාව අන්නෙසෙසරිලි දිග්ගැස්සෙන හින්දා. ඉතිං මම දැං ඉන්නේ සෙන්ට්‍රල් දිල්ලි නේ. මම ඉතිං ගියා වට පිට බලන්න. බලන්න බලන්න මාරම ලස්සනයි අප්පා /s. ආයේ කියලා වැඩක් නෑ තනිකරම ලංකාවම තමා පොඩි පරහක් ඇරෙන්න. මම ගියා දිල්ලි රේල්වේ ඉස්ටේසන් එක පැත්තට එහෙ තමා මේන් බසාර් කියන පැත්ත තියෙන්නේ. තනිකරම පිටකොටුවේ මේන් ස්ට්‍රීට් ම තමා කපාපු පලුව මේක. පුදුමේ කියන්නේ හත්දෙයියනේ මෙහේ තියෙනවා අභය සිංහල ටෙක්ස් කියල සිංහල පුලුවන් හින්දි රෙදි කඩයක් සුපිරි බුවාල ටිකක් ඉන්නේ. අපි මොන සෙල්ලම් දැම්මත් මේ මේන් ස්ට්‍රීට් එකේ උං දන්නවා අපි ලංකාවෙ කියලා. අපි හින්දියෙන් කතා කලාම එවුන්දැලා අපිත් එක්ක සිංහලෙං කතා කරන්නේ. රෙදි ඉල්ලේ ඉතිං අන්තිමට. ![](/files/VJlXpzkMnAC1h0QHK8wc) ඒ මේන් බසාර් පැත්තට යන්නේ නැතුව අනික් පැත්තට ගියාම තමා [කොනෝට් ප්ලේස්](https://en.wikipedia.org/wiki/Connaught_Place,_New_Delhi) තියෙන්නේ. අනේ අම්මපා කොනෝට් ප්ලේස් කියන්නේ ත​නිකරම වන් ගෝල් පේස් ම තමා. පොඩි වෙනසයි තියෙන්නේ. පොඩි වෙනස ඔ​යා දැනටමත් දන්නවා ඒක මම මෙතන කියලා මේ බ්ලොග් එක බත් කන ගමන් කියවන මගේ මිත්‍රයන්ව අපහසුතාවයට පත් කරන්න යන්නේ නෑ. හරි ඉතිං ඒක අතෑරලා දාමු කෝ. ඕ​ං ඉතිං කොනෝට් ප්ලේස් එ​කේ කඩනං තියෙනවා දෙයියනේ කියලා එක දවසට එක කෑමක් කෑවත් අවුරුද්දක් විතර කන්න තරං කෑම ජාති මෙහේ තියෙනවා. මාත් මේ එක එක දවසට එක එක කෑම ජාති කන ගමං ඉන්නේ. ![](/files/WwGUumQMS8N1REzHuXkn) කොහොමිං කොහොම හරි කතාවේ අවසානයටත් ආ​වා. ඉතිං මේ ලස්සන දිල්ලි​යේ ලස්සන බලන්න නං ​රෑ වෙලා පොඩ්ඩක් කොනෝට් ප්ලේස් එහෙම යන්න ඕනෙ. අම්ම්පා කියන්නේ ලයිට් දාලා මාර ලස්සනයි. මේ ඔක්කොම අස්සේ මම දිල්ලියේ ලස්සන කෙල්ලන් ගැන කිව්වේ නැත්තං අයි වුඩ් ​බී රෙමිස්.

> පෙම්වතුන්ගේ උරහිසේ එල්ලී ය​න මුඛවාඩම් ​ලා ගත් දිල්ලියේ කෙල්ලන්ගේ ඇස් කොනෙන් බලන බැල්ම දෙවැනි වන්නේ, තැන තැන එල්ලී සිටින මෝදීතුමා ගේ බැල්මටම​ය...

ඕං එහෙනං මගේ කතාව අවසානයි. දිල්ලියේ තව රස කතා බොහොමයක් තියෙනවා ඉතිං ඒවා පස්සේ දවසක කියන්නංකෝ. මේකේ ටයිටල් එකේ තියෙන්නේ පොඩි මූවී පන් එකක්. [දිල්වාලේ දුල්හානියා ලේ ජයේන්ගේ](https://www.imdb.com/title/tt0112870/) කියන්​නේ ඔයා හොඳටම දන්න හින්දි චිත්‍රපටයක් නේ. ඒක පොඩ්ඩක් වෙනස් කලා දිල්ලි වාලේ කියලා. දිල්වාලේ කියන්නේ ලොකු හදවතක් තියෙන මිනිස්සුන්ට. එතකොට දිල්ලි වාලේ කියන්නේ දිල්ලියේ ජීවත් වෙන මිනිස්සුන්ට. හැබැයි මම එක දෙයක් ඉගෙන ගත්තා, දිල්ලිය​ට අපි හැමෝම ටුවරිස්ට් ලා. දිල්ලිය අපි හැමෝටම එකම විදිහට සලකන්නේ, සීතල දාට සීතලත් රස්නේ දාට රස්නෙත්. ඉතිං කෝමිං කෝම හරි මගේ මේ බ්ලොග් එක ජීවත් වෙන්න කට්ටක් කන හැම දිල්ලිවාලේ කෙනෙක්ටම උපහාරයක්ම වේවා. වෙනසකටත් එක්​ක ම​ට මේ කතා​වේ අවසානයට පොඩ්ඩක් ආතල් එකටත් එක්ක මීමරයකින්ම අහව​ර කරන්න හිතුනා. ![](/files/sTB29AYxwL4WUTSD3572) එහෙනම් ඔන්න මයෙ කතාව අවසාන​යි. කලින් ලියපු මගේ කතා කියෝලා නැත්නම් ඒවත් කියවන්න. මගේ කතාව මරු, ආත​ල් කියලා හිතෙනවා නම් පොඩි ශෙයා පාරකුත් දාන්න. එහෙනම් ඉතින් ආපහු මේ වගේ විකාර කතාවකින් හමු වෙනකං, Stay Weird…


# වත්තට යන්න එපා කිව්වේ කවුද?

<figure><img src="/files/CEyinvJFjAVUZpLL9R3M" alt=""><figcaption></figcaption></figure>

April 14, 2021

ඕන්න එහෙනම් සුබම සුබ අවුරුද්දක් කියලා කියන ගමන් මේ අලුත් අවුරුද්දේ අලුත් කතාවක් කියන්නයි මේ යන්නේ. ජිවිතේ එක්තරා කඩඉමක් දෙයියනේ කියලා ඉවර උනා පහුගිය දා. දැන් මාත් ඉතින් ඩිග්‍රී එකක් ඉවර කරපු පොරක් තමා 😎. හරි ඉතින් ඒවායින් වැඩක් නෑ. කෙලින්ම බහින්නම්කෝ කතාවට. මම මේ කියන්න යන්නේ අපිට වත්තට යන්න එපා කිව්වේ කවුද කියලා. හැබැයි ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමා මේ කතාව ටිකක් කොන්ට්‍රවර්ෂල් කතාවක්. අරයා මෙයා ටිපර් වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඉතින් කියන්නම එපැයි. ඇත්ත කියන්නයි බිම වාඩිවෙන්නයි බයවෙන්න එපා කියලා කවුද කියලා තියෙනවානේ.

මෙන්න මෙහෙමයි සීන් එක. මම ඕ ලෙවෙල් කාලේ ඉගෙන ගත්තේ ඉන්ග්ලිෂ් ලිට්. ඉගෙන ගත්ත කිව්වට පන්ති කට් කල එක තමා කලේ. හෙනම බෝරින්ග් සබ්ජෙක්ට් එකක් තමා ඒක. අනේ මන්දා මගේ කරුමෙද රටේ කරුමෙද කියන්නේ මට නම් ඇඟට දැනෙන්න ලිට් කව්රුවත් ඉගැන්නුවේ නෑ. ගියපු ලිට් පන්තිත් හෙනම බෝරින්ග්. යන්න කම්මැලි හින්දා පන්ති කට් කරපු වාර ගණන අනන්තයි. ඉතින් කොහෙන් කොහොම හරි විභාගෙටත් ගියා. දෙයියන්ගේ පිහිටෙන් ෆේල් උනේ නම් නෑ. C එකක් තමා ආවේ ඉතින්. දැන් ඔයා බලනවා ඇති මොන මගුලට ද මේ මනුස්සයා මේක මට කියන්නේ කියලා. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. මම පොඩි කාලෙ හරියට ලිට් ඉගෙන ගත්තේ නෑ. ඒත් ටික ටික ලොකු වෙද්දී ජීවිතේ එක්ක ලිට් කියන එකත් ඉගෙන ගත්ත හැටි ඔයාට පැහැදිලි කරන්න මගේ බැක් ස්ටෝරි එක කියන්නම එපැයි.

දැන් අපි පොඩි කාලේ ඉගෙන ගත්තනේ ලිට්. ඒත්  ඒ ඉගෙන ගත්තේ හරිම ලිට් ද කියන එක මට දැන් ලොකු සැකයක් තියෙනවා. මොකද ලිට් කියලා අපිට ඉගැන්නුවේ එක එක බර ඉංග්‍රීසි වචන ටිකක් නේ. හැබැයි ඇත්තටම සාහිත්‍යය කියන්නේ මොකක්ද කියලා කව්රුවත් කියලා දුන්නේ නෑ. මට කව්රුවත් කියලා දුන්නේ නෑ නොබෙල් සම්මානලාබී  හෙමින්ග්වේ ජිවිතේ අවසාන භාගයේ දී ඇයි  එහෙම තීරණයක් ගත්තේ කියලා. ඒ කියන්නේ අපිට නොතේරෙන මොකක් හරි මේ සාහිත්‍යයේ හැංගිලා තියෙනවා. තේරෙන සිංහලෙන් කිව්වොත් සාහිත්‍යය කියන්නේ කලාත්මකව ලියලා තියෙන දේවල්. කලාත්මකව ලියලා තියෙන දේවල් කිව්වම ලොකු ප්‍රශ්නයකුත් එනවනේ. මොනාද මේ කලාත්මක දේවල්, මොනාද මේ කලාත්මක නොවන දේවල් කියලා. ඒක ගැන කතා කරන්න නෙවේ මේ මම අද කල්පනා කලේ (මොකද මේක [දාර්ශනික ප්‍රශ්නයක්](https://www.philosophytalk.org/shows/what-art)).

හැම මනුස්සයම ලිට් ඉගෙන ගන්න ඕනේ. අයි මීන් හැම මනුස්සයම. ඇයි මම එහෙම කියන්නේ. සාහිත්‍යය ඉගෙන ගන්නවා කියන්නේ අර බර ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න එකවත්, පොයම් වල පද කට පාඩම් කරන එකවත් නෙවේ. මිනිස්සු මතු පිටින් කියන දේ නෙවේ අදහස් කරන්නේ කියන එක තේරුම්ගන්න එක තමා සාහිත්‍යය ඉගෙන ගන්නවා කියන්නේ. ඒක ඉතින් ලේසි පහසු දෙයක් නෙවේ. මිනිස්සු අපිට මුනට කියන එක නෙවේ ඒගොල්ලෝ අදහස් කරන්නේ. සිංහලෙන් මේකට කියන්නේ සාකසැම් කියලා 😂.  අපිට ඉතින් ලෝකේ ජීවත් වෙන්න නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ හැකියාවක් තමා මේ මිනිසුන් කියවීමේ හැකියාව. ඉස්සර මිනිස්සු කියනවා ගොනා හැරෙද්දී කියන්න පුළුවන්ලු මේ යන්නේ පොල් පැලේ කන්නද නැත්තම් මදු පැලේ කන්නද කියලා. මේකත් ලොකු මාකටබල් ස්කිල් එකක් ජීවිතේට. සාහිත්‍යය දන්නේ නැති අයට වෙන දෙයක් කියන්නද, ලොකු දෙයක් වෙන්නේ නෑ, ගොනාට අන්දන්න ලේසිලු. මං මේ කතාව දැක්කේ අපේ ලිට් පන්තියේ බෝඩ් එකක ගහලා තිබ්බා,

> If you know literature, no one can easily fool you...

වගේ කතාවක් (හරියටම මතක නෑ ඉතිං ගොඩක් කාලෙකට කලින්නේ ඕක මම දැක්කේ 😁).

හරි ඉතින් ඒකත් කමක් නෑ කියමුකෝ. දැන් එන්නම් මම කෙලින්ම කවරයේ කතාවට. ඒ තමා විලියම් බ්ලේක් ගේ, The Garden of Love පොයම් එක. මේක මරුම පොයම් එකක්. අපිට ඕ ලෙවෙල් කාලේ ලිට් වලටත් කළා. හැබැයි මේකේ සිරා තේරුම කියලා දුන්නේ නෑ කව්රුවත් හරියටම. මේ පොයම් එකේ බ්ලේක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න මම පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවා. මරු කතාවක් බ්ලේක් කියන්නේ. එයා කියන්නේ (ටිපර් වෝර්නින්ග්) ආගම් විසින් මිනිසුන්ගේ නිදහස සීමා කරලා කියලා. කළු ලෝගු ඇඳගත්ත පුජකවරු ටිකක් ගාඩන් ඔෆ් ලව් (මෙහිදී ගාඩන් ඔෆ් ලව් ලෙසින් අදහස් කරන්නේ ලොකු තීම් එකක්, සමහරුන් කියනවා මේ 🔞 කියලා.) වහලා දාල ඒකෙ රැකවලුන් ලෙසින් ඉන්නවා කියලා බ්ලේක් කියන්නේ. අනේ මන්දා මේ කතාව ඇත්තද මන්ද. කොයි ආගම ගැනද මේ බ්ලේක් කියන්නේ කියලා මම දන්නේ නෑ. අම්මෝ ගෙස් කරන්නවත් මම යන්නේ නෑ. හැබැයි පොතක් පතක් කියවන මනුස්සයෙක් හැටියට ඔයාට තේරෙනවා ඇති අරකේ මේකේ කියලත් ලොකු වෙනසක් නැති විත්තිය. දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි, බ්ලේක් මේ කවිය ලියන්නේ 1794 දී. දෙයියනේ මේ කතාව අදටත් වලංගුයිනේ 😮. මිනිස්සුන්ගේ හිතීමේ නිදහස, කතා කිරීමේ නිදහස වගේ එකී මෙකි නොකී නිදහස් බර ගානක් යටපත් කරනවා කියලා තමා මේ බ්ලේක් කියන්නේ. අදටත් ඒක එහෙමම වෙනවද කියලා ඔයාම හිතලා බලන්න.

ඔන්න ඉතින් අදට කතාව ඉවරයි. මම ඉතින් අද ලොකු දෙයක් කිව්වේ නෑ. කිව්වේ මෙච්චරයි. නිකන් ඉන්න වෙලාවට පොතක්, කවියක් කියවලා බලන්න. බැරිමනම් සබ්ටයිටල් එකක් වත් කියවන්න. අරයා මෙයා කියන දේවල් නෙවේ, තනියම හිතලා බලන්න. පොඩි කාලේ ටීචර් කියපු කතාව අද කාලෙට ගැලපෙනවද කියලා හිතලා බලන්න. මම නම් කියන්නේ මට ඕලෙවෙල් කාලේ කෙල උනේ මම හරියට ලිට් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තේ නැති හින්දා. දැන් නම් දෙයියනේ කියලා තේරෙනවා ඇයි එහෙම සබ්ජෙක්ට් එකක් අපිට තියෙන්නේ සහ ඇයි ඒක අපි ඉගෙන ගන්න ඕනේ කියලා (හැබැයි දැන් ලිට් පේපරේට ලිව්වොත් එකෙම්ම ෆේල්). එහෙනම් ඉතින් මගේ කතාව ඉවරයි. මගේ මේ කතාවට එකඟ නම් එකත් කොමෙන්ටුවක දාලා යන්න. විරුද්ධ නම්, ඒකත් දාලා යන්න. මම ඕනේ කොමෙන්ටුවක් එක ලෙස බාර ගන්නවා. කිසිදු ආගමකට අපහාසයක් කිරීමේ කිසිදු අදහසකුත් මට නැති බව මේ මොහොතේ කියන්න ඕනේ 🙏. මම ඉතින් මේ කිව්වේ බ්ලේක් පොයම් එකක ලියලා තියෙන දේ. අපිට මේවා ගැන පොඩිකාලේ කියලා දෙන්න නැතුව ඇත්තේ අපි පොඩි හින්දා වෙන්න ඇති. එහෙනම් ඔන්න මම ගියා. කලින් ලියපු මගේ කතා කියෝලා නැත්නම් ඒවත් කියවන්න. මගේ කතාව හොඳයි, සැපයි කියලා හිතෙනවා නම් පොඩි ශෙයා පාරකුත් දාන්න. එහෙනම් ඉතින් ආපහු මේ වගේ විකාර කතාවකින් හමු වෙනකං, Stay Weird…


# මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමද?

<figure><img src="/files/y89pAgskZqq5yFcUwd5e" alt=""><figcaption></figcaption></figure>

December 4, 2020

බොහෝම කාලෙකට පස්සේ තමා මේ මොනාහරි ලියන්න වෙලාවක් සෙට් උනේ. ගෙදරට වෙලා හිටියා කියලා නිකන් ඉන්නත් බෑනේ. මොනාහරි කරන්නත් ඕනෙනේ. ඉතිං මේ බොහෝ වැඩ අස්සේ මොනාහරි විකාරයක් ගැන කතා කරන්න ඕනේ කියලා හිතුනා. වෙනදා වගේ වැල් බයිලා වට වන්දනා යන්නේ නැතුව කෙලින්ම කතාවට බහින්නම්කො (වෙනසකටත් එක්ක).

ඔයා නිතරම අහලා ඇති මෙහෙම කතාවක්, "තමන් වෙනුවෙන් ජීවත් වෙන්න එපා. අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න". මීට කලින් අහලා නැත්නම් ගූගල් කරලා බලන්න 😂.  අපිට පොඩි කාලේ ඉඳලා කියල දෙනවා හැමතිස්සෙම අනිත් අය ගැන හිතන්න, තමන් ගැන හිතන්න එපා, ආත්මාර්ථකාමී වෙන්න එපා හැමතිස්සෙම පරාර්ථකාමී වෙන්න කියලා. තවත් කියලා දෙනවා ආත්මාර්ථකාමී මිනිස්සු නරකයි, පරාර්ථකාමී මිනිස්සු හරිම හොඳයි, බ්ලා, බ්ලා, බ්ලා. ඉතින් පොඩි කාලේ ඉඳන් අපේ ඔලුවේ තියෙන්නේ මේක. අර ත්‍රිවිල් පිටිපස්සේ ලියලත් තියෙන්නේ "අපි බොක්කෙන් - අපිට බෙලෙක්කෙන්!" කියලා. බොරු කියන්න ඕනේ නෑ ත්‍රිවිල් පිටිපස්සේ  තියෙනවා හොඳ හොඳ වදන්. හරි ඒවායින් වැඩක් නෑ. ඔයාට තේරිලා ඇති (මේ වෙනකොට) අපි කොච්චර හොඳ කලත් අපිටමනෙ මේ කෙලවෙන්නේ කියලා. මම මෙහෙම කිව්වොත්, ඔයා පරාර්ථකාමී නිසා නෙවේ ඔයාට කෙලවෙන්නේ, ඔයා ආත්මාර්ථකාමී මදි හින්දයි ඔයාට කෙලවෙන්නේ කියලා, ඔයා මොකද කියන්නේ? පුදුම වෙන්න දෙයක් නෑ. මේක මගේ කතාවක් නෙවේ. අවුරුදු ගානක් පරණ විවාදයක්. මේක ඇත්තටම කිව්වොත් දාර්ශනික ප්‍රශ්නයක්.

ඔන්න දැන් අපි ආවා හරිම තැනට. මම මේ කියන්න යන්නේ අමුතුම විදිහේ දර්ශනයක් ගැන. අපි හැමෝටම දර්ශනයක් තියෙනවනේ. එත් ගොඩක් අය හරියට දන්නේ නෑ මොකක්ද මේ දර්ශනය ([Philosophy](https://en.wikipedia.org/wiki/Philosophy)) කියන්නේ කියලා. තේරෙන සිංහලෙන් කිව්වොත් දර්ශනය කියන්නේ ජීවිතය, යථාර්තය, සත්‍ය, සදාචාරය, හා දැනුම හොයාගෙන යන අධ්‍යයනයක්. තේරුනේ නෑ නේද? මටත් හරියට තේරුනේ නෑ. මට තේරෙන විදිහට කිව්වොත් දර්ශනය කියන්නේ ආගමේ විරුද්ධ පදය ([Anti-Thesis](https://en.wikipedia.org/wiki/Antithesis)). ආගමේ කතා කරන්නේ නැති ගොඩක් දේවල් දර්ශනයේ කතා වෙනවා. ආගමෙන් තහනම් කරලා තියෙන දේවල් දර්ශනයෙන් කරලා බලනවා. දැන් ලාවට හරි තේරුමක් ආවා නේද? වාසනාවන්. දර්ශනය ගැන කතා කරද්දී එක විස්තර කරන්න පුළුවන් කොටස් හයක් තියෙනවා. පාරභෞතිකවාදය ([Metaphysics](https://en.wikipedia.org/wiki/Metaphysics)), ඥානවිභාගය ([Epistemology](https://en.wikipedia.org/wiki/Epistemology)), තර්කනය ([Logic](https://en.wikipedia.org/wiki/Logic)), ආචාර ධර්ම ([Ethics](https://en.wikipedia.org/wiki/Ethics)), සෞන්දර්යය ([Aesthetics](https://en.wikipedia.org/wiki/Aesthetics)), සහ දේශපාලනය ([Politics](https://en.wikipedia.org/wiki/Politics)). මේ සමහර වචන ඇහුවම ෆුල් හොල්මන් වෙනවා නේද? කරන්න දෙයක් නෑ ඉතිං.  ලෝකේ හැටි තමා ඒ. මේ හැම වචනයක්ම තේරුම් කරලා දෙන්නම් හෙමින් සීරුවේ උදාහරණත් එක්කම.

මම මේ මුලදී කියනවනේ, අපි ආත්මාර්ථකාමී මදි කියලා. ඕක මම කියන කතාවක් නෙවේ කියලත් කිව්වනේ. ඕක මුලින්ම කිව්වේ [අයින් රෑන්ඩ්](https://en.wikipedia.org/wiki/Ayn_Rand) (1905-1982) කියන දාර්ශනිකයා විසින්. මේ අයින් රෑන්ඩ් විසින් ඉදිරිපත් කරපු වාස්තවීකරණවාදය ([Objectivism](https://en.wikipedia.org/wiki/Objectivism)) කියන දාර්ශනික පද්ධතියෙන් තමා මේ ආත්මාර්ථකාමී බවේ තියෙන වැදගත්කම විස්තර වෙන්නේ. අර වචනේ ඇහුවමත් බය හිතෙනවනෙ. ඉන්න හෙමින් සීරුවේ මම කියලා දෙන්නම් මේ ඔබ්ජෙක්ටිවිසම්  කියන දර්ශනය ගැන. ඔබ්ජෙක්ටිවිසම් තුල තියෙන මූලිකම දේ තමා සත්‍යය කියන එක මේ විශ්වයේ හැම තැනම තියෙනවා ඒක මිනිසාගෙන් ස්වායත්තයි කියන එක. ඒ කියන්නේ ඔයාටයි මටයි දෙන්නටම සත්‍ය කියන එක පොදුයි. ඔයා මෙහෙම කතාවක් අහල ඇති.

> Facts don't care about your feelings...

මෙහෙම කිව්වේ ඇමෙරිකානු දක්ෂිණාංශික දේශපාලනික විචාරකයෙකු වෙන [බෙන් ශපිරෝ](https://twitter.com/benshapiro/status/695638866993115136) විසින්. මෙහෙම කියන කතාවේ තේරුමක් තියෙනවා ඔබ්ජෙක්ටිවිසම් දර්ශනයට අනුව. ඔබ්ජෙක්ටිව් සත්‍යයකට හොඳ උදාහරණයක් තමා දෙකයි දෙකයි එකතු කලාම හතරයි කියන එක. ඒක ඔයාටත් හතරයි. මටත් හතරයි. රටේ ජනාධිපතිටත් හතරයි.  මම දැන් මේ හෙමින් හෙමින් එන්න හදන්නේ අර කලින් කියපු මෙටාෆිසික්ස් ගැන. මම කියලා දෙන්නම් මේ ඔබ්ජෙක්ටිවිසම් කියන දර්ශනයේ හරය කෑලි කෑලි වලට කඩලා. එතකොට දැන් කම්මැලි හිතුනත් පස්සේ හරි ආපහු ඇවිත් කියවලා බලලා තේරුම් ගන්න පුළුවන්නේ 😁.

1. Metaphysics

මෙටාෆිසික්ස් කියන්නේ යතාර්ථය, පැවැත්ම හා ලෝක ස්වභාවය ගැන අධ්‍යයනය කරන එක. හරිම ශෝක් නේ. වෙන වැඩ නැත්නම් හොඳයි කියලා හිතෙනවද. ඇත්තටම අපි සයන්ස් ඉගෙන ගන්නවා කියලා කරන්නේ මේ මෙටාෆිසික්ස් ගැන ඉගෙන ගන්න එක.  එතකොට මේ ඔබ්ජෙක්ටිවිසම් එකට අනුව ඒකෙ මෙටාෆිසික්ස් එකට අයිති වෙන්නේ අර මම කලින් කියපු කතාව. සත්‍යය හා යථාර්තය අපි තුල නෙවේ තියෙන්නේ අපෙන් පිටතයි කියන එක. මමත් ලාවට එකඟ වෙනවා මේ කතාවත් එක්ක. මොකද සත්‍යය ඔයාට හෝ මට වෙන් වෙන් වශයෙන් නම් තියෙන්නේ ඒක පරම සත්‍යය වෙන්න විදිහක් නෑනේ. ඒත් පරම සත්‍යය කියලා දෙයක් ලෝකේ පවතින්න ඕනේ. හරියට තේරෙන්න කිව්වොත් a [theory of everything](https://en.wikipedia.org/wiki/Theory_of_everything). තව දෙයක් තියෙනවා මේ ඔබ්ජෙක්ටිවිසම් එකේ මෙටාෆිසික්ස් වල. ඒ තමයි සර්වබලධාරී දෙවි කෙනෙක් නෑ කියන එක. ඒ කියන්නේ මිනිසාව පාලනය කරන්නේ මිනිසාගේ ස්වයං චින්තනය ([Free Will](https://en.wikipedia.org/wiki/Free_will)) මතින් පමණයි කියන එක. ඒ කියන්නේ අපිට "අනේ ඒක ඉතිං දෙය්යන්ගේ කැමැත්තනේ" (එහෙමත් නැත්නම් "අය්යෝ කරුමේ තමා") කියලා ශේප් වෙන්න විදිහක් නෑ. මතක තියාගන්න ඕනේ ලොකු දෙයක් තියෙනවා, ඒක තමා, කොච්චර පොඩියි කියලා හිතුනත් අපි ගන්න තීරණ වල විශාල ගැඹුරක් තියෙනවා කියන එක.

2. Epistemology

එපිස්ටේමොලොජි කියන්නේ වෙනම සීන් එකක්. ඒකෙන් කතා කරන්නේ දැනුම ගැන. දැන් බලන්න අපි හැමදේම දන්නවනේ 😂. දර්ශනයේදී කියන දෙයක් තම අපි මෙලෝ දෙයක් දන්නේ නෑ කියන එක. අපි ඉස්කෝලෙදි ඉගෙන ගන්නවා, ඊට පස්සේ කැම්පස් ඇවිත් ඉගෙන ගන්නවා, සමහරු පීඑච්ඩී කරන්න යනවා, සමහරු රස්සාවල් කරන්න යනවා. එත් අපි ඒ ඒ තැන් වලදී ඉගෙන ගන්නවා කියලා කරේ දැනුම එකතු කරන එකද නැත්නම් වෙන මොකක් හරිද? අන්න ඒකත් දාර්ශනික ප්‍රශ්නයක්. මේක Education vs. Knowledge කියන ගැටලුව. මේක ගැන කතා කරන්න ගියොත් මේ කතාව ඉවරයක් වෙන එකක් නෑ. ඒක හින්දා ඒක අපි පස්සට දාමු. අපි මේ එපිස්ටේමොලොජි එකෙන් බලාපොරොත්තු වෙන්නේ දැනුම කියන්නේ මොකක්ද, දැනුම අපි ලබා ගන්නේ කොහොමද, සහ ඇත්තටම දැනුම කියල දෙයක් තියෙනවද කියලා අධ්‍යයනය කරන එක. එතකොට මේ ඔබ්ජෙක්ටිවිසම් එකට අනුව, මිනිසා විසින් ලබා ගන්නා ලද සියලුම දැනුම ලබාගෙන තියෙන්නේ තර්ක කිරීම ([Reason](https://en.wikipedia.org/wiki/Reason)) තුලින්. අපි ඇසෙන් දකිනවා, කනෙන් අහනවා, දිවෙන් රස බලනවා, සමෙන් ස්පර්ශ කරලා බලනවා. මේ හැම දෙයක්ම ඓන්ද්‍රිය විභාවනය හෙවත් (Sensory [Perception](https://en.wikipedia.org/wiki/Perception)) කියන එක. ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි ඇසෙන් දකින දේ ඇත්තද, කනෙන් අහන දේ ඇත්තද කියන එක. ඔබ්ජෙක්ටිවිසම් එකට අනුව, අපිට දැනෙන දේවල් අපි තර්ක කරලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට හිතලා බලලා තේරුම් ගන්න ඕනේ. ඔයා හොඳ ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක් නම්, කිතුල් ගහ යට ඉඳන් උනත් මනුස්සයෙක්ට කිරි බොන්න පුළුවන් කියන එක විස්වාස කරන්න ඕනේ. මම ඔලුව කොලොප්පන් වෙන දෙයක් කියන්නද. අපි හැදිලා ඉන්නේ පරමාණු වලින් නේ. දැන් මේසයක් මතක් කරගන්නකෝ. ඒ මේසේ හැදිලා තියෙන්නේ ලී වලින්නේ. මේ ලී උනත් හැදිලා තියෙන්නේ පරමාණු වලින්. දැන් පොඩි සයන්ස් කතාවක් කියන්නම්. පරමාණු සහ පරමාණු ඇතිල්ලෙන්නේ නෑ.  ඇතිල්ලෙන්නේ නෑ කියන්නේ ඇතිල්ලෙන්න විදිහක් නෑ මොකද පරමාණු කියන්නේ අපි දකින බෝල වගේ දෙයක් නෙවෙන හින්දා. එහෙනම් මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමා, අපි අපේ අතින් මේසේ මතුපිට අතගාන්න පුළුවන්නේ. අපිට මේසේ මතුපිට හරිම සිනිදුයි කියලා දැනෙනවා. එක්කෝ ඒක හරිම රළුයි කියලා දැනෙනවා. ඒත් පරමාණු පරමාණු එකිනෙක ඇතිල්ලෙන්නේ නෑ. එහෙනම් මේ දැනෙන දේ අපිට දැනෙන්නේ කොහොමද? එහෙනම් මේ දැනෙන දේ ඇත්තද? නැත්නම් මේ දැනෙන දේ මායාවක් ද? ඔයාම හිතලා බලන්න.&#x20;

3. Logic

මේක නම් ඉතින් බොහොම සරල දෙයක්නේ. ලොජික් කියන්නේ මැජික් එකේ අනිත් පැත්ත. ලොජික් හෙවත් තර්කනය තමා මිනිසා අනෙක් සතුන්ගෙන් වෙන් කරලා තියන්නේ. අපි යමක් කරන්න කලින් හිතින් හිතලා බලනවා ඒක හොඳයි ද නැත්නම් නරක ද කියලා. අපි තීරණයක් ගන්න කලින් ඒකෙ Pros and Cons ගැන හිතලා බලනවා. මේ ඔක්කොම කරන්නේ ලොජික් පාවිච්චි කරලා. එතකොට මේ ඔබ්ජෙක්ටිවිසම් තුල Logic  සහ Reasoning වලට ලොකු තැනක් දීලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ඔබ්ජෙක්ටිවිසම් වලට අනුව, අපිට දැනෙන දේ අපි දැනුම බවට පත් කරගන්නේ තර්කනය තුලින්. මේසේ අතගෑවම අපිට දැනෙන්නේ අතටද නැත්නම් හිතටද කියලා ඔයාම හිතලා බලන්න.

4. Ethics

මෙන්න හොඳම කොටස. එතික්ස් හෙවත් සදාචාරය කියන්නේ මිනිසාව පාලනය කරන දෙයක්. අපි ගන්න තීරණ බොහොමයක් අපි ගන්නේ සදාචාරයට අනුකුලව. අපි අර කියන්නේ සංස්කෘතිකයි, සදාචාරාත්මකයි, සහ පක්ෂයි කියලා. අන්න ඒක තමා. මේ එතික්ස් තමා හොඳ-නරක සහ හරි-වැරැද්ද තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේකෙදි තමා මගේ මුල්ම කතාව අදාල වෙන්නේ. අපි ආත්මාර්ථකාමී වෙන එක සදාචාරාත්මකද කියන ප්‍රශ්නේ හැමෝගෙම හිතේ මතුවෙන්න ඇති මගේ කතාව කියවන් එද්දී. පොතේ හැටියට ආත්මාර්ථකාමී කියන එක නරක දෙයක් කියලා තමා අපි දන්නේ. ඒත් අපෙන් ලොකු ඇත්තක් හංගලා තියෙනවා මේ පොතේ. ඒ තමා ඇත්තම ආත්මාර්ථකාමීත්වය මේ අපි හිතන් ඉන්න එක නෙවේ කියන එක. ආත්මාර්ථකාමී කිව්ව ගමන් අපේ  හිතට එන්නේ තණ්හාවෙන් පිරිච්ච උඩඟු මනුස්සයෙක්ව. ඒත් මේ අපේ හිතේ ඇඳෙන චිත්‍රය සම්පුර්ණයෙන්ම වැරදි චිත්‍රයක්. හරිම චිත්‍රය මම කියන්නම්. ඔබ්ජෙක්ටිවිසම් වලට අනුව ආත්මාර්ථකාමී කෙනෙක් කියන්නේ,&#x20;

1. තර්කය හඹායන, ඇදහිල්ල සහ විස්වාසයන් බැහැර කරන කෙනෙක්.
2. මහන්සි වී වැඩ කරන, ජිවිතය ඵලදායී ලෙස ගත කරන කෙනෙක්.
3. තමාගේ වටිනාකම තේරුම් අරගත්ත සහ තමාගේ වටිනාකම දියුණු කරගන්න කෙනෙක්.
4. තමාගේ සතුට සොයාගෙන යෑම ජීවිතේ ලොකුම ඉලක්කය ලෙස සිතා වැඩ කරන කෙනෙක්.
5. අනෙක් පුද්ගලයින් සමග කටයුතු කරන විට ඔවුන්ගේ වටිනාකම වටහාගෙන කටයුතු කරන කෙනෙක්.

මේ කතා ටික දැක්කම පේනවනේ ආත්මාර්ථකාමී කෙනෙක් කියන කෙනා ගොඩක් නරක කෙනෙක් නෙවේ කියලා. ඇත්තටම බැලුවොත් මේ ලෝකේ හැමෝම මේ විදිහට ආත්මාර්ථකාමී වුනොත් ලෝකෙම ගොඩ යනෝ කියන එක තමා මේ දර්ශනයෙන් කියන්නේ. ඒක හරිද වැරදිද කියලා හිතලා බලන එක ඔයාගේ වැඩක්. නිකන් ඉන්න වෙලාවක හිතලා බලන්න. අර ඇඳේ පෙරලි පෙරලි ඉන්නේ අරයා මෙයා ගැන හිත හිත, අන්න ඒ වෙලාවක හිතලා බලන්න මේ සීන් එක ගැන.

5. Aesthetics

මේ ඊස්තෙටික්ස් කියන එක ඔයා අනිවාර්යෙන්ම අහලා ඇති. අර අපි සාමාන්‍ය පෙලට / උසස් පෙලට කරන්නේ කලාව කියලා. අන්න එකම තමා. දර්ශනයේදී කරන්නේ අපි කලාව කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා අධ්‍යයනය කරන එක. යමක් කලාවක් වෙන්නේ කොහොමද එහෙමත් නැත්නම් විකාරයක් වෙන්නේ කොහොමද කියලා තෝරන එක තමා  දර්ශනයේ කාර්යභාරය. දැන් නම් ඉතින් අපිට පේන කලාවන්, විකලාවන් කියලා හිතෙනවත් ඇති. බොරු කියන්න ඕනේ නෑ එහෙම හිතෙන එකත් හොඳ මනසක් තියෙන එකේ ලක්ෂණයක් (මෙහිදී බටහිර කලාව තමා සුපිරි, අපේ එව්වා විකාර කියන අදහස අපිට බැහැර කරන්න වෙනවා මොකද ඒක කිසිම තර්කනයකින් ඔප්පු කරන්න බැරි හින්දා). ඔබ්ජෙක්ටිවිසම්  එකට අනුව කලාව කියන්නේ යථාර්තය ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒ කියන්නේ කලා කරුවාගේ මනසේ යථාර්තය ගැන තියෙන ප්‍රතිරූපය අපිට පෙන්වා දීමක්. දැන් පේනවනේ බටහිර කලාවයි අපේ කලාවයි සංසන්දනය කරලා බලන්න බැරි ඇයි කියලා. බටහිර මිනිස්සු හිතන විදිහ වෙනස්. අපි හිතන විදිහ වෙනස්. ඉතින් සංසන්දනය කරන එකේ තේරුමක් නෑ. බොරුනම් ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න.

6. Politics

මෙන්න මම ආසම මාතෘකාව. දේශපාලනය කියන්නේ ගොඩක් අය ආස නැති මාතෘකාවක් නේ. අපි මොනා කිව්වත් ඇරිස්ටෝටල් කියලා තියෙනවා මිනිසා කියන්නේ දේශපාලනික සත්වයෙක් කියලා. දර්ශනයේ දේශපාලනයට විශාල තැනක් දීල තියෙනවා මොකද දේශපාලකයන්ට කිසිම දර්ශනයක් නැති හින්දා 😂.  දර්ශනයේ දී දේශපාලනය කියලා අදහස් කෙරෙන්නේ රජය, රජයේ පැවැත්ම, රජයේ කාර්යභාරය, නිතිය හා යුක්තියේ ස්වභාවය. මේවා ඉතින් අපිත් දැනගත්තට, ඒවා ගැන කතා කලාට පාඩුවක් වෙන්නේ නෑ. අවුල තියෙන්නේ අපි කතා කරන්නේ දේශපාලනය කියලා පක්ෂ දෙක තුනක් ගැන සහ ඒවල ඉන්න පාක්ෂිකයෝ ගැන 🤦‍♂️‍♂️. කොහොමෙන් කොහොම හරි, මේ ඔබ්ජෙක්ටිවිසම් කියන දර්ශනය තුල පිළිගන්න එකම දේශපාලන දර්ශනය තමා ධනවාදය ([Capitalism](https://en.wikipedia.org/wiki/Capitalism)). අම්මෝ ධනවාදය හෙන බයානකයි නේද. ඇහුවත් බය හිතෙනෝ නේද? ඇත්තටම ධනවාදය තමා මේ තාක් දුරට බිඳ වැටුනේ නැති එකම දේශපාලන දර්ශනය. ලෝකේ තිබ්බ ලොකුම සමාජවාදී රජය වෙච්ච සෝවියෙට් රුසියානු සමුහාණ්ඩුවත් 1991දී බිඳ වැටුනයින් පස්සේ දැන් තියෙන රුසියාවත් ධනවාදී රටක් (මං දන්න තරමින්). ඉතින් මේ ධනවාදය ඇයි  මේ නරක දෙයක් කියලා කියන්නේ හැමෝම. අන්න එතැනදී ඕනේ වෙනවා අර මම ආත්මාර්ථකාමිත්වය ගැන කියපු දේ. අපිට පෙන්නලා තියෙන දේ තමා අපි දකින්නේ. ඔයා බඩු ගන්නේ සුපර් මාර්කට් එකකින් නම්, ඒකෙ තියෙන චොකලට් බිස්කට් ජාති වලින් එකක් තෝරාගන්න බැරුව කල්පනා කරනවා නම් ඒ තමා ධනවාදය 😮. එච්චර සරලයි. ධනවාදය කියන එක විස්තර කෙරෙන්නේ, පුද්ගලික නිදහස මත ගොඩනැගුනු ආර්ථික පද්ධතියක් විදිහට. අපිට කැමති භාණ්ඩයක් විකුණන්න සහ නිෂ්පාදනය කරන්න අපිට නිදහස තියෙනවා. රජය මැදිහත් වෙන්න එන්නේ නෑ. වෙළඳපොල තුල භාණ්ඩ හා සේවා මිල තීරණය කෙරෙන්නේ තරඟය තුලින්, නැතුව රජය විසින් නෙවේ. අනිත් එක අපේ වැටුප් තීරණය කරන්නෙත් රජය නෙවේ. අන්න එතැනදී තමා ගොඩක් අය මේ ධනවාදයට විරුද්ද වෙන්නේ. ලොකු ලොකු කම්පැනි මිනිස්සුන්ට හරියට පඩි ගෙවන්නේ නෑ කියන සීන් එක තමා හැමෝගෙම ප්‍රශ්නේ. ඒකට උත්තර දෙන්න මාත් හරියට දන්නේ නෑ. වෙන කතාවකදී ඒක ගැන කතා කරමු. ඔයා හිතලා බලන්න නිකන් ඉන්න වෙලාවක මේ ගැන.

ඕන් එහෙනම් මේ කතාව ඉවරයි. දිගත් වැඩිද මන්ද. හෙමින් සීරුවේ කියවන්  කියවන්  ආපු එකට මගේ බලවත් මෙව්වා එක. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් ඔයාට ලාවට හරි දර්ශනය ගැන අයිඩියා එකක් ඇවිත් ඇති. ඇයි අපි දර්ශනය ඉගෙන ගන්න ඕනේ කියන එකට දෙන්න තියෙන උත්තරේ තමා, අපි හැමතැනම දකිනවා (විශේෂයෙන් බුකියේ) හෙනම දාර්ශනික ටෝක්ස් දෙන මිනිස්සු. අන්න ඒ අය ඇත්තටම [දර්ශනිකයෝද නැත්නම් පිස්සොද](http://liyanarala.blogspot.com/2014/05/blog-post_1494.html) කියලා දැන ගන්න තමා මේ දර්ශනය අපි ඉගෙන ගන්න ඕනේ. අවසාන, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ අයින් රෑන්ඩ් කියන කෙනා ලියපු [ඇට්ලස් ශ්‍රග්ඩ්](https://en.wikipedia.org/wiki/Atlas_Shrugged) කියන පොතේ කියන කතාවක්.&#x20;

> ...තමුන්ගේ රටේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා හිතෙනවා නම්, රටේ පාලකයින් දිහා බලන්න...

මේ කතාව හරිද වැරදිද කියලා කියන්න දන්නේ නෑ. ඔයාම හිතලා බලන්න හරි වැරැද්ද. තව පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ. ඔයාට පේන්න ඇති මම මේ හැම තැනම ඔයාට තනියෙන් හිතලා  බලන්න කියලා ඇති. එහෙම කියන්නේ තනියෙම හිතලා බලන එකේ තියෙන වැදගත්කම ඉතාම විශාල හින්දා. [අපි හිතන හින්දා තමා අපි ඉන්නේ](https://en.wikipedia.org/wiki/Cogito,_ergo_sum). මම අර [කලින් පොස්ට්](https://blog.niweera.gq/2018/09/20/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba/) එකක කිව්වා වගේ සමාජයේ ප්‍රගමනයට සමාජ විරෝධියෙක් වන්න උත්සාහ කරන්න. වරදින එකක් නෑ. ඉතින් මගේ කතාව කියවලා මොනවා හරි ජීවිතයට ගත්තා නම්, මේ කතාව හොඳයි, සැපයි කියලා හිතෙනවා නම් පොඩි ශෙයා පාරකුත් දාන්න. මන් කියන ඒවා එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් කොමෙන්ටුවකුත් දාන්න. කලින් ලියපු මගේ කතා කියවල නැත්නම් ඒවත් කියවන්න. එහෙනම් ඉතින් ආපහු මේ වගේ විකාර කතාවකින් හමු වෙනකං, Stay Weird…


# අනාගතය ඩිස්ටෝපියන්ද?

<figure><img src="/files/OH75VaXr1zCySdfuvMBT" alt=""><figcaption></figcaption></figure>

April 21, 2020

ඔන්න ඉතිං කාලෙකට පස්සේ, කොරෝනා අස්සේ විකාරයක් ලියලා දාන්න හිතුනා. ඇත්තටම මට මේ ගැන ඔයාලට කියන්න හිතුනේ, මම මගේ අතිජාත මිත්‍රයෙක් එක්ක කරපු මැදියම් රෑ සංවාදයක ප්‍රතිඵලයක් විදිහට. ඉතිං මම මේ ඔයාලට කියන්න යන්නේ ඕගොල්ලෝ අහල දැකලා නැති දෙයක් නම් නෙවේ. ටීවී සීරීස් ෆිල්ම් එහෙම බලන සයි ෆයි පොත් කියවන උදවිය විදිහට ඕගොල්ලෝ, මේ වචනේ ලොවෙත් අහලා ඇති. එතකොට මොකක්ද මේ ඩිස්ටෝපියන් කියන්නෙ?

ඩිස්ටෝපියා ගැන කියන්න කලින් කියන්න ඕනේ දෙයක් තියෙනවා, ඒ තමා [Utopia](https://en.wikipedia.org/wiki/Utopia) කියන සීන් එක. ඔන්න ඔය යුටෝපියා කියන වචනය බිහිවෙන්නේ, 1516 දී ලියවෙච්ච [Utopia](https://en.wikipedia.org/wiki/Utopia_\(book\)) කියන පොතෙන්. ඒක ලිව්වේ තෝමස් මෝර් කියන එක්කෙනා. එයා කියන විදිහට යුටෝපියා කියන්නේ, නැති තැන (No Place) කියන තැන. මොලේ කොලොප්පං වෙනවා නේද? අන්න ඒක තමා සීන් එක. ඒ කියන්නේ යුටෝපියා කියලා කිසිම තැනක් මේ ලෝකේ නෑ. පවතින එකකුත් නෑ කියන එකම නෙවේ. ඔන්න ඊට අවුරුදු ගානකට පස්සේ 1868දී ඉංග්‍රීසි දාර්ශනිකයෙක් වෙන [ජෝන් ස්ටුවර්ට් මිල්](https://en.wikipedia.org/wiki/John_Stuart_Mill) තමා මේ [Dystopia](https://en.wikipedia.org/wiki/Dystopia) කියන කන්සෙප්ට් එක ගේන්නේ. ඒකේ තේරුම නරක තැන (Bad Place). නරක තැන කියන්නේ අන්තිම නරක තැන. නිකං [ගාසා තීරය](https://en.wikipedia.org/wiki/Gaza_Strip) වගේ තැනක් නැත්තං [චර්නොබිල්](https://en.wikipedia.org/wiki/Chernobyl_disaster) වගේ තැනක්. යුද්දෙං විනාස වෙච්ච. ගහක් කොලක් නැති. මිනිස් පුලුටක් නැති අන්තිම භයානක තැනක්. ඔන්න ඔය ඩිස්ටෝපියා කියන වචනේ හොයා ගත්ත දා ඉඳලා, එක එක රචකයෝ පොත් ලියන්න පටන් ගත්තා මේ ඩිස්ටෝපියා කියන කන්සෙප්ට් එක අරං. සයි ෆයි ගොඩක් පොත් මේ ඩිස්ටෝපියන් අනාගතයක් තමා විස්තර කරන්නේ. දැං ඉතින් ඇති අටුවා ටීකා ටිප්පණි, කෙලින්ම කතාවට බහිමු.

දැං සීන් එක මේකනේ. මේ දවස්වල නවල් කොරෝනා වෛරස් හෙවත් [කොවිඩ් 19](https://www.hpb.health.gov.lk/en) වෛරසයට අපි අහු වෙලානේ ඉන්නේ. ඔහොම සීන් එකක් වෙයි කියලා මම දැනං හිටියේ නෑ, ඒත් ඉඟි බිඟි ගොඩක් ලෝකය අපිට දුන්නා. මේ තියෙන්නේ අන්න ඒ ඉඟි වලිං හොඳම එක.

![](/files/IC0a2GKhIdRfd0J4zbBx) From <https://ifunny.co/picture/jdzpuwVJ7>

ඉතිං මේ වගේ එකක් දැක්කම කාටද හිතෙන්නේ, මෙහෙම දෙයක් වෙයි කියලා. ඊටත් වඩා [Contagion (2011)](https://www.imdb.com/title/tt1598778/) චිත්‍රපටය බලපු අයට නම් මේක නිකං ඒ චිත්‍රපටය තුල ජීවත් වෙනවා වගේ දැනෙන්න ඇති. ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ මේ වගේ දෙයක් අනාගතේ වෙයි කියලා මනුස්සයෙක්ගේ හිතේ මැවෙන්නේ කොහොමද? [The Eyes of Darkness](https://en.wikipedia.org/wiki/The_Eyes_of_Darkness) (by [Dean Koontz](https://en.wikipedia.org/wiki/Dean_Koontz) in 1981) කියන පොත කියෙව්වොත් තේරේවි ඒකේ තියෙන දේවල් කොහොමද ඇත්ත වෙන්නේ කියලා. ඒ පොතේ කියලා තියෙනවා [වූහාන්](https://en.wikipedia.org/wiki/Wuhan) ග්‍රවුන්ඩ් සීරෝ කියලා. මෙහෙම අනාගතේ අන්තිම නරක එකක් කියලා මේ මිනිස්සුන්ට හිතෙන්නේ කොහොමද? මට නම් ඒක අභිරහසක්.

මමත් ලොකුවට පොත් කියවන කෙනෙක් නම් නෙවේ. හැබැයි ඒවයින් ගහපු ෆිල්ම්, ටීවී සීරීස් නම් ලොවෙත් බලනවා කියලා මාව දන්න ඕනෙ කෙනෙක් දන්නවා. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට පොඩි හෙල්ප් එකක් දෙනවා, කියවන්න පොත් ලිස්ට් එකක් සහ ෆිල්ම් ටිවී සීරීස් ලිස්ට් එකක් දෙනවා අනිවා බලන්න. එතකොට තේරේවි මිනිස්සුන්ගේ ඉමැජිනේශන් එකට කෙලවරක් නෑ බවත්, ඒ වගේම මැජික් සයන්ස් වෙන්න ලොකු කාලයක් ගතවෙන්නේ නැති බවත්.

මෙන්න මේ පොටෝ එක තමා මම දෙන ලිස්ට් එක.

![](/files/TSomnlEGjiCO31tBmA4e) From <https://www.reddit.com/r/collapse/comments/ftg2nc/literary_collapse_dystopia_venn_diagram/>

මේ කවරයේ පින්තූරය තියෙනවා නේ. ඒක එන්නේ මේ [1984](https://en.wikipedia.org/wiki/Nineteen_Eighty-Four) කියන [ජෝර්ජ් ඔර්වෙල්ගේ](https://en.wikipedia.org/wiki/George_Orwell) පොතෙන්. ඒ පොතෙන් ගහපු සුපිරි ෆිල්ම් එකකුත් තියෙනවා ඒ නමින්ම. [Aldous Huxley](https://en.wikipedia.org/wiki/Aldous_Huxley) ගේ [Brave New World](https://en.wikipedia.org/wiki/Brave_New_World) එහෙම සුපිරි පොතක් කියලා තමා අහලා තියෙන්නෙ. මම අන්තිමටම බලපු සුපිරිම ටීවී සීරීස් එක [A Handmaid's Tale](https://www.youtube.com/watch?v=dVLiDETfx1c), ඒක අරන් තියෙන්නේ [මාග්‍රට් ඇට්වුඩ්](https://en.wikipedia.org/wiki/Margaret_Atwood) ගේ ඒ නමින්ම එන පොතෙන්. ඒ කතාව බැලුවම නම්, අනාගතේ ගැන මාර බයක් එන්නේ. මොකද අපිට ඒ කතාවේ තියන ගොඩක් සිම්බල්ස් බොහොම හුරු පුරුදුයි. අපිත් අවුරුදු දාස් ගානක ඉතිහාසයක් තියෙන රටක්නේ. මේ ලිස්ට් එකේ නැති පොතක් තියෙනවා ඒකත් දැනගන්න කියන්නම්. ඒ තමා [ෆ්‍රෑන්ක් හර්බට්ගේ](https://en.wikipedia.org/wiki/Frank_Herbert) [Dune](https://en.wikipedia.org/wiki/Dune_\(novel\)) පොත. ඒකෙන් [ෆිල්ම්](https://www.imdb.com/title/tt0087182/) එකක් ගහලා තියෙනවා. ඒ ෆිල්ම් එකේම [රිමේක්](https://www.imdb.com/title/tt1160419/) එකක් එනවා මේ අවුරුද්දේ. ඒකේ තමා මම ආසම මෙන්න මේ quote එක තියෙන්නේ.

*"I must not fear. Fear is the mind-killer. Fear is the little-death that brings total obliteration. I will face my fear. I will permit it to pass over me and through me. And when it has gone past I will turn the inner eye to see its path. Where the fear has gone there will be nothing. Only I will remain..."*

ඉතිං එකම එක ප්‍රශ්නයක් තියෙනවා, මට සහ මේවා කියවන බලන අයට. ඒ තමා මේ කතා හැම එකකම තියෙන පොදු ලක්ෂණය. ඒ තමා ඒ රටේ හෝ ඒ ප්‍රදේශය පාලනය කරන ගවර්මන්ට් එක. ඒක බොහෝ දුරට [Totalitarian](https://en.wikipedia.org/wiki/Totalitarianism) ගවර්න්මන්ට් එකක් වෙන එක. මේ වචනේ තේරුම අහන්න එපා. ඕවා විස්තර කලොත් මට කෙල වෙන්න උනත් ඉඩ තියෙනවද මන්දා. [ගූගල් සර්ච්](https://www.google.com) එකක් ගහලා බලන්න. එතකොට තේරේවි. කොහොමින් කොහොම හරි මේ විදිහට රජයන් පත් වෙලා රටවල් ඩිස්ටෝපියා ගොඩට ඇදලා දානවා, කවුරුහරි ඒකට විරුද්දව නැගී සිටිනවා, ඔන්න ඕක තමා මේ ගොඩක් කතා වල තියෙන සමාන කම. හැබැයි එක දෙයක් තියෙනවා හැමෝටම අමතක වෙන. රජය කියන්නේ අපි. ඒ කියන්නේ රටේ මිනිස්සු. රටේ මිනිස්සු තමා රටේ රජය පත් කරන්නේ. ඒ කියන්නේ අපි මිනිස්සු විදිහට ඍජුවම හෝ වක්‍රව අපේ ලෝකේ ඩිස්ටෝපියාවක් කරන්න දායක වෙනවා. ඒක නෑ කියන්න කාටවත් බෑ. මම අහවලා අහවලා අහවලා කාටවත් ඡන්දේ දුන්නේ නෑ ඒක හින්දා මම ශේප් කියලා ශේප් වෙන්නත් කාටවත් බෑ. මොකද ["Take no choice is a choice itself"](https://www.sloww.co/you-have-a-choice/) වෙන හින්දා. එතකොට කොහොමද මේ රජයක් මිනිස්සුන්ව රවට්ටලා, යටත් කරන් අවුරුදු ගනනාවක් පාලනය කරන්නේ? ඒකට හොඳ ක්‍රමයක් 1984 පොතේ සහ  [Fahrenheit 451](https://en.wikipedia.org/wiki/Fahrenheit_451) පොතෙන් දීලා තියෙනවා. ඒ තමා මිනිස්සුන්ගේ සිතීම පාලනය කරන එක.

මිනිස්සුන්ව පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමා, මේ මිනිසුන්ගේ සිතුවිලි පාලනය කරන එක. මිනිස්සුන්ට දෙනවා හිතන්න රාමු ටිකක්. ඒවයින් පිට මොන මගුලක්වත් හිතන්න යන්නේ නෑ මිනිස්සු. අර සිවිල් ලිබර්ටීස් කියලා එකක් තියෙනවානේ. ඒවා අතරින් Natural Right එකක් තමා මේ සිතීමේ නිදහස කියන එක. ඒ කියන්නේ කාටවත් ඒක සීමා කරන්න බෑ. (සාමාන්‍යෙන් නං එහෙමයි, අනික් රටවල කොහොමද දන්නේ නෑ. 😁) දැං බලන්න සකර්බර්ග් අයියට පුලුවං [බුකිය](https://www.facebook.com) වහලා දාලා ඔයාගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න හෝ සීමා කරන්න. රජයන්ට පුලුවන් අණ පනත් ගෙනත් ඔයාගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න හෝ සීමා කරන්න. හැබැයි කාටවත් තාම බෑ ඔයාගේ සිතීමේ නිදහස සීමා කරන්න. හැබැයි හිතන්න ඒකත් රජයට කරන්න පුලුවන් නං. එහෙම සීන් එකක් තමා 1984 පොතේ වෙන්නෙත්.

අනිත් ක්‍රමය තමා මිනිස්සු පොත් කියවන එක නතර කරලා දාන එක. පොත් තමා මේ ලෝකේ තියෙන වටිනම සහ භයානකම දෙය කිව්වොත් මම වැරදි වෙන්න විදිහක් නෑ. මම මේ ලඟදි බලපු [තෙලුඟු ෆිල්ම්](https://www.imdb.com/title/tt10991188/) එකක මෙහෙම කියනවා,

> රොකට් එකක් යවන්න උනත්, ලැප්ටොප් එකේ කීබෝඩ් එක වැඩ කරන්න උනත්, ඒ ලැප්ටොප් එකම වැඩ කරන්න උනත්, ෆිල්ම් හෝල් එකකට ගිහිං ෆිල්ම් එකක් බලලා හිනාවෙන්න උනත්, කවුරුම හරි කෙනෙක්, කොලයක් මතට පෑනක් තියන්නම ඕනේ...

අන්න ඒ කතාව නම් මට හිතට වැදුනා. මොකද මේ පොත් කියවන එක, එහෙම නැත්නම් secondary source එකක් වෙන මේ පොත් කියවන එක නතර කරපු දාට මිනිස්සුන්ව රවට්ටන්න ලේසි. අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්ව කිය කිය අතන මෙතන පෝස්ට් ටුවීට් දාගෙන මිනිස්සුන්ව අන්දන්න ලේසි වෙන්නෙ අන්න ඒකයි. මිනිස්සුන්ට හොයල බලන්න තියෙන ආසාව නැත්තටම නැති වෙලා යනවා පොත් කියවන එක නතර උනාම.  Fahrenheit 451 එකේ වෙන්නේ මේක තමා,  රජය පොත් ඔක්කොම ගිනි තියලා දානවා. පොත් කියවන එක තහනම් කරලා දානවා. මෙහේ නම් එච්චර දෙයක් කරන්න ඕනේ නෑ, මං දන්න තරමිං. 🤣

කොහොමිං කොහොම හරි අනාගතය ඩිස්ටෝපියන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ දෙන අවධියට දැං එන්න එන්නම ලං වෙලා. මම ප්‍රශ්නයක් අහන්නම් ඒකට උත්තරේ තමං තමන්ට දීලා බලන්න. එතකොට වැඩේ හරි. මෙන්න ප්‍රශ්නේ.

**2019ට වඩා 2020 ඩිස්ටෝපියන්ද?**

උත්තරේ හිතා ගත්තද? එහෙනම් එච්චරයි. මගේ කතාව අවසන්. මෙච්චර කියෙව්ව එකත් මදැයි. ලොකු හයියක්. කමෙන්ට් එකක් දාල ලයික් එකක් දාල ශෙයාර් පාරක් දැම්මත් කමක් නෑ. තරහා වෙන්නේ නෑ. මතක තියාගන්න එක දෙයක්, ["Hearts and minds... far more effective than bombs and guns"](https://continuum.fandom.com/wiki/Liber8) කියලා. එහෙනම් මං ගියා 🙏. එහෙනම් මේ වගේ විකාර පෝස්ට් එකකිං ආපහු සෙට් වෙනකං, Stay Weird…


# සිනිඳු මනසට එරෙහිව සිනමාව - දෙක

<figure><img src="/files/JEYImhB113IFGciN4GxS" alt=""><figcaption></figcaption></figure>

February 11, 2020

ඕං කාලෙකට පස්සේ මට නිවාඩුවක් සෙට් උනා මේක ලියන්න. කාලෙකට පස්සේ කිව්වේ ගොඩාක් කාලෙකට පස්සේ. ගොඩක් කල් හිතං හිටියා මේක ලියන්න ඒත් අනවශ්‍ය ලෙස කාර්‍යබහුල වෙලා හිටිය හින්දා ලියන්න බැරි උනා. ඉතිං ඒවායින් වැඩක් නෑ. මම මෙන්න ගෙනාවා දෙක. ඒ කිව්වේ [සිනිඳු මනසට එරෙහිව සිනමාව](https://blog.niweera.gq/2019/05/10/%e0%b6%b8%e0%b6%b1%e0%b7%83%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b7%80/) - දෙක. සුපුරුදු විදිහටම මම මේ කියන්න යන ෆිල්ම් දහය අනිවාර්‍යෙන් බලන්න. වගකීමෙන් කියනවා, අනිවාර්‍යෙන්ම මොලේ කොලොප්පං වෙනවා කියලා. එහෙනම් කෙලින්ම ලිස්ට් එකට බහිමු.

**11. The Others (2001)**

![the-others](/files/LbzMNe0ZCF1haByIEhrD)

2001 දී තිරගත වෙච්ච මේ චිත්‍රපටය බලන්න කියලා මගේ මිත්‍රයෙක් තමා මට කිව්වේ. මම බෑම කිව්වා. ඒත් හරිගියේ නෑ. වදෙන් පොරෙන් බැලුවා. මුල් හරිය මාර කම්මැලි වගේ දැනෙන්නේ. නිකෝල් කිඩ්මන් ඇන්ටි ඉන්න හින්දා බැලුවා ඉතින් කමක් නෑ කියලා. ඒත් චිත්‍රපටිය එන්න එන්නම හෙනම ආන්ජමික වෙන්න ගත්ත හින්දා මම මීට වඩා ඒක ගැන කියන්න යන්නේ නෑ.

![](/files/kaUizvxJrTpP1QZUA8IW)ට්‍රේලර් එකත් මෙන්න. <https://www.youtube.com/watch?v=C7pKqaPtMiA> මම පොඩි ඉඟියක් දෙන්නම්. Expect the unexpected! එච්චර තමා. ඉවර වෙනකන් බලන්න. කොච්චර කම්මැලි හිතුනත්. මම දවස් තුනක් අරන් බැලුවේ. ?

**12. Annihilation (2018)**

![](/files/Dtci4WmyQomQBILEoAt5)මෙන්න බලනවා නම් ෆිල්ම් එක. Netflix එකෙන් මගේ විසිදෙවෙනි උපන්දිනේට දුන්නු තෑග්ග. ආයේ කතා දෙකක් නෑ මොලේ කොලොප්පං වෙනවා එකසිය ගානට. ඩ්‍රාමා ත්‍රිලර් ගනයට වැටෙන මේ ෆිලුම නැටලි පෝර්ට්මන් ඇතුලු all-women cast එකක් දාල කරපු සුපිරියක් තමා ඉතිං. මේක මම දෙපාරක් බැලුවා ඒත් තෙරුනේ නෑ. පලවෙනි පාර තනියම බැලුවේ. දෙවෙනි පාර අපේ කොල්ලො සෙට් එකත් එක්ක බැලුවේ රෑක. රෑ බලපු දා නම් ඉතිං සුපිරියට මොලේ විකාර උනා. මේ කතාවෙ වෙන්නේ පිටසක්වල ජීවීන් වගයක් සුපුරුදු පරිදි ඇමෙරිකාවට ගොඩ බැහැලා කරන වින්නැහියක් ගැන. බය වෙන්න එපා ඇවෙන්ජර්ස් වගේ ගොං නෑ. අහසෙන් එන විශාල ස්කයි බීම් එහෙම, අහසේ පාවෙන විශාල නැව් වගේ සීන් මේකේ නෑ. ෆිල්ම් එක ඉවර උනාම හිතන්න යමක් ඉතුරු කරන ෆිල්ම් එකක්.

![](/files/vTqhGCS4y9lux4l6lUhV) ට්‍රේලර් එකත් මෙන්න <https://www.youtube.com/watch?v=89OP78l9oF0> මේක බලන්න ඕනේ නෑ. මං නං කියන්නේ. කෙලින්ම ඩවුන්ලෝඩ් කරලා බලන්න. Netflix subscription එකක් තියේ නම් ඉතිං ඒකෙං බලන්න. මොකටද හොරෙන් ඩවුන්ලෝඩ් කරන්නේ. ? ආ තව එකක් බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ නම්බරේ තියෙනවා නම් මැසේජ් එකක් උනත් දාන්න. මාත් ආසයි මේ ෆිල්ම් එක ගැන කියවන්න. ?

**13. Coherence (2013)**

![](/files/whfB04UKZHacDYdzKgt8)

අම්මෝ මෙන්න ෆිලුම. Physics වලට එහෙම ආස නම් ලොවෙත් බලන්න මේක. මේකේ කොහේවත් physics ගැන සඳහනක් නෑ. මම නිකං කිව්වේ. හැබයි Quantum Entanglement, Quantum Superposition, Multiverse, Parallel Universe,  Schrödinger's cat ඔන්න ඔය වගේ විකාර පස්සේ දුවනවා නම් (මම වගේ) මේ ෆිලුම සුපිරියක් වේවි. මිස්ට්‍රි සයි ෆයි ගනයට වැටෙන මේ ෆිලුම 2013 අවුරුද්දේ ආපු එකක්.

![](/files/IafEhWiWiM0zOqSyr0BB)මතක තියාගන්න, යතාර්ථය කියන්නේ ගලේ කොටපු දෙයක් නෙවේ. ඒක නිකං වතුරේ ඇඳපු ඉරක් වගේ. බලං ඉඳිද්දි වෙනස් වෙලා යනවා. ඒක හින්දා Reality එක අල්ලං ඉන්න යන්නත් එපා, වැඩිය විස්වාස කරන්න යන්නත් එපා. ? මිනිස්සු ආදරේ වෙනුවෙන් මෙහෙමත් දේවල් කරනෝ නේද කියලත් හිතේවි මේක බැලුවම...

මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=sEceDz1Rodc>

**14. Triangle (2009)**

![](/files/iij4HeSv410cbjHuJM4f)

හෙනම ආන්ජමික ෆිල්ම් එකක් තමා මේක. 2009දී ආපු මේ ෆිල්ම් එක ෆැන්ටසි, ත්‍රිලර් ගනයට වැටෙන ෆිල්ම් එකක්. මොකුත් කියන්න හිතෙන්න නෑ මේ ෆිල්ම් එක ගැන. පටන් ගත්ත වෙලේ ඉඳං ඉවර වෙනකං දත කට පූට්ටු කරං ඔලුව කස කස බලන්න පුලුවං ෆිල්ම් එකක් මේක.

![](/files/4LtjrP7DEMHCsDchP5Bc) <https://www.youtube.com/watch?v=ZEHevCzlDNg> ට්‍රේලර් එක බැලුවා කියල මොකුත් වෙන්න නෑ ඉතිං. ආ එක දෙයක් කියන්න ඕනේ. මේකේ වෙන දේවල් ගනින්න (count කරන්න) එපා, පිස්සු හැදෙන්න උනත් පුලුවං. හරියට ඔයා, වෘත්තයක පරිධියේ තියෙන ලක්ෂ්‍ය ගාන ගනින්න ගියා වගේ තමා. ?

**15. The Game (1997)**

![](/files/JNWGKrjFwAIrdS5p0jKH)

1997 දි ආපු මේ හද්ද පරණ ෆිල්ම් එක නම් ඉතිං බලන්නම ඕනේ දෙයක් තමා. සල්ලි තියෙන මිනිස්සු දෙන ආතල් එකක් ගැන තමා මේකේ තියෙන්නේ. මම මොනාහරි කිව්වොත් spoil වෙන හින්දා මොකුත් කියන්නේ නෑ. අරං බලන්න අනිවා.

![](/files/u2S5apSEzBUXRarsFN20)මයිකල් ඩග්ලස් තමා ප්‍රධාන චරිතෙට ඉන්නේ. අර හෑන්ක් පිම් ට රඟපානේ ඈන්ට් මෑන් එකේ. අන්න ඒ මෑන්ස්. ට්‍රේලර් එකත් මෙන්න: <https://www.youtube.com/watch?v=dLauqDChQGs>

**16. Cube (1997)**

![](/files/hD4Muci0fRe1hnXRR5jM)

මෙන්න බලනවා නම් ෆිලුම්. ටිකක් Saw වගේ, ටිකක් Final Destination වගේ, ඒ ෆිල්ම් දෙකට ලං වෙන්න වත් බැරි කතාවක්. මිනිස්සු ටිකක් අමුතු පෙට්ටියක් වගේ ප්ලේස් එකක ඇහැරෙනවා. ඊට පස්සේ තමා කතාව යන්නේ. මේ කතාව හිතිච්ච මනුස්සයා නම් මාර පොරක් තමා. Genius.

![](/files/puFIDcnXBZL2Y0V9Ng5Z) ට්‍රේලර් එක මෙන්න <https://www.youtube.com/watch?v=YAWSkYqqkMA>

**17. Donnie Darko (2001)**

![](/files/53OFqrdnvon1lcoSs3nB)

ඔය යකා වගේ හාවාව ජීවිතේට එක පාරක් වත් දැකලා නැතනම් ඉතිං වැඩක් නෑ. ඩොනී ඩාර්කෝ ගේ විකාර රූපීමය කතාව තමා මේ ෆිල්ම් එකෙං පෙන්නන්නේ. ඔයාට කවුරු හරි අන්න අහවල් දවසේ අහවල් වෙලාවට ලෝකෙ විනාස වෙනවා කියලා කිව්වොත් ඔයා මොක්ද කරන්නෙ? ඩොනී ඩාර්කෝ නම් හෙනම ආතල් එකක් තමා දෙන්නේ ඒක අහලා.

![](/files/eckphcDFyuUz10NTTo0g) ට්‍රේලර් එක මෙන්න <https://www.youtube.com/watch?v=bzLn8sYeM9o> මේකේ එක තැනක අහනවා, "Why are you wearing that stupid man suit?" කියලා. මේක හෙනම ගැඹුරු ප්‍රශ්නයක් මට හිතෙන හැටියට නම්. ඇයි අපි මිනිස්සු උනේ. ඇයි අපි මිනිස්සු වගේ හැසිරෙන්නේ. ඇයි අපි උපදින්නේ. ඇයි අපි මැරෙන්නේ. ඔන්න ඔය වගේ විකාර ප්‍රශ්න තමා මටනම් ඔලුවට එන්නේ. ?‍♂️‍

**18. American Psycho (2000)**

![](/files/3zH5NnCp151ATEeoqrUZ)

බේල්ට ආස හින්දා මම මේක බැලුවේ. හපොයි දෙයියනේ මේ මනුස්සයා දෙන ආතල්. අනිවාර්‍යෙන්ම බලන්න. හැබැයි ලේ බලන්න ආස නැත්නම් බලන්න එපා. (එක්කෝ බලන්න ?)  සුපිරි සල්ලිකාරයෙක් දෙන ආතල් ටිකක් තමා තියෙන්නේ. එන්ඩිං එකනම් ඇඬෙන්න දීලා තියනවා. ඒක හින්දා තමා මගේ මේ සිනිදු මනසට කෙල උනේ.

![](/files/dO7GEvJGN2Faunh9LtMR) ට්‍රේලර් එක මෙන්න: <https://www.youtube.com/watch?v=5YnGhW4UEhc>

**19. The Fountain (2006)**

![](/files/hKsdUwNM8ASZg5Qh2Ram)

හෙනම විකාර ෆිල්ම් එකක් මේක. වුල්වරීන් ඉන්න හින්දා බැලුවේ. බලලා ගුණදොස් මටත් කියන්න. මට මේ ෆිල්ම් එකේ මොන මගුලක් වත් තේරුනේ නෑ. ඔහේ බලං හිටියා ඔලුව හැරිච්ච අතේ ෆිල්ම් එක දිහා කට ඇරං.

![](/files/fEJtmmNmBaYwKyS0PjyR) ට්‍රේලර් එක මෙන්න: <https://www.youtube.com/watch?v=dAuxryJ6pv8>

**20. Interstellar (2014)**

![](/files/1LIb6xPSi48oXR9QSFym)

මෙන්න cherry on top ෆිල්ම් එක මේ ලිස්ට් එකේ තියෙන. නෝලන් මහත්තයාගේ සුපිරිම වැඩක් කිව්වොත් වැරදි නෑ. (TENET එනකං ඉමුකෝ. ආවම බලමු. ඒකද සුපිරිම මේකද සුපිරිම කියලා) මට නම් හිතාගන්න බැරි ඇත්ත කලු කුහරෙයි මේකෙ කලු කුහරෙයි නිකන් එක වගේ උනේ ඇයි කියලා. කලා කාරයන්ගේ හිතේ ඇඳෙන රූපේ සයන්ස් කාරයන්ගේ ඇල්ගොරිතම වලින් අපිට පෙනෙද්දි අපි සයන්ස්කාරයෝ මෙලෝ රහක් නෑ කියලා තමා මට නම් හිතෙන්නේ. මේ ෆිල්ම් එක ගැන කතා කරන්න පුලුවන් මාස ගනන්. මේක තාම බලල නැත්තං වැඩක් නෑ කියලා මම කියන්නේ නෑ. මාත් මේක බැලුවේ 2016දී ඇවිත් අවුරුදු දෙකකට පස්සේ. මටත් ඒ කාලේ තේරුනේ නෑ. පස්සේ ආපහු ආපහු බැලුවම ඒත් තේරුනේ නෑ. ඒක හින්දා ඒක තේරුම් ගන්න යන එකේ තේරුමක් නෑ. මේ මාස්ටර්පීස් එක රස විඳින්න.

![](/files/OsLVsKHVaCTYxvMynrL0)මම එක දෙයක් කියන්නම්, ජීවිතේ තියෙන හැම මගුලක්ම තේරුම් ගන්න ඕනේ කියලා එකක් නෑ. තේරුමක් තේරුනේ නෑ කියලා රස වින්දනයට බාධාවක් වෙන්නේ නෑ.

ට්‍රේලර් එක මෙන්න <https://www.youtube.com/watch?v=2LqzF5WauAw>     ඔන්න ඉතිං ලිස්ට් එක ඉවරයි. තව honorable mentions ටිකක් තියෙනවා. මෙන්න මේ ටිකත් ඉතිං බලන්න.

* The Shining (1980)
* Doctor Sleep (2019) \[The Shining sequel]
* Gone Girl (2014)
* Eternal Sunshine of the Spotless Mind (2004)
* Upstream Color (2013)
* The Girl On The Train (2016)

ආයේ ඉතිං කවදා ආපහු ලියන්න ටයිම් එකක් සෙට් වෙයිද කියන්න දන්නේ නෑ. අලුතෙන් මොකුත් දැම්මේ නෑ නේද කියලා අහලා මාව දිරිමත් කරන අයටත් ඉතිං මේවා උපහාරයක්ම වේවා. අදම නම් මගේ පෝස්ට් එකක් දැක්කේ කලිං ඒවත් කියවලා බලන්න. තේරෙන්නේ නැති තැනක් ඇත්නම් කමෙන්ට් එකක් දාන්න. හොඳයි සැපයි කියලා හිතෙනවා නම් අන් අයටත් බෙදා දෙන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම විකාර පෝස්ට් එකකිං සෙට් වෙනකං, Stay Weird...


# සිනිඳු මනසට එරෙහිව සිනමාව

<figure><img src="/files/bT5CoIp2vsR08EBnSP1P" alt=""><figcaption></figcaption></figure>

May 10, 2019

බොහෝම දිගු නිහැඬියාවකට පස්සේ තමා මේ මම ඕගොල්ලෝන්ව මුනගැහෙන්න එන්නේ. කියන්න කතා ගොඩක් තියෙනවා. කලින් මගේ බ්ලොග් එක හොස්ට් කරලා තිබ්බේ [AWS](https://aws.amazon.com/) සර්වර් එකකනේ. දැං ඒකේ ෆ්‍රී දුන්නු කාලය ඉවරයි. ඉතිං මට ඒක වෙන තැනකට ගෙනියන්න උනා. ඉතිං මම ගෙනිච්චා [GCP](https://cloud.google.com/) එකට. ඩොමේන් එකත් ඒ ගමම්ම වෙනස් කලා නිකං වෙනසකටත් එක්ක. ඉස්සර තිබ්බ <https://www.niwder.me> ඩොමේන් එක වෙනස් කලා <https://blog.niweera.gq> වලට. හැමදේම වෙනස් වෙන්නත් එපැයි කාලෙන් කාලෙට. හරි ඉතින් ඌණ පූර්ණ වලින් වැඩක් නෑ. කෙලින්ම කතාවට බහින්නම්කෝ. අද මම කියන්න යන්නේ සිනමාවේ බොහොම අඳුරු පැතිකඩක් ගැන. ඔව් ඇහුවමත් බය හිතෙන දෙයක් ගැන. මම මේ කියන්න යන්නේ මගේ මතයට අනුව හොඳම ඔලුව විකාර කරවන චිත්‍රපට පිලිඹඳව. ගූගල් එකේ සර්ච් එකක් කලාම මේ චිත්‍රපටි ටික හොයාගන්න පුලුවන් උනාට බලපු කෙනෙක් කියන දේ දැනගන්න එකත් හොඳයි නේ. හරි එහෙනම් ලිස්ට් එකට බහිමු වැඩි කතාවක් නැතුව.

**1. Fight Club (1999)**

![චිත්‍රපටය](/files/RLthLwKzoBXDYcCKvCbf)

රහසක් කියන්නද? මිස්ටර් රොබොට් බලපු අය මේක බලන්න යන්න එපා. එක්කෝ බලන්න. ඒගොල්ලන්ට තේරේවි ඇයි මම එහෙම කිව්වේ කියලා. 1999 දී තිරගත වුනු මේ චිත්‍රපටය ඔබගේ මනස විකාර නොකරන්නේ නම් එය එසේ මෙසේ මනසක් නොවන බව නොඅනුමානයි. කතාවේ තියෙන්නේ කොල්ලෝ දෙන්නෙක් එකතු වෙලා ෆයිට් ක්ලබ් එකක් පටන් ගන්න සීන් එකක්.

![](/files/LRGOdGdaY8TfzXlN9Mrs)

ඔන්න අත්‍යාවශ්‍ය විස්තර ටිකත් ඇතුලත් කරා. ලේසිනේ එතකොට. මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒක තමයි, "The first rule of Fight Club is: you do not talk about Fight Club." ඕක මතක තියාගත්තම හොඳටම ඇති.

ට්‍රේලර් එක බලන්න ඕනේ නම් මෙන්න. <https://www.youtube.com/watch?v=qtRKdVHc-cE>

**2. Memento (2000)**

![චිත්‍රපටය](/files/YcAi10al5j34yEHRc2OS)

ගජිනි චිත්‍රපටය බලපු නැති කෙනෙක් නෑනේ. මේ තියෙන්නේ හොලිවුඩ් වල ගජිනි චිත්‍රපටය. ලොකු සම්බන්ධයක් නම් නෑ. ඒත් පොඩි පොඩි සමානකම් ටිකක් තියෙනවා. මේ කතාවේ තියෙන්නේ ලෙනාඩ් කියන මනුස්සයා තමන්ගේ බිරිඳව මරපු මනුස්සයාව හොයන කතාවක්. හැබැයි පොඩි පරහක් තියෙනවා මීනිහගේ මෙමොරිය නිදං නැගිට්ටම රිසෙට් වෙනවා. ලෙනාඩ් කොහොමද මිනීමරුවාව හොයා ගන්නේ කියලා දැන ගන්න මේ ෆිල්ම් එක බලන්න. මතක තියාගන්න දකින හැමදේම ඇත්ත නෙවේ කියලා.

![](/files/v4DOveXmL7fvigPFRdtj)ට්‍රේලර් එක මෙන්න: <http://www.youtube.com/watch?v=Br3aEhjaK2E>

**3. Inception (2010)**

![චිත්‍රපටය](/files/AhG0WwRNfDOVzV74XHKM)

මෙන්න බලනවා නම් කතාව. අපි හැමෝම සිහින දකිනවානේ. සිහින ඇතුලේ ඉන්න ගමන් සිහිනත් දකිනවානේ. අපි එතකොට කොහොමද මේ ඉන්නේ යතාර්ථයේද නැත්නම් සිහිනයකද ඉන්නේ කියලා හොයා ගන්නේ? ඒක දැනගන්න නම් අනිවාර්‍යයෙන් මේ සලරුව බලන්න. සයි-ෆයි, ත්‍රිලර් ගනයට වැටෙන මේ චිත්‍රපටය ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නිර්මාණයක්.

![](/files/GRsJXWzVFfzQWOWtvvDy)ට්‍රේලර් එක මෙන්න: <http://www.youtube.com/watch?v=d3A3-zSOBT4>

**4. Shutter Island (2010)**

![චිත්‍රපටය](/files/EF3mlNYi6E7ChQNl2vT1)

2010 අවුරුද්ද නම් සුපිරි අවුරුද්දක්. Inception වගෙම Shutter Island නිකුත් වෙන්නෙත් මේ අවුරුද්දේ. මේ චිත්‍රපටයේ සෑම මිනිත්තුවක්ම, තත්පරයක්ම අපිව කුතුහලයෙන් තියාගන්න උපරිමව උත්සාහ කරලා තියෙනවා. පටන් ගන්නේ කොතනින්ද ඉවර වෙන්නේ කොතනින්ද කියලා හිතා ගන්න බැරි වේවි.

![](/files/MePADJ2mf4H3vl4AS9w1)මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=v8yrZSkKxTA>

**5. Side Effects (2013)**

![චිත්‍රපටය](/files/bDnRr2lUwnnlfCJEJ8Se)ගොඩක් කට්ටිය අහල නැති චිත්‍රපටියක් වෙන්නැති මේක. මිස්ට්‍රි. ක්‍රයිම් ගනයට වැටෙන මේ සලරුව අපිව හිතාගන්න බැරි මානයකට ඇද දමනවා. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හිතාගන්න බෑ අන්තිම මොහොත වෙනකම්. සයිකොලොජි පැත්තට ටිකක් බර වෙච්ච කතාවක්. උග්‍ර විශාදයට ගොදුරු වෙච්ච කාන්තාවකගේ සහ ඇගේ මනෝ චිකිත්සකගේ කතාවක් තියෙන්නේ. බෝරිං වගේ හිතුනට ටික වෙලාවක් බලද්දී තමයි රස දැනෙන්නේ. මතක තියාගන්න සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් කියලා.

![](/files/p8WlFgza9hhu33T92wlg)

ට්‍රේලර් එක මෙන්න: <https://www.youtube.com/watch?v=EFEou3MBLi4>

**6. ‍Mr. Nobody (2009)**

![චිත්‍රපටය](/files/rhCx4TfxHpr5Y8kHOHhx)

ඇත්තම කිව්වොත් මම ජීවිතේ බලල තියෙන විකාරම ෆිලුම මේක. හරිම අමුතුයි. මේක මම ලඟදි බැලුවේ. මට හැමතිස්සෙම මතක් උනේ මගේ පරණ බ්ලොග් පෝස්‍ට් එකක්. [මේ දුකින් පිරුණු ලෝකයේ හැමතිස්සෙම සතුටින් ඉන්නේ කොහොමද?](https://blog.niweera.gq/2018/06/11/multiverse/) කියන පෝස්ට් එකේ මම විස්තර කරනවා වගේ දෙයක් තමයි මේ ෆිලුමෙත් තියෙන්නේ. ජීවිතේ කියන්නේ ගමනක්නේ. ඒ ගමනෙදි අපිට හමු වෙනවා දෙමං හන්දි, තුම්මං හන්දි. ඔය හන්දි ඔක්කොම පහුකරං යන්න බෑනේ. එකක් තෝරගන්නම වෙනවානේ. අන්න ඒක තමා ප්‍රශ්නේ. හැබැයි මම මෙහෙම කිව්වොත්, අපි මාර්ගයක් තෝර ගන්නකං ඕනම දෙයක් සිද්ද වෙන්න පුලුවං කියලා. ඒ කියන්නේ, "As long as you don't choose, anything is possible..." කියන කතාවයි. ඔන්න ඕකම තමා මුලු චිත්‍රපටයම පාදක කර ගන්නේ. හරි ලස්සන ලව් ස්ටෝරි ගනනාවක්ම තියෙන ෆිලුමක් මේක. පැය දෙකහමාරක් එක දිගට බලන්න පුලුවන් කම්මැලිකමක් නැතුවම. හැමදේම දෛවයට බාර දෙන්න එපා කියන එක තමයි මේ වෙලාවෙ මම මතක් කරලා දෙන්නේ.

![](/files/0DDhVDEcOr5skrTHpSQo)මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=M2UFsGaDW2o>

**7. ‍The Machinist (2004)**

![](/files/JPKWrgxprVPIR8faSW6j)

අපේ ඩාර්ක් නයිට්ගේ සුපිරිම සලරුවක් තමා මේ. චිත්‍රපටයක් වෙනුවෙන් මෙච්චර කැප වෙච්ච නලුවෙක් මම නම් දැකලා නෑ. හරිම අමුතු කතාවක් මේක. කර්මාන්තශාලාවක වැඩකරන සාමාන්‍ය මනුස්සයෙක්ගේ කතාවක් මේක. පොඩි අවුලක් තියෙනවා. මේ මනුස්සයා අවුරුද්දකින් විතර නිදාගෙන නෑ. ඉතිං මේ නින්ද යන්නැති මනුස්සයගේ කතාව අනිවාර්‍යෙන්ම බලන්න. අදාලම නැති කතාවක් කියන්නද, මතක තියාගන්න, මේ ලෝකේ භයානකම මත් බව පසුතැවිල්ලයි. වඩාත්ම ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍යයට හුරු උනත් ඉන් ගැලවීමක් තියෙනවා. ඒත් පසුතැවිල්ලට ඇබ්බැහි උනොත් ඉතිං ආයේ ගැලවීමක් ඇත්තෙම නෑ.

![](/files/OUPg5kymgJShCchyxiWV)ට්‍රේලර් එක මෙන්න: <https://www.youtube.com/watch?v=H0fuHY4U1UA>

**8. ‍Stay (2005)**

![](/files/KdSFKwg0PUskMHoenPH8)

මනුස්සයෙක්ගේ මනස කොච්චර සිනිඳුද කියලා හිතාගන්න බැරි තරම්. මේ සලරුව අපිට ඒක ලස්සනට පෙන්නලා දෙනවා. මේ ලෝකේ මිනිස්සු වැඩිපුරම මැරෙන්නේ තනිකම හින්දා කියලා වෙන චිත්‍රපටයක කියනවා මට මතකයි. මේ කතාවත් ඒ බව සනාථ කරනවා. නයෝමි වොට්ස්, රයන් ගොස්ලින්ග් හා ඉවාන් මැක්ග්‍රෙගොර් රඟන මේ චිත්‍රපටය ඩ්‍රාමා, ත්‍රිලර් ගනයට වැටෙන්නක්. හරි අපූරු දෙබසක් මට මතක් වෙනවා මේ වෙලාවේ. "The Buddhists had it right all along. The world is an illusion." ඇත්තම කතාව, මේ ලෝකේ කියන්නේ මායාවක්ම තමයි. එක එක්කෙනාට ඕන විදිහට දකින්න පුලුවන්. හැඩගන්වන්න පුලුවන්.

![](/files/aWPt2FJbagiIVIYKmCgv)මෙන්න ට්‍රේලර් එක: <http://www.youtube.com/watch?v=Gcys8oUo5Jk>

**9. ‍Mulholland Drive (2001)**

![](/files/IZmAnXKRaPUYQcddA34o)මම පුංචි උදව්වක් ඉල්ලන්නම්. මේක චිත්‍රපටය බලලා ඉවර වෙලා මට කියනවද මේකෙ මොකක්ද උනේ කියලා. මට නම් අදටත් තේරෙන්නෙ නෑ මේ ෆිලුමේ මොකක්ද උනේ කියලා. ඩ්‍රාමා. මිස්ට්‍රි ගනයට අයත් වෙන මේ සලරුව නරඹන්නන්ව වික්ශිප්තභාවයට පත් කරන්නම නිර්මාණය කරපු දෙයක් කියලා තමයි මටනම් හිතෙන්නේ.

![](/files/GYPlRXnm56B7BTOgDa1V)මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=XQ5Q0CHQ0EU>

**10. ‍Identity (2003)**

![](/files/oExwcPsRDQwrq8K1ooVS)ජෝන් කුසැක්, ඇමැන්ඩා පීට් රඟන Identity චිත්‍රපටය අනිවාර්යෙන්ම නැරඹිය යුතු එකක් යැයි මට හිතෙනවා. ස්ලෑශර්, ත්‍රිලර් ගනයට වැටෙන මෙය පැය එකහමාරක් තුල අපිව නන්නඳුනන ඉසව්වක අතරමං කරන්න සමත් වෙනවා. මට හිතෙන හැටියට නම් මෙහි කියවෙන දෙය එක්තරා විදිහකට ඉතා භයානක යැයි කියන්න පුලුවන්. මොකද එක්තරා මොහොතක ලෝයර් කෙනෙක් කියන කතාවට මම පුදුම උනා. ඔහු අහනවා අපි සිරගත කල යුත්තේ වැරැද්ද කල ගතද, නැත්නම් හිතපු මනසද කියලා? ඉතින් මමත් ඕගොල්ලන්ට හිතන්න යමක් ඉතුරු කරනවා.

![](/files/LIbFOW1Xdvgw8eUvIq8G)මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=tIfcdg7etE0>

ඔන්න එහෙනම් සිනිඳු මනසට එරෙහිව සිනමාව (I) කොටස මෙතනින් සමාප්තයි. බයවෙන්න දෙයක් නෑ තව තියෙනවා ගොඩක් මේ වගේ ෆිලුම්. ඊලඟ කොටසෙන් තවත් ටිකක් ගැන කියන්නම්. ඉතිං මම හිතුවා හැමදාම චිත්‍රපට ගැන, දර්ශනය ගැන ලියනවාට අමතරව මම දන්න ටෙක් වැඩ කෑලි ටිකකුත් ගැන ලිව්වානම් හොඳයි කියලා. තමන්ටම කියලා ෆ්‍රී වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් හදා ගන්නේ කොහොමද, තමන්ටම කියලා ෆ්‍රී ඩොමේන් එකක් ගන්නේ කොහොමද, තමන්ටම කියලා වීපීඑන් එකක් හදා ගන්නේ කොහොමද වගේ දේවල් ටිකක් ගැන කතා කලොත් කාට කාටත් හොඳයි කියලා හිතෙනවා මට. එහෙනම් ඒ ගැනත් ඕගොල්ලන්ගේ අදහස් දක්වන්න. තව මේ චිත්‍රපට ටික බලලා කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. අලුතෙන්ම නම් මගේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තේ, පරණ ඒවත් කියවලා බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ආපහු මේ වගේම පෝස්ට් එකකින් හමු වෙනකන්, Stay Weird…


# සුපර් මෑන් බුලට් පෲෆ් ද?

<figure><img src="/files/fmDPmzbnAOzGqjBDysR3" alt=""><figcaption></figcaption></figure>

January 10, 2019

කාලෙකට පස්සේ මේ කතාවක් කියන්නේ. විකාර නැතුව කෙලින්ම කතාවට බහිමු. මුලින්ම කියන්න ඕනේ, සුපර් මෑන් ගේ පසුබිම ගැන. ඒ කියන්නේ උප්පත්ති කතාව ගැන. සුපර් මෑන් නැත්නම් කැල් එල් උපන්නේ ක්‍රිප්ටන් කියන ග්‍රහ ලෝකේ. ඒක පොලව වගේ 1.5ක් ලොකුයි.[\[1\]](https://en.wikipedia.org/wiki/Krypton_\(comics\)) අපේ පොලොවේ හරය හැදිලා තියෙන්නේ යකඩ හා නිකල් වලින්.[\[2\]](https://wonderopolis.org/wonder/what-is-earths-core-made-of) (Iron atomic mass - 55.845 u Nickel atomic mass - 58.6934 u) ඒත් ක්‍රිප්ටන් වල හරය හැදිලා තියෙන්නේ යුරේනියම් වලින් කියලා තමයි කියන්නේ.[\[3\]](http://superman.wikia.com/wiki/Krypton) (Uranium atomic mass - 238.02891 u)

දැන් බලන්න තියෙන දෙයක් තමයි අපේ පොලොවයි ක්‍රිප්ටනුයි අතර තියෙන වෙනස. අපේ පොලොවේ ස්කන්ධයට වඩා ක්‍රිප්ටන් වල ස්කන්ධය වඩා අඩුයි. $$m = v\rho$$ සමීකරණයට අනුව බැලුවම ඒක පේනවා. ක්‍රිප්ටන් වල ඝනත්වයත් වැඩී, පරිමාවත් වැඩී. ඇයි ක්‍රිප්ටන් හරය හැදිලා තියෙන්නේ යුරේනියම් වලින්නේ. දැන් බලන්න තියෙන දේ තමා වායුගෝල වල වෙනස. සරලයි, ක්‍රිප්ටන් වල වායුගෝලයේ පීඩනය වැඩි වෙන්න ඕනේ අපේ වායුගෝලීය පීඩනයට වඩා. එතකොට තව බලන්න තියෙන්නේ ගුරුත්වාකර්ශන බල වල වෙනස. හරිම සරලයි, ක්‍රිප්ටන් වල බලය වැඩි.\
**(**$$F = \frac{GMm}{r^2}$$**)** සමීකරණයට අනුව බැලුවම ඒක පේනවා. G,m, නියත කියලා ගත්තොත්, M (ක්‍රිප්ටන්වල ස්කන්ධය) වැඩි. ඒක හින්දා F වැඩී.

දැන් තියෙන ප්‍රශ්නේ මෙච්චරයි. සුපර්මෑන් පියාඹන්නේ කොහොමද?

ඒකට උත්තරේ දෙන්නේ මෙහෙමයි. සුපර්මෑන් පියාඹන්නේ නෑ උඩ පනිනවා කියලා උපකල්පනය කරන එක. ඒක ඔප්පු කරන්න ලේසි. මෙහෙමයි ඒක වෙන්නේ. ඒකට අවශ්‍ය කරන්නේ වියෝග ප්‍රවේගය කියන කන්සෙප්ට් එක. **(**$$V = \sqrt{\frac{2GM}{r}}$$**)** ඔන්න ඔය සමීකරණයට අනුව බැලුවම පේනවා ක්‍රිප්ටන් වල වියෝග ප්‍රවේගය අපේ පොලොවේ වියෝග ප්‍රවේගයට වඩා ගොඩක් වැඩි වෙන්න ඕනේ. අනිත් කතාව තමා ක්‍රිප්ටන් වල ගුරුත්වාකර්ශන ක්ෂේත්‍ර තීව්‍රතාවත් ගොඩක් වැඩී. \*\*($$g = \frac{GM}{r^2}$$)\*\*එතකොට සුපර් මෑන් අපේ පොලවට ආවම එයාගේ ඇඟේ ජාන හින්දා එයාගේ ඇඟ හැදෙන්නේ, ක්‍රිප්ටන් වලට හරියන විදිහට. ඒක හින්දා මිනිහා අපේ පොලොවට ඇනෝමලි එකක්. සුපර් මෑන්ගේ ඇඟේ තියෙන කොම්පොසිශන් එක අපේ ඇඟට වඩා වෙනස්. මිනිහගේ ඇඟේ අස්ථී වල ඝනත්වය අපේ ඒවට වඩා වැඩී. හම ශක්තිමත් ලොකු වායුගෝලීය පීඩනයක් දරා ගන්න පුලුවන් විදිහට හැදිලා තියෙන්නේ. සුපර් මෑන් අපේ පොලොවේ ඉඳන් උඩ පැන්නම අභ්‍යවකාශයටම යන්න පුලුවන් වෙන්නේ මිනිහගේ පැනිල්ල තුල අපේ පොලොවේ වියෝග ප්‍රවේගය ගැබ්වෙලා තියෙන හින්දා. මිනිහා අහසේ පාවෙන්නේ කොහොමද කියලා නම් අහන්න එපා, අභයවකාශේ හුස්ම නොගෙන ඉන්නේ කොහොමද, ආරක්ශක ඇඳුම් නැතුව රික්තයක ඉන්නේ කොහොමද කියලා අහන්න එපා මගෙන්. ඒවා නොඇසිය යුතු ප්‍රශ්න.

![සුපර් මෑන්](/files/S3aiWxvhHsKYbECDDYHy)

දැන් තියෙන්නේ හොඳම කතාව. සුපර් මෑන් කොහොමද වෙඩි නොකා ඉන්නේ. මිනිහගේ ඇඟේ උන්ඩ වැදිලා විසිවෙන්නේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. ඕකට මන් ගාව තියෙනවා ලාවට වගේ උත්තරයක්. ඒක පැහැදිලි කරන්නේ උදාහරණයක් මගින්. ඔයා දැකලා ඇති, වේගෙන් ගලක් ගැහුවම ඒක වැවේ ජලය උඩින් පැන පැන යනවා, වේගේ අඩු උනාම ගිලෙනවා. හැබැයි කෙලින්ම ගලක් වැවට දැම්මොත් ගිලෙනවා. මේකට බලපාන්නේ තරල වල තියෙන ලක්ෂනයක් වන පෘෂ්ඨික ආතතිය හින්දා. දැන් කට්ටියට තියෙන ප්‍රශ්නේ උන්ඩ වැදුනම එබෙන්නේ නැති සුපර්මෑන්ගේ හම, ලුවිස් ලේන් ඇල්ලුවම එබෙන්නේ ඇයි කියන එකනේ. ඒකට හේතුවත් අර වැවේ උදාහරනෙන්ම ගන්න පුලුවන්. උන්ඩ එන්නේ **තත්ප**රයට අඩි 2700ක් විතර වේගෙන්. හැබැයි ලුවිස් ලේන් සුපර් මෑන්ව අල්ලන්නේ හෙන හෙමින්. ඉතින් අතින් ඇල්ලුවම එබෙනවා, උන්ඩේ වැදුනම ඒක විසිවෙනවා. සරලයිනේ. දැන් අහන්න එපා උන්ඩේ කෙලින්නේ එන්නේ, ගල විසිකරන්නේ වැව හරහා නේ කියලා. ඕවට උත්තර මන් ගාව නෑ.

කොහොමහරි කියන්න ඕනේ කතාව මෙච්චරයි, ඔය ලෝකේ තියෙන හැම මඟුලක්ම විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. සමහර ඒවා ඔප්පු කරන්න තව අපේ දැනුම වර්ධනය වෙන්න ඕනේ. කොහොමත් අර සුපර් මෑන්ගේ කතාවේ පෙන්නේ සයන්ස් නෙවේ, රොමාන්ස්. ඒකේ පෙන්නන්නේ ඉන්ඩිස්ට්‍රක්ටබල් කියන සුපර්මෑන් උනත් උගේ කෙල්ල ඉස්සරහ නිකම්ම නිකං මිනිහෙක්ම තමා කියලා. ඕවා ඉතිං මැජික් නෙවේ නේ. කවුරුත් ඒ සීන් එක දන්නවනේ. පේනවනේ උන්ඩ වලට කරන්න බැරි දේවල් ආදරයට කරන්න පුලුවන්. ඒක හින්දා ආදරය කරද්දී පරෙස්සමෙන්. මතක තියා ගන්න, ඕනේ දෙයක් ඕනවට වඩා හොඳ නෑ කියලා. එහෙනම් මේ වගේ තවත් විකාර පෝස්ට් එකකින් හමුවෙනකං, Stay Weird...


# කසාද බැඳපු එකාත් දුකින්, බැඳපු නැති එකාත් දුකින්...?

<figure><img src="/files/KJoqMSCgTOJ3TRiUsQZF" alt=""><figcaption></figcaption></figure>

October 13, 2018

ඔයා ඉන්නේ පසුතැවිල්ලෙන්ද? මොකක් කලත් හරියන්නේ නැද්ද? හිතට සතුටක් ඇත්තෙම නැද්ද? හැමතිස්සෙම අය්යෝ අපරාදේ අරෙහෙම කලේ නෑනේ මම, අපරාදේ ඒක නොකර ඉන්න තිබ්බේ මට කියල හිතෙනවද? එහෙනම් හරි. මගෙන් සුබ පැතුම්. ඔයා මනුස්සයෙක් කියන එක ෂුවර්. ඔව්, පුදුමයි නේ. ඒත් ඇත්තයි. මම අද මේ කියන්න යන්නේ ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්. විනාඩි පහක් අරන් ඉවර වෙනකල්ම කියවන්න. හරි කතාවට බහිමු එහෙනම්. ඇයි මේ මිනිස්සු මෙච්චර පසු තැවිල්ලකින් ජීවත් වෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට හොඳ උත්තරයක් දීලා තියෙනවා, මේ කවරේ ඉන්න මහත්තයා. එයා තමයි [Søren Kierkegaard](https://en.wikipedia.org/wiki/S%C3%B8ren_Kierkegaard) කියන්නේ. සුපිරි චරිතයක්. එක්දහස් අටසිය ගණන්වල ඩෙන්මාර්කයේ ජීවත් වෙච්ච දාර්ශනිකයෙක් තමා මෙයා. මෙයා කියලා තියෙන සුපිරිම කතාවක් තමයි, මිනිස්සු ඇයි මේ පසුතැවිල්ලෙන් කාලය ගත කරන්නේ කියන එක ගැන. මෙයා කියන විදිහට මනුෂ්‍යයෙක් වීමේ මූලික ලක්ෂණයක් තමයි මේ පසුතැවිල්ල සහ බලාපොරොත්තු විරහිත ස්වභාවය. "මරණය තෙක් දුක් විඳීම" කියන එක තමයි මේකෙන් මෙයා ගොඩක් පැහැදිලි කලේ. දැන් මම කියල දෙන්නම් ඇයි  මිනිස්සු මෙහෙම වෙන්නේ කියල.

1. අපි සමහර වෙලාවට හිතන් ඉන්නවා අපිට කිසිම දෙයක් බෑ කියලා.
2. අපි සමහර වෙලාවට හිතන් ඉන්නවා අපිට හැමදේම පුළුවන්, ඒත් මොකක්ද හරි එක කියලා තීරණය කරගන්න බැරුව ඉන්නවා

ඔන්න ඔය හේතු දෙක තමයි අර මම කලින් කියපු එකට හේතු. කීකගාර්ඩ් කියන විදිහට අපි මොන තීරණේ ගත්තත් අපි පසුතැවෙනවා. මෙයාගේ [Either/Or](https://en.wikipedia.org/wiki/Either/Or) කියන පොතේ මේක සුපිරියට විස්තර කරලා තියෙනවා.

> "If you marry you will regret it. If you don't marry you will also regret it. \[Whether] you marry or you do not marry you will regret both..."

දැන් තේරෙනවනේ මොන මගුල කරත් අපි දුකින් තමා ඉන්නේ කියලා. අනිත් කාරණය තමයි, අපි මොන තීරණය ගත්තත් අපි ඒ තීරණය ගැන ලොකු අවුලකින් ඉන්නේ. (Anxiety) මේ හිතේ ඇතිවෙන අමුතු අවුලටත් හේතුව අර පොතේ තියෙනවා. ඒ තමයි අපේ තීරණ අභ්‍යන්තරයේ තියෙන අවිනිශ්චිත ස්වභාවය. -මේක කලොත් මොකක් වෙයිද දන්නේ නෑ. නොකලොත් මොකක් වෙයිද දන්නේ නෑ. -දැන් මම මේක කලානේ, දැන් මට මොනවා වෙයිද දන්නේ නෑ. අපරාදේ මේක නොකර ඉන්න තිබ්බේ. ඔහොම හිතිලා නැති කෙනෙක් ඉන්නවනම් වහාම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මට දැන අඳුර ගන්න හරි ආසයි එහෙම මනුස්සයෙක්ව. මේ මම කියන හිතේ අවුලට හේතු වෙන්නේ වෙන මොන මගුලක් වත් නෙවේ. අපිට තීරණ ගන්න තියෙන නිදහස. "Anxiety is one of the ways we experience freedom..." අපිට ඕනෙම තීරණයක් ගන්න හරි නිදහසක් නේ තියෙන්නේ, එහෙම උනාම අපි ගන්න තීරණය හා බැඳුණු ප්‍රතිවිපාක වලටත් අපිට වග කියන්න වෙනවා. මේක තමා අර anxiety එකට හේතුව.

සුපිරි උදාහරණයක් දෙන්නම්. මෙහෙම හිතන්නකෝ. අම්මා කියනවා කිරිපිටි පැකට් එකක් අරන් එන්න කියලා. ඔයා කඩේට ගියාම කල්පනා කරනවා, අප්පච්චියේ අපේ අම්මා මට ගේන්න කියලා බ්‍රෑන්ඩ් එකක් කිව්වේ නෑනේ. දැන් මොන බ්‍රෑන්ඩ් එකද මම තෝරාගන්න ඕනේ, ලංකාවේ හදන වස විස නැති කිරිපිටි ජාතියක් ගන්නවද නැත්නම් සුද්දන්ගේ රටින් එන එකක් ගන්නවද කියලා ඔයාට තීරණයක් ගන්න වෙනවා. දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා හිතේ. සුද්දන්ගේ එකක් අරන් ගිහින් අම්මගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. අම්මා කෙලින්ම කියනවා අරන් එන්න කියලා ලංකාවේ හදන වස විස නැති කිරිපිටි පැකට් එකක්. දැන් තියෙනවද අරම හිතේ කැකෑරෙන ප්‍රශ්නයක්. නෑ නේ. හේතුව අම්මා ඔයා වෙනුවෙන් තීරණය අරන් ඉවරයි. ඒකෙ බරපතල කමත්, එකේ ප්‍රතිවිපාකත් අම්මම විඳින්න තීරණය කරලා ඉවරයි. දැන් ඔයාට බයවෙන්න දෙයක් නෑ. කඩේට ගියා ගත්තා, ඉවරයි. අන්න ඒවගේ තමයි අපේ ඇත්ත ජීවිතේ ගන්න තීරණත්.

මේ මනුස්ස ජීවිතේ, මේ පසු තැවිල්ලටයි, anxiety එකටයි බෙහෙතක් නෑ. කරන්න දේවල් දෙකයි තියෙන්නේ. එක්කෝ ජීවිතේ ඔහොම තමයි කියලා හිත හදාගෙන ජීවිතයට අරුතක් දෙන විදිහට ජීවත් වෙන එක. කීකගාර්ඩ් කියන විදිහට, "We must live forward and understand backwards..." ඒ කියන්නේ, ජීවිතේ ජීවත් වෙලයි තේරුම් ගන්න ඕනේ. නැතුව ජීවත් වෙන්න කලින් මේක තේරුම් ගන්න බෑ. ඇත්තටම මේ ජීවිතේ හරියට සිලබස් එකක් නැති කෝර්ස් එකක් වගේ. හිටපු ගමන් සුපිරි එසයින්මන්ට්, ගෘප් ප්‍රොජෙක්ට්, ප්‍රසන්ටේෂන් එහෙම දෙනවා. වෙලාවකට ඇඬේන්නම mid exam එකත් දෙනවා. ෆස්ට් ෂයි එකේ බැරි උනොත් සෙකන්ඩ් එකේ හරි ගොඩ යන්න පුළුවන්. කවුරුවත් ෆේල් වෙන්නේ නෑ. රිපීට් වෙනවා විතරයි. හරිම ආන්ජමිකයි මේ ජීවිතේ. මෙහෙම ජීවිතේට අරුතක් දෙමින් ජීවත් උනත් මේ කිසිම දෙයක අභ්‍යන්තර වටිනාකමක් නෑ කියලා තේරුම් අරන් ඉන්න එකට තමා කියන්නේ සුපිරි ඉංග්‍රීසි වචනයක්, ඒක තමා [Existential Nihilism](https://en.wikipedia.org/wiki/Existential_nihilism) කියලා. මේක ගැන ලාවට විස්තරයක් මගේ [කලින් ලිපියේ](https://blog.niweera.gq/2018/10/01/evil/) තිබ්බා. ඒක කියෙව්වේ නැත්නම් ඒකත් කියවල බලන්න පොඩි තේරුමක් ගන්න.

හරි දැන් මෙහෙම හිතන්නකෝ, ඔයාට හිතෙන්න පුළුවන්, මේ අපි ජීවිතේ අරුතක් හොයනවා කියලා කරන්නෙත් පිස්සුවක් නේ, අම්මා තාත්තා දීපු හෙවත් බලෙන් පටවපු හීන ගොඩක් පස්සෙනේ දුවන්නේ. සිස්සත්වේ පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන්න, ඕලෙවෙල් ඒ අකුරු නමයක් ගන්න. ඒකෙන් තවත් ලොකු ඉස්කෝලෙකට යන්න. ඊට පස්සේ ඒලෙවෙල් එකට මැත්ස් බයෝ කරන්න. දොස්තර ඉංජිනේරුවෙක් වෙන්න, රටේ රෑන්ක් එකක් දාන්න පුළුවන් වෙන්න ඒ අකුරු තුනක් ලොකු ඉසෙඩ් එකක් එක්ක දාන්න කියලා සුපිරි හීන ටිකක් අපි කා ගාවත් තිබ්බනේ. දැන් කට්ටිය මෙහෙම කියනවා ඇති. (මෙතැන් සිට සලකනු ලබන්නේ ඉහත සඳහන් කරන ලද සියලුම හීන බිඳ වැටුණු බවයි.) අය්යෝ සිස්සත්වේ පාස් උනේ නෑනේ. එක්කෝ සිස්සත්ත්වේ පාස් උනා ඒත් අහවල් ඉස්කෝලෙට යාගන්න පුළුවන් වෙන්න ලකුණු ගන්න බැරි උනානේ. අයියෝ ලකුණු තුනයිනේ මදි උනේ. අපරාදේනේ පුතේ, තව චුට්ටක් මහන්සි උනානම් යන්න තිබ්බනේ අහවල් ඉස්කෝලෙට. ඔන්න ඔහොම කියනවා පොඩි එකාට.

ඊට පස්සේ ඒ පොඩි එකා එනවා ඕලෙවෙල් වලට. ඒකෙන් කොල්ලා ෆේල් නෑ. ඒත් කට්ටිය කියනවා, අයියෝ පුතේ, තව චුට්ටක් මහන්සි උනානම් ඒ නමයක්ම ගන්න තිබ්බනේ. ඇයි පුතේ ඔයාට බැරි නෑනේ. ඔයාට උවමනාවක් තිබ්බේ නැති එකනේ උනේ, කියල. දැන් ඒ මනුස්සයා එනවා ඒලෙවෙල් කරන්න. ඒකෙත් ඒ තුනක් ගන්න බැරිවෙනවා. අයිලන්ඩ් රෑන්ක් ගැන කතා කරන්න ඕනෙම නෑ. කට්ටිය සුපිරි කතා කියන්නේ. අර බලපන්, උඹත් එක්ක එකට ඉඳපු උන් අහවල් විශ්වවිද්‍යාලෙට යන්නේ. අර අහවලාගේ පුතා අහවල් විශ්වවිද්‍යාලෙට යන්නේ. මිනිහා දක්ෂයා. අපරාදනේ, ඔය කොල්ලෝ එක්ක රස්තියාදු ගහ ගහ ඉඳපු වෙලාවේ, ෆිල්ම්, ටීවී සීරිස් බල බල කාලේ කාපු වෙලාවේ පාඩමක් කලානම් නිකන්ම අහවල් විශ්වවිද්‍යාලෙට යන්න තිබ්බනේ. එහෙනම් අහවල් ඩිග්‍රී එකක්නේ කරන්නේ, කියලා ඒගොල්ලෝ කියනවා.

ඊට පස්සේ කට්ටිය තව මෙහෙමත් කියනවා, උඹ සිස්සත්වේ ෆේල් නම් උඹ අසාර්ථකයි. උඹට අහවල් ඉස්කෝලෙට යන්න බැරි උනානම් උඹ අසාර්ථකයි, කියලා. තව කියනවා උඹ ඒ නමයයි, ඒ තුනයි ගත්තේ නැත්නම් උඹ අසාර්ථකයි කියලා. අසාර්ථකත්වයේ නියම අර්ථය නොදැන තමයි කට්ටිය මෙහෙම කියන්නේ. මම කියලා දෙන්නම් අසාර්ථකත්වයේ නියම අර්ථය. ඒක තමයි,

> "තමුන්ට යම් දෙයක් කරන්න හැකියාව සහ ශක්‍යතාවය තිබියදීත්, එම කටයුත්ත සම්පූර්ණ කිරීමට අවශ්‍ය දැනුම, ආකල්ප හා කුසලතා තිබියදීත්, එම දෙය කිරීමට අවම වශයෙන් උත්සාහ වත් නොකිරීම..."

මාළුවෙකුට ගස් නගින්න බෑ කියලා ඌ අසාර්ථක නෑනේ. අලියට පීනන්න බෑ කියලා ඌ අසාර්ථක නෑනේ. අඹ ගහේ පොල් ගෙඩි හැදෙන්නේ නෑ කියලා අඹ ගහ අසාර්ථක නෑනේ. අන්න ඒ වගේ තමයි. අපි අපේ වපසරියට ගැලපෙන්න තමයි අපේ හීන සහ බලාපොරොත්තු තියන් ඉන්න ඕනේ. හඳට යන්න ට්‍රයි කලොත් අහසේ තරු අතරේ වත් නතර වෙන්න පුළුවන් කියලා කිව්වට, පොල්ගහක මුදුනක වත් රැඳෙන්න බැරි විත්තිය තේරුම් ගන්න කාලයත් එක්ක මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ.

ඇත්තටම කිව්වොත් සමහර විට ඔයාට මෙහෙම හිතෙන්නත් පුළුවන්. හැමෝම කියන්නේ, සල්ලි, සල්ලි, සල්ලි. ලොකු රස්සාවක්, ලක්ස ගානක පඩියක්, ලොකු ගෙයක්, ලොකු කාර් එකක්. ලොකු ලස්සන වෙඩින් එකක්. ඔන්න ඕවා තමයි වටිනවා කියලා කියන්නේ. ඒත් වාසනාවකට වගේ ඔයාට හිතෙන්න පුළුවන් මේ කිසිම දෙයක අභ්‍යන්තර වටිනා කමක් නැනේ, මැරෙද්දි මේ එක රෙද්දක්වත් අරන් යන්නේ නෑනේ කියලා. මේවා තිබ්බයි කියලා මිනිස්සු සතුටින් නෙවේනේ ඉන්නේ කියලා. (අර මම උඩින් සඳහන් කරපු හේතු නිසා මිනිස්සු කිසිම විටක සතුටින් සිටින්නේ නැත. ඔවුන් නිතරම පසු තැවිල්ලෙන් කාලය ගතකරයි කියල උපකල්පනය කලොත්.) එතකොට ඔයාට තේරෙනවා මේ කිසි දෙයක අර්ථයක් නෑනේ අර්ථයක් හොයන් යන එකෙත් වැඩක් නෑනේ කියලා. අන්න ඒ දර්ශනයට තමයි කියන්නේ ලස්සන ඉංග්‍රීසි වචනයක්. ඒ තමයි, Cosmic Nihilism එහෙම නැත්නම් Cosmic Pessimism කියන්නේ. අර බාගෙට පිරිච්චි වතුර වීදුරුවේ සීන් එක මේකට සුපිරි උදාහරණයක්. Optimist කියනවා, ඒක බාගෙට පිරිලා කියලා, Pessimist කියනවා ඒක බාගෙට හිස් කියලා. Cosmic Nihilist කියනවා, "Who gives a  shit?"

> "Nobody exists on purpose, nobody belongs anywhere, everybody's gonna die..."

කියලා. වැරද්දක් නෑනේ. Cosmic Nihilism එකේ අර්ථ දක්වනවා මෙන්න මේ විදිහට. මේ විශ්වයේ සෙවිය යුතු තරම් වටිනා දෙයක් නැත, ඒ වගේම, නිදහස, ආදරය, බලාපොරොත්තු, හා සතුට කියන දේවල් ඔක්කොම මිනිස්සු විසින් නිකන් ඉන්න බැරිවට ගොඩ නගා ගත්ත දේවල් මිසක් ඇත්ත අභ්‍යන්තරික වටිනාකමක් තියෙන දේවල් නෙවේ කියලා. මේ ඔක්කොම දේවල් මිනිස්සු තමන්ගේ ඇතුලාන්තයේ පවතින හිස්බව වහ ගන්නට, යථාර්තයෙන් සැඟවී, බොරු වෙස්මුහුණක් දාන් ඉන්න තමයි මේ ඔක්කොම දේවල් ගොඩනගාගෙන තියෙන්නේ. සුපිරි කතාවක් වෙන [Rick and Morty](https://en.wikipedia.org/wiki/Rick_and_Morty) එකේ මෙහෙම කියනවා, "What people call love is just a chemical reaction that compels animals to breed..." කියලා. මගේ මේ කතාවේ සමහර වදන් අරන් තියෙන්නේ මේ Rick and Morty එකෙන්ම තමයි. අර වාක්‍යයේ කියන්න තරම් වැරද්දක් මටනම් පෙන්නේ නෑ. වැරද්දක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැන කතා කරමු.

හරි එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය Existential Nihilism එකෙත් Cosmic Nihilism එකෙත් දෙකේම කියන්නේ නෑ ජීවිතේ අත ඇරලා දන්නා කියලා. ජීවිතේ පවතින අවිනිශ්චිතතාව පිළිබඳව නියම අර්ථකතනයක් දෙන්න උත්සහ කරලා තියෙනවා මේ දර්ශන දෙක තුලම. අවසාන, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි, තමුන්ගේ ජීවිතේ ගන්න තීරණ වලට බය වෙන්න එපා. හරි තීරණ ගන්න හරි වෙලාවට. කාටවත් ඔයාට, තමුන් failure එකක් කියලා කියන්න ඉඩ තියන්න එපා. උත්සාහ කරන්න. බැරි උනාට කමක් නෑ. මම හැමදාම කියනවා වගේ, රිස්ක් එකක් ගන්න බය වෙන්න එපා. අලුත් දෙයක් කරන්න, කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න එපා. "Keep moving forward..." කියලා තමයි ඉතිං මට කියන්න තියෙන්නේ. අවසාන, අවසාන, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ කතාව හොඳයි නම් අනිත් අයටත් පෙන්න ෂෙයාර් කරන්න. ඕනේ නම් බ්ලොග් එකට subscribe වෙන්න දකුණු පැත්තේ තියෙන ලින්ක් එකෙන්. තව ඕනේ නම් නිකන් ඇඩ් එකක් දාගන්න, ඔය දකුණු පැත්තේ ඉඩට හරියන්න පොඩි පින්තුරයයි, ලින්ක් එකයි එවන්න. නිකන්ම ඇඩ් එකක් දාගන්න. ලෝකෙටම පෙන්නන්න. හරි එහෙනම් මම ගියා. ආයේ එහෙනම් මෙහෙම විකාර පොස්ට් එකකින් හමු වෙනකන්, Stay Weird...


# Batman is evil... Thanos was right?

<figure><img src="/files/87NCck6FBmOU6pe5pK7m" alt=""><figcaption></figcaption></figure>

October 1, 2018

ඔව් Batman evil තමා. හිතාගන්න බෑනේ, සුපිරි වීරයෙක් වෙච්ච මෙයා කොහොමද දුෂ්ටයෙක් වෙන්නේ කියලා. ඔහොමම ඉන්නකෝ මම කියලා දෙන්නම්. අහ් තව කියන්න දෙයක් තියෙනවා, හැපිම හැපි ලෝක ළමා දිනයක් වේවා. ඒවගේම හැපිම හැපි ලෝක වැඩිහිටි දිනයකුත් වේවා. ඉතින් වැඩි වැල් වටාරම් නැතුවම මම කතාවට බහින්නම්කෝ. කොහොමද හොඳ මිනිස්සු, ඒ වගේම නපුර සමග සටන් කරන මිනිස්සු කාලයත් එක්ක නරක මිනිස්සු බවට පත්වෙන්නේ? දවසේ ප්‍රශ්නය මේක තමා. මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් [ෆ්‍රෙඩ්රික් නිෂ්](https://en.wikipedia.org/wiki/Friedrich_Nietzsche) කියන ජර්මන් ජාතික දාර්ශනිකයා විසින් රචිත [Beyond Good and Evil / On the Genealogy of Morals](https://en.wikipedia.org/wiki/Beyond_Good_and_Evil) කියන පොතේ තියෙනවා.

"He who fights with monsters should be careful lest he thereby become a monster. And if thou gaze long into an abyss, the abyss will also gaze into thee."

සුද්ද සිංහලෙන් කිව්වොත්,

යක්කු එක්ක සටන් කරන මිනිස්සු පරෙස්සමින්. ඒගොල්ලොත් යක්කු වීමට ඉඩ තියෙනවා, කියන එක තමා මේ කියලා තියෙන්නේ. අන්න ඒක හින්දා තමයි Batman is evil කියලා කිව්වේ. එයා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියන එක ඇත්තටම අදාළ නෑ. මොකද මිනිහා ෆික්ෂනල් කැරැක්ටර් එකක්නේ. හැබැයි වර්තමානයේ අප අතරෙත් Batman ල ඉන්නවා. අන්ධකාරයේ සැඟවෙමින් නපුර සමග සටන් කරන නිහඬ වීරයින්. ඒගොල්ලන්ට අපි සමහර වෙලාවට පොලිසිය කියලත් කියනවා. හමුදාව කියලත් කියනවා. එක එක නම් කියනවා. හැබැයි, මේ දවස්වල නිතරම ඇහෙන දෙයක් තමා, මේ පොලිසියත් evil කියල. කොයි නිවුස් එක බැලුවත් කියන්නේ අර කවුද පොරක් හෙළි කරන රහස් ගැන. පොලිසිය අරම කරා, මෙහෙම කරා කියලා, කියනවා. බලාගෙන ගියාම කියන්න තියෙන්නේ, වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද දෙවියනේ කියලා තමා. පොලිසියත් ඉතින් නපුර සමග ලඟින් ලඟින්ම සටන් කරනවනේ. එතකොට ඒ ගොල්ලන්ටත් නිෂ් කිව්වා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒගොල්ලොත් නපුරේ අතකොළුවක් වෙන්න පුළුවන්. හරිම භයානක සිද්දියක් තමා මේක. අපිව නපුරෙන් ආරක්ෂා කරන්න ඉන්න මිනිස්සු නපුර එක්ක එකතු උනාම, සාමාන්‍ය ජනයා වෙච්ච අපි අතරෙන්ම නපුරට විරුද්ධව විරුවෙක් බිහිවෙන්න ඉඩ තියෙනවා. ඒගොල්ලන්ට තමා [vigilante](https://en.wikipedia.org/wiki/Vigilante) කියල කියන්නේ. ඔය බැට්මෑන්, ඇරෝව්, පනිෂර් වගේ කොමික් චරිත බිහිවෙන්නෙත් ඔය කියන සංකල්පේ උඩ.

හැමෝම වීරයෝ කියලා හිතන් ඉන්න ඔය vigilante ලා ගැන මම වැඩිය කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒකෙ තේරුමක් නෑනේ. මහජනතාව රැක ගන්න එක ගැන වදවෙන්න ඕන මහජනතාවම තමා. ඒ කිව්වේ ගවන්මන්ට් එක. අපි ලොකුවට රජය රජය කියලා පස්සෙන් දිව්වට වෙන රටවල ඕකට කියන්නේ, public කියලා. අපි government spending කිව්වට සුද්දෝ කියන්නේ public spending කියලා. අනිත් ඒවත් ඒ වගේම තමා. මේකනේ අපේ රටේ වෙලා තියෙන්නේ, public spending කියලා කියන්න බෑනේ. ඔක්කොම තම තමන්ගේ private spending වගයක්නේ තියෙන්නේ. හරි දේශපාලනේ ගැන කතා කරා ඇති. එහෙනම් අපි බහිමු Thanos was right උනේ ඇයි කියන කතාවට. හැමෝම ඉන්ෆිනිටි වෝර් බලන්න ඇති කියලා හිතනවා. නැත්නම් ඔන්න spoiler alert! Thanos කතාවේ ජය ගන්නවා. ඔක්කොම ඉන්ෆිනිටි ගල් ටික අරගෙන විශ්වයෙන් බාගයක් නැති නාස්ති කරලා දානවා. මම දකින විදිහට නම් ඒක හරිම සාධාරණ වැඩක්. හරිම අහඹු විදිහට ජීවීන්ව දූවිලි වලට හරවනවා. හරිම සාධාරණයි. සල්ලි කාරයෝ ටික විතරක් ඉතුරු කරලා දුප්පත් මිනිස්සු ටික මරල දැම්මේ නෑ.

දැන් කට්ටිය අහන්න පුළුවන් විශ්වයේ බලවත්ම මිනිහා වෙච්ච Thanos ඇයි එහෙම කලේ කියලා. මිනිහගේ දර්ශනේ තියෙන්නේ, මේ විශ්වයේ ජීවීන් ටික දවසින් දවස ජනගහනය වැඩි කරනවා, ඒවාට ඔරොත්තු දෙන්න සම්පත් මදි, ඒක හින්දා මේක ආපහු සමතුලිත කරන්න නම් ජීවීන් හරි අඩක් අයින් කරන්න ඕනේ කියන එක. ඉතින් මිනිහට හරියි කියලා හිතෙන දේ කරා. දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඇයි එහෙනම් තියෙන සම්පත් ටික දෙගුණ කලේ නැත්තේ ඇයි කියලා. මේකට සුපිරි උත්තරයක් දීලා තියෙනවා බුදු හාමුදුරුවෝ. ඒ තමයි රත්තරන් වැස්සක් වැටුනත් මිනිස්සුන්ට ඒ මදි කියලා. අන්න ඒකයි කතාව. මේ මිනිස්සුන්ට මදි මේ දෙගුණයක් වෙච්ච සම්පත් ටිකත්. ඒකටත් ආයේ මරාගන්නවා. තවත් ජනගහනය වැඩි වෙනවා. කලින් තිබ්බ ප්‍රශ්න ටික ආයේ මතු වෙනවා. ඉතින් Thanos was right නේ? කරපු වැඩේ කැතයි තමා, ඒත් කරන්න දෙයක් නෑ. ඒකට තමා necessary evil කියලා කියන්නේ.

ඇත්තටම මේ Thanos ගේ දර්ශනේට බලපාන තවත් දර්ශනයක් තියෙනවා, ඒ තමයි [Nihilism](https://en.wikipedia.org/wiki/Nihilism) කියන්නේ. නැත්නම් ඕකට සිංහලෙන් කියන්නේ නාස්තිකවාදය කියලා. සුද්ද සිංහලෙන් කිව්වොත්, මේ ජීවිතේ කිසිම අභ්‍යන්තර වටිනාකමක් නෑ. විශේෂත්වයක් නෑ කියන එක. අර කට්ටිය කියන්නේ, one man can make a difference කියලා. Nihilism වලට අනුව මේ කතාව බොරුවක්. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් විශේෂ නෑ කියන එක තමා මේ දර්ශනේ මූලිකව කියන්නේ. ඉතින් Thanos ඔක්කොම මිනිස්සු ටික අතුගාලා දාපු එක මිනිහගේ දර්ශනේට අනුව හරි. මේ ලෝකේ යහපත වෙනුවෙන් කියලා හිත හදා ගන්න තියෙන්නේ. හරි එහෙනම් මගේ කතාව අවසානයි, මතක තියාගන්න, Thanos මොන මගුල කලත්, අපිට වැඩක් නෑ. One man/woman can make a difference. අන්න එකයි ඇත්ත. රෑට කොච්චර ලෝකේ අඳුරු උනත් දවල්ට ලෝකේ හරිම දීප්තිමත් කියලා මතක තියාගන්න. වෙනසක් කල මනුස්සයෙක් වෙන්න හිතා ගන්න. හැමදාමත් මම කියනවා වගේ රිස්ක් එකක් ගන්න. අලුත් දෙයක් කරන්න. සමාජෙට විරුද්ධ වෙන්න. හැමෝම ඔයාට බෑ කියලා කියයි. ලෝකෙම විරුද්ධ උනත් ඔයාට විරුද්ධ වෙන අයට විරුද්ධ වෙන්න. ජයග්‍රහණය තියෙන්නේ අන්න එතනයි. එහෙනම් ඔන්න මම ගියා. Over and out. එහෙනම් ආයේ මේ වගේ විකාර කතාවක් සමගින් ඔයාව හමු වෙනකන්, Stay Weird...


# සමාජයේ ප්‍රගමනයට සමාජ විරෝධියෙක් වන්න…?

<figure><img src="/files/t1GKgYkl3YQvyUdnj24q" alt=""><figcaption></figcaption></figure>

September 20, 2018

අනවශ්‍ය ලෙස දිගු නිහැඩියාවකින් පස්සේ තමා මේ ඔයාව හමු වෙන්න එන්නේ. මොනවා කරන්නද, විභාග, එසයින්මන්ට්, ප්‍රසන්ටේෂන් ඔක්කොම එක පිට වැටුනම මොන මගුලක්වත් කරගන්න බෑනේ. අන්තිමට කට්ටිය එක්ක හයියෙන් [හිනා](https://blog.niweera.gq/2018/06/20/%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8f/) වෙච්ච දවසක්වත් මතක නෑ. අනිත් හේතුව තමා, අර කවුද මහත්තයෙක් මොකක්ද රස්තියාදුවක් ගැන පොතක් ලිව්වනේ. මමත් ඉතින් ඕක කියවල බැලුවා. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. ඒ මහත්තය පොත් ලියන ශෛලියටම තමා මමත් ලියන්නේ කියල මට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ පොත ලාවට වගේ කියවපු එවුන් කියන්න පටන් ගත්ත අර මහත්තය ලියන්නෙත් උඹ ලියන විදිහටම තමා කියලා. මාතෘකාව එකක්, කතාව වෙන එකක්. පලවෙනි ඡේදයේ තියෙන කතාව දෙවෙනි ඡේදයත් එක්ක ගැලපෙන්නේ නෑ. කතාවේ මුලයි මැදයි ගැලපෙන්නේ නෑ, ඔය වගේ සීන් වගයක් තියෙනවා කියලා මට තේරුණා. ඉතින් මම ඒ පොතේ උණුසුම යනකන් නිහඬව ඉන්න තීරණය කළා. ඉතින් ඒවායින් වැඩක් නෑ. කතාවට බහිමුකෝ. මොකක්ද දෙයියනේ සමාජයේ ප්‍රගමනයට සමාජ විරෝධියෙක් වන්න කියන කුනුහරුපේ තේරුම? මෙහෙම හිතෙනවා ඇති නේ. ඇත්ත, මටත් මුලින්ම මේ ගැන කල්පනා කර කර ඉන්න කොට හිතුනෙත් ඕකම තමා. ඉතින් ඇත්තටම කතා කරන්න යන්නේ සමාජය සහ සමාජ ප්‍රගමනය ගැනම තමා, වෙන විකාර ගැන නෙවේ.

ඉතින් කොහොමද සමාජ විරෝධියෝ සමාජ ප්‍රගමනයට හේතු වෙන්නේ? මුලින්ම අපි බලමු සමාජය කියන්නේ මොකක්ද කියල. පොතේ හැටියට [සමාජය](https://en.wikipedia.org/wiki/Society) කියන්නේ මිනිස්සු ගොඩක් එකතු වෙලා ජීවත් වෙන එක. ඒකෙ වැරද්දක් කියන්න බෑනේ. මට මේ වෙලාවේ මතක් වෙනවා අපි ඕ ලෙවෙල් කාලේ සිංහල පන්තියේ ඉගෙන ගත්ත දෙයක්. හැමදාම අර සිරියාවතීගේ කතාවේ විචාරයක් ලියද්දි ඒක පටන් ගන්නේ "මිනිසා සමාජශීලී සත්ත්වයෙකි..." කියලා. ඇත්තනේ, මිනිසා සමාජශීලී සත්ත්වයෙක්නේ. තනියෙන් ඉන්න අපි කොච්චර කැමති උනත්, තනිකම සැපයි, සමාජය විසයි, කියල කොච්චර ත්‍රීවීල් වල පිටිපස්සේ ගහලා තිබ්බත්, අපි තනි කමට පට්ටම බයක්නේ තියෙන්නේ. මට අද වගේ මතකයි මම පොඩි කාලේ, මොන්ටිසෝරියට ගියාම, තාත්තා මාව දාල යන්න හදද්දී මම, තාත්තේ අතනට වෙලා ඉන්න කියලා තැනක් පෙන්නනවා. තාත්තා මාව දාල යයි කියලා, මම තනි වෙයි කියලා මම පොඩි කාලේ පට්ට බයක් තිබ්බේ. තාත්තා ඉතින් මොන්ටිසෝරි ඉවර වෙනකන් අර මම පෙන්නපු තැනට වෙලා හිටියේ නෑ, ඒක වෙනම සීන් එකක්. මොකෝ රස්සාවල් කියල සීන් එකකුත් තියෙනවනේ. හරි ඒකෙන් වැඩක් නෑ. මිනිස්සු ඇයි මෙච්චර සමාජෙට බය? අලුත් දෙයක් කරන්න මෙච්චර බය ඇයි? අත්හදා බලන්න මෙච්චර බය ඇයි කියල ලෝක ප්‍රශ්නයක් මට තියෙනවා. මට විතරක් නෙවේ ගොඩක් දෙනෙක්ට මේ ප්‍රශ්නෙම තියෙනවා. ඒත් මොනවා කරන්නද මාත් සමාජෙට බයයි. අපි හැමෝම ලොකු පොඩි වශයෙන් චුට්ටක් හරි සමාජෙට බයයි. රිජෙක්ෂන් එකට බයයි. ඒකෙ වැරද්දක් කියන්නත් බෑනේ.

හරි එහෙනම් එමුකො කවරයේ කතාවට. මේ රූපේ තියෙන්නේ [ඇන්ටෝනි ලැවොසියර්,](https://en.wikipedia.org/wiki/Antoine_Lavoisier) විසින් [ප්ලෝස්ටිජන් වාදය](https://en.wikipedia.org/wiki/Phlogiston_theory) බොරුයි කියලා ඔප්පු කරන සීන් එක. ඇයි මම මේ ඇන්ටෝනි ලැවොසියර්ම තෝරාගත්තේ කියල හිතෙනවා ඇතිනේ? මෙයා තමයි නූතන රසායන විද්‍යාවේ පියා විදිහට සලකන්නේ. සුපිරි චරිතයක්. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ සමාජ විරෝධියෙක්. ඒ කිව්වේ මිනිස්සු මර මර පිස්සු කෙලපු කෙනෙක් නෙවේ. මේ මනුස්සයා සමාජයේ මුල් බැසගත්ත ගතානුගතික අදහස් වලට දරුණු ලෙස පහර ගහපු කෙනෙක්. ඒ කාලේ ප්ලෝස්ටිජන් වාදයට එරෙහි වෙනවා කියන්නෙත් සුපිරි චරිතයක් තමා. මේ වාදය මොකක්ද කියල එච්චර වැදගත් නෑ. මෙහෙම හිතන්නකෝ, ඉස්සර පොලොව පැතලියි කියලනේ හිතන් හිටියේ. ඒක එහෙම නෙවේ කියල හොයාගත්තු කෙනාට සමාජයෙන් ලැබුණු පිළිගැනීම කොහොමද කියල දන්නවනේ. හැබැයි දැන් මෙහෙම සීන් එකකුත් තියෙනවා. දැන් අපේ සමහර කට්ටිය හිතන් ඉන්නවා පොලොව පැතලියි කියලා. ඒගොල්ලෝ සංවිධානෙකුත් හදාගෙන ඉන්නවා [Flat Earth Society](https://www.tfes.org/) කියලා. ඒවායින් වැඩක් නෑ. දැන් තේරෙනවනේ අර මනුස්සයා සමාජ විරෝධියෙක් වෙලා ලෝකෙට කරපු සේවයේ තරම. සමාජෙට බයේ හිටියානම් අපි තාම හිතන් ඉන්නේ ගිනි ගන්න දේවල් ඇතුලේ ප්ලෝස්ටිජන් කියලා හත්තිලව්වක් තියෙනවා කියලා. එහෙනම් අපි ඔක්සීකරණය කියල එකක් ගැන අහන එකක් වත් නෑ.

දැන් බලමු සමාජශීලී සත්ත්වයෙක් වශයෙන් අපිට තියෙන වගකීම මොකක්ද කියලා. අපි ඔක්කොටම ලොකු වගකීමක්, උපතේදීම ලැබිලා තියෙනවා. ඒ තමයි ජාතියයි, ආගමයි. සමහර වාසනාවන්තයින්ට නම් පක්ෂයක් කියල එකකුත් ලැබිල තියෙනවා. 2500ක මෙව්වා එකකුත් ලැබිල තියෙනවා රැක ගන්න කියලා. සුද්දා කොළ අතු අඳිද්දී අපි වැව් හැදුවා තමයි. එත් දැන් ඉන්න අපි නම් කරපු දෙයක් නෑ. කාල බීල, ඉගෙනගෙන, රස්සාවල් කරලා, කසාද බැඳලා (බඳින්නේ නැතුව හරි) දරුවෝ හදලා, උන්ව දොස්තරලා ඉංජිනේරුවෝ කරලා, උන්ගේ දරුවොන්ගේ සුරතලුත් බලලා, පස්සේ දියවැඩියාව, ප්‍රෙෂර්, කොලේස්ට්‍රෝල්, වගේ ලෙඩත් හදාගෙන දුක් විඳලා මැරිලා යනවා. මේ ලෝකෙට කරපු දෙයක් නෑ. මේ ලෝකේ ජනගහනය පොඩ්ඩක් වැඩි කරලා දීල මේ ලෝකෙන් යන්න යනවා. එකේ වැරද්දක් කියන්නත් බෑ. මිනිස්සු මේ ලෝකෙට එන්නේ තමන්ගේ වර්ගයා බෝ කරන්නනේ. ඒත් ඉතින් ඒ ටික කරලා විතරක් මදි. මොනවහරි අලුත් දෙයක් කරන්න වෙනවා. මොකද කුමාරතුංග මුනිදාසයන් කියල තියෙනවා, "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී, සිගා කෑම බැරි වූ තැන ලගී ගයා මරගී" කියලා. සුපිරි වදනක් කියලා තියෙන්නේ. අපේ රටේ අලුතෙන් මොන මගුලක් වත් හැදෙන්නේ නෑනේ. ඔක්කොම පිට රටෙන් තම ගෙන්නන්නේ. ඉතින් කොහෙද අපි ලොව උසස් ජාතියක් (ජාතිය ලෙස හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය ජාතිය මිස සිංහල ජාතිය නොවේ) වෙන්නේ. අපිට ඉතින් හැමදාම සුද්ද කරපු දේවල් දිහා හූල්ල හූල්ල ඉන්න තමා වෙන්නේ.

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. රිස්ක් එකක් ගන්න. අලුත් දෙයක් කරන්න. සමාජ විරෝධියෙක් උනාට කමක් නෑ, අවසානය සමාජ ප්‍රගමනයට හේතු වෙනවනම්. සමාජේ හිනා වෙයි කියල බය වෙන්න එපා. සමාජය තියෙන්නෙම අනිත් අයට හිනාවෙන්න. ඔයත් තව කෙනෙක් අලුත් දෙයක් කරන්න යනවා නම් ඒකට උඩගෙඩි දෙන්න. වචනෙකින් හරි දිරිමත් කරන්න. සමාජේ වෙනස් කරන්න හිතන්න එපා තමන් වෙනස් වෙලා පෙන්නන්න. සමාජෙත් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගනීවි. ඉතින් මගේ කතාව මෙතනින් අවසන්, කතාව හොඳයි නම්, රේටින් එකක් දාගෙන යන්න. හොඳ නැත්නම් ඒකත් රේටින් එකේ දාල යන්න. හොඳයි නරකයි කියලා හිතේ හිර කරන් ඉන්න එපා. මගේ කතාවට එකඟ නැත්නම් ඒත් කමක් නෑ. කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිත් අයත් මගේ කතාව දැක්කොත් හොඳයි කියල හිතෙනවා නම් ශෙයා කලත් කමක් නෑ. මම තරහ වෙන්නේ නෑ. කලින් ලියපු මගේ කතා කියවල නැත්නම් ඒවත් කියවන්න. එහෙනම් ඉතින් ආපහු මේ වගේ විකාර කතාවකින් හමු වෙනකං, Stay Weird…


# අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ...

<figure><img src="/files/eihPTqeB1ePJn5YfL5hT" alt=""><figcaption></figcaption></figure>

July 17, 2018

"අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නෑ, දන්නේ නෑ, මුහුදේ වතුර බොන්න වෙයිද දන්නේ නෑ, දන්නේ නෑ, අපිව දන්නේ නෑ, කවුරුත් අපිව දන්නේ නෑ, දන්නේ නෑ, දන්නේ නෑ..."

මේ සින්දුව අහලා නැති කවුරුවත් නැහැනේ. ලස්සන චිත්‍රපටයක ලස්සන සින්දුවක්. හැබැයි මේ සින්දුව ගැනවත්, මේ චිත්‍රපටය ගැනවත් නෙවේ මම මේ කියන්න යන්නේ. මම මේ කියන්න යන්නේ හැමෝම දන්නා, ඒත් හරියට දන්නේ නැති දෙයක් ගැන. ඉතින් ඇයි අපිට අහසේ තරු ගනින්න වෙන්නේ? ඇයිද දන්නවද, වෙන මොකක් වත් හින්දා වත් නෙවේ, අපිට අනාගතේ කරන්න රස්සාවක් නැති වුනාම තමයි අපිට අහසේ තරු ගැන ගැන ඉන්න වෙන්නේ. දැන් බලනවා ඇති නේ කොහොමද දෙයියනේ අපිට අනාගතේ රස්සාවල් නැති වෙන්නේ කියලා. ඔයා හිතනවා ඇති, මම හොඳ ඩිග්‍රී එකක් කරන්නේ මගේ අනාගතය නම් ගලේ කෙටුවා වගේ ෂුවර්, ආයේ මගේ අනාගතේ ලයිට් හවුස් එකක් වගේ දීප්තිමත් කියලා. තවත් හිතෙනවා ඇති, මේ කියන්න යන්නේ ECTA ගිවිසුම ගැනවත් ද කියලා. ඇත්තටම නෑ. ECTA ගිවිසුම ගැහුවා නැතා, මේ එන්න යන දෙයින් නම් බේරෙන්න බෑ.

ඇත්තටම මොකක්ද මේ එන්න යන්නේ. අනාගතේ දවසක, අද හෙට නම් නෙවේ, ළඟදීම, එනවා AI. ඔව් AI. ඒ කියන්නේ [Artificial Intelligence](https://en.wikipedia.org/wiki/Artificial_intelligence), එහෙමත් නැත්නම් සුද්ධ සිංහලෙන් කිව්වොත් කෘතීම බුද්ධිය. දැන් හිතෙනවා ඇති නේ, AI ආවම අපේ මොකෝ කියලා. ඔව් එහෙම හිතෙන එක සාධාරණයි නේ. වෙන එකක් තියා මාත් මාර කැමතියි AI එනවාට. දැනටමත් ලාවට අපි ගාව AI පාවිච්චිය තියෙනවනේ. ඔය ගූගල් ඇසිස්ටන්ට් එහෙම AI Powered කියල තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔන්න මම නම් දන්නේ නෑ හරියටම ඇත්තද බොරුද කියලා. හරි දැන් බලමුකෝ කොහොමද AI කියන එක අපේ ජීවිත වලට ඇතුළු වෙන්නේ කියලා. මුලික වශයෙන් AI කියන එක අපිට සමීප වෙන්නේ [Automation](https://en.wikipedia.org/wiki/Automation) කියන එකත් එක්ක. ඒ කියන්නේ ස්වයංක්‍රීය කරණය කියන සංකල්පය. හැමදේම ස්වයංක්‍රීය උනාම මිනිස්සුන්ගේ මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. ඇත්තනේ කතාව. ඉස්සර මිනිස්සු අතින් එකවුන්ට් බැලන්ස් කරේ. අර තඩි ලෙජර් පොත් තියාගෙන. දැන් බලන්නකෝ මිනිස්සු කෙලින්ම [QuickBooks](https://quickbooks.intuit.com/) පාවිච්චි කරලා ගිණුම් කටයුතු කරනවා. ඉස්සර වගේ නෙවේ දැන් ගොඩක් දේවල් මැෂීන් වලින් කෙරෙන්නේ. හිතල බලන්නකෝ අපිට මේ අන්තර්ජාලය, පරිගණක කියන ඒවා නැතුව මොහොතක් වත් ඉන්න පුලුවන්ද කියලා.

දැන් මේ Automation කියන එකයි තව තව විද්‍යාත්මක පැතිකඩවලුයි දියුණු වෙලා, තවත් දියුණු වෙලා තමයි මේ කෘතීම බුද්ධිය අද තියෙන මට්ටමට ඇවිත් තියෙන්නේ. අද ඒක තියෙන මට්ටම ගැන කතා කරන්න කලින් මට මතක් වෙනවා අපි පුංචි කාලේ බලපු සුපිරි ෆිල්ම් එකක්.

[![Terminator Skynet AI](/files/UpcwYBnKueyewjZoPZHW)](http://www.joblo.com/movie-posters/1984/the-terminator) Credits to: <http://www.joblo.com/movie-posters/1984/the-terminator>

මතකනේ මේ ෆිල්ම් එක. මේ කතාවේ තියෙන AI එක කොහොමද. සුපිරිනේ. දැන් හිතෙනවා ඇති නේ මේ කතා වල තියෙන දේවල් කවද හරි ඇත්ත වෙන්න පුළුවන් නේ කියලා. ඇත්තටම ඔව්. වෙන්න පුළුවන්. මං කියන්නම් එහෙම වෙන්නේ කොහොමද කියලා. මේ AI හදන්නේ මොනවා හරි පදනම් කරගෙන නේ. ඒ බේස් එකක් තමයි, "Search for answers to the basic and fundamental problems of humanity". ඒ කියන්නේ මිනිස්සුන්ට තියෙන මූලික ප්‍රශ්න වලට විසඳුම් හොයල දෙන්න කියල තමයි මේ AI වලට කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ නෙවේ, උත්තරේ. "The reason for all the destruction, hunger, weather disasters, global climate changes and whatnot is always the humans..." ඒ කියන්නේ මිනිස්සුම තමයි ප්‍රශ්නේ. ඇත්තනේ. අපි මේ ලෝකේ විනාස කරලා මදිවට තව අඟහරු වලත් ජනාවාස ඇති කරන්නයි හිතන් ඉන්නේ. අපි මේ පෙන්නුම් කරන්නේ මනුස්ස ස්වභාවයක් නෙවෙයි. අපි මේ පෙන්නුම් කරන්නේ ධාරකයා විනාස කරලා තවත් ධාරකයෙක් හොයන් යන වයිරසයක ස්වභාවය. පුදුමයි නේ. ඒත් ඇත්තයි. ඉතින් AI ට තියෙන උත්තරේ තමයි "Purge the planet of humans and you will get the answer to all your problems". හරිනේ ඉතිං. AI ටික එකතු වෙලා මිනිස්සු ටික ඉවරයක් කරලා දානවා ලෝකේ යහපත තකා. හරියට Terminator එකේ Skynet එක වගේ. වැරද්දක් කියන්නත් බෑනේ ඉතිං. ?

හරි ඉතින් මේ මම කිව්වේ අනාගතේ එන සුපිරි AI වලට කරන්න පුළුවන් දේවල්නේ. දැන් මම මේ කියන්න යන්නේ වර්තමානයේ තියෙන කෘතීම බුද්ධිය සහිත මැෂීන් වලට කරන්න පුළුවන් දේවල්. ඒවා කොච්චර සුපිරිද කියල තේරුම් ගන්න නම් මේ මිනිස්සුයි, කෘතීම බුද්ධිය සහිත මැෂීනුයි අතර තියෙන තරඟේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනෙ. මිනිස්සු නිර්මාණශීලියි. මැෂීන් එහෙම නෑ. ඔන්න ඕකනේ හැමෝම කියන්නේ. මිනිස්සු ඉස්සරහ මැෂීන් පරාද වෙන්නේ ඔතනදි කියලනේ කියන්නේ. තව ඒවාට හිතන්න බෑ, දේවල් විඳගන්න බෑ (ඔය ආදරය, වෛරය, තරහව, ආසාව වගේ දේවල්) කියලනේ කියන්නේ. ඔන්න මම දැන් කියන්න යන දෙයින් පුදුමයෙන් පුදුමයට පත්වේවි ඔයා. මම මුලින් ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලලා ඉන්න කියලා.

{% embed url="<https://www.youtube.com/watch?v=rqmHSR0bFU8>" %}

මේ වීඩියෝ එක බලන්නම ඕනේ නෑ ඉතිං. ඩේටා නැත්නම් බලන්න ඕනේ නෑ. මන් කියන්නම්කො කතාව. පස්සේ වෙලාවක මේක බලන්නකෝ. මේ වීඩියෝ එක තමයි ලෝකේ පලවෙනි වතාවට AI එකකින් හදපු movie trailer එක. මේක හදල තියෙන්නේ IBM එකේ විද්‍යාඥයෝ පිරිසක් 20th Century Fox එකේ කට්ටිය එක්ක එකතු වෙලා IBM Watson කියන මැෂීන් හරහා. මේ [Morgan (2016)](https://en.wikipedia.org/wiki/Morgan_\(2016_film\)) චිත්‍රපටය, AI එකක් ගැනම තමා තියෙන්නේ. මාරයි නේ. AI එකක් ගැන ෆිල්ම් එකක ට්‍රේලර් එක හදල තියෙන්නෙත් AI එකක්ම තමයි. දැන් තේරෙනවා නේ AI ආවම කොහොමද අපේ රස්සා වලට තට්ටු වෙන්නේ කියලා. හෙට අනිද්දා ඔක්කොම ෆිල්ම් කෝපරේෂන් ටික AI ලව්වා ට්‍රේලර් හදන්න පටන් ගත්තම තමයි වැඩේ. ඔයා තාමත් හිතන් ඉන්නේ නෑ එහෙම වෙන්නේ නෑ. අපේ රස්සා ෂුවර් කියලනං මෙන්න මේ වීඩියෝ එකත් බලන්නකෝ.

{% embed url="<https://www.youtube.com/watch?v=NrmMk1Myrxc>" %}

[Amazon Go](https://www.amazon.com/b?ie=UTF8\&node=16008589011) කියන සුපර් මාර්කට් එක තමා මේ. ඒකෙ කැෂියර් ලා නෑ. අත් උදව් කරුවන් නෑ. ඇත්තම කිව්වොත් කඩේට බඩු ගන්න එන අය මිසක් වෙන කවුරුවත් නෑ. ඔක්කොම Automated. ආයේ Automation කියන එක සුපිරියටම තියෙනවා. [Machine Learning](https://en.wikipedia.org/wiki/Machine_learning), [Computer Vision](https://en.wikipedia.org/wiki/Computer_vision), AI ඔන්න ඔය තුන පාවිච්චි කරලා තමයි මේ කඩේ වැඩ සිද්ධ වෙන්නේ. මිනිස්සුන්ට තියෙන්නේ කඩේට ගොඩ උනා, ඕනේ කරන බඩු ටික බෑග් එකකට දාගත්තා, හෙමින් සීරුවේ කඩෙන් එලියට ආවා. හරිම ලේසියි. පෝලිම් නෑ. කාලේ නාස්ති වෙන්නේ නෑ. තව හොරකං කරලත් හමාරයි. කොහොමද අපේ ෆුඩ් සිටියට, සතොසට මෙහෙම කලදසාවක් උදා උනොත්. මිනිස්සු බර ගාණක් රස්සාවෙන් දොට්ට තමා. අන්න එක හින්දා තමා මම කලින්ම කිව්වේ අනාගතේ දවසක අපිට අහසේ තරු ගනින්න තමා වෙන්නේ කියලා. ඇයි ඉතින් අපිට කරන්න තියෙන රස්සාවල් ඔක්කොම මැෂීන් වලින් කරලා දෙනවනේ. එහෙමයි කියලා අපි මේවාට ගර්හා කරන්න ඕනෙද, මේවට බයවෙන්න ඕනෙද?

නෑ කිසිම දේකට බයවෙන්න ඕනේ නෑ. අපිට තාමත් හැකියාව තියෙනවා මැෂීන් පරද්දන්න. ඒ තමා මැෂීන් වලට දැනට නැති එකම හැකියාව, ඒ තමයි "The ability do thought experiments". [Thought experiments](https://en.wikipedia.org/wiki/Thought_experiment) කියන්නේ හරිම අමුතු දෙයක්. ඔය අයින්ස්ටයින් එහෙම [General Relativity](https://en.wikipedia.org/wiki/General_relativity) කියන එක හොයා ගත්තේ මේ Thought experiments කරලා තමයි. ඒ කියන්නේ මිනිස්සු වෙච්ච අපිට පුළුවන් අලුත් දැනුම හොයා ගන්න. තාම මැෂීන් වලට ඒක කරන්න බෑ. මැෂීන් වලට කරන්න පුළුවන් අපි දැනට හොයන් තියෙන දේවල් පාවිච්චි කරලා තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න විතරයි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ අලුත් දැනුම හොයන් යන්න. ඉතිහාසේ පස්සේ දිව්වා දැන් හොඳටම ඇති. ඉස්සර අපි අරම කලා මෙහෙම කලා කිය කිය දුව දුව ඉඳල දැන් වැඩක් නෑ. ඒ කාලේ අපේ මිනිස්සු කරපු දේවල් වලින් අබ ඇටයක තරම් දෙයක් වත් අපි කරලා නෑ කියලා බය නැතුව කියන්න පුළුවන්. තව එක දෙයක් මතක් උනා. ඒ තමා AI වලට අත තියන්න බැරි එකම ෆීල්ඩ් එක. ඒ තමා දේශපාලනේ. ? ඒකට නම් ඒගොල්ලෝ අත තියන්න දෙන්නේ නෑ සක්කරයා ආවත්. ඒක හින්දා අනාගතේ ෂුවර් කරගන්න දේශපාලනේට අවතීර්ණ වෙන එකෙත් වැරද්දක් නෑ මට පේන විදිහට.

හරි එහෙනම් මගේ කතාව මෙතනින් අවසන්. අලුත් දෙයක් දැනගත්තා නම් ඒක තමා මගේ සතුට. තියෙන දැනුම අලුත් වුනා නම් එකත් හොඳයි. [IBM Watson](https://www.ibm.com/watson/) ගැන දැනගන්න ඕනේ නම්, ගිහින් බලන්න. [කලින් පෝස්ට් එක](https://blog.niweera.gq/2018/07/14/chivalry/) කියෙව්වේ නැත්නම් එකත් කියවන්න. තව ඉතින් කියන්න දෙයක් තියෙනවා, ඒ තමයි මගේ blog එකට ඔයාට subscribe වෙන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුවම. Subscribe උනාම තියෙන වාසිය තමා, අලුත්ම පෝස්ට් එකක් ආපු ගමන් ඔයාට email එකකින් ඒක ළඟටම එනවා. හරිම ලේසි. ඔයාට කරන්න තියෙන්නේ blog එකේ දකුණු පැත්තේ තියෙන "ද blog එක ට Subscribe වෙන්න" කියන තැන ඔයාගේ email එක දීලා "Subscribe වෙන්න" කියන එක ක්ලික් කරන්න විතරයි. කිසි දේකට බය වෙන්න එපා ඔයාගේ email එක සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. කිසිම වෙනත් පාර්ශවයන් එක්ක ඒක බෙදා ගැනීමක් වෙන්නේ නෑ. එහෙම කරන්නේ කොහොමද කියලවත් මං දන්නේ නෑ.? එහෙනම් ඉතින් මේ පොස්ට් එක ඔයාට වැදගත්, වටිනවා, තවත් කෙනෙක් කියෙව්වොත් හොඳයි කියලා හිතෙනවා නම් ඉතින් කැමති platform එකක බෙදා ගන්න, මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. ඉතිං ආයේ මේ වගේ විකාර පෝස්ට් එකකින් හමු වෙනකන්, Stay Weird...


# අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ ඇයි?

<figure><img src="/files/hm6EnCHavU36IiyGdE61" alt=""><figcaption></figcaption></figure>

July 14, 2018

හැට දෙලක්ෂයක ඡන්දේ වගේ නෙවේ පහුගිය දවස් වල තිබ්බ ඡන්දේ. ඒ තමයි [බස් වල යන බස් සින්දු](https://blog.niweera.gq/2018/07/05/motivation/) ගැන තිබ්බ ඡන්දේ. ඕං ඡන්ද ප්‍රතිපල ආවා. ඔක්කොම votes 65කින් නියත බහුතරය කියලා තියෙනවා බස් සින්දු එපා කියලා. (60%ක්, ඒ කියන්නේ votes 39ක්, බස් සින්දු වලට කැමති නෑ කියල තියෙනවා). 15%ක් කියලා තියෙනවා බස් සින්දු වලට කැමතියි කියලා. ඉතුරු 25% තමා ආතල්ම චරිත ටික. ඒගොල්ලෝ කියන්නේ බස් සින්දු ඒගොල්ලන්ට අදාලම නෑ කියලා. ඒගොල්ලෝ කෝච්චි වල යන උදවිය වෙන්ටැති. හරි ඉතින් ඒ ඡන්ද ප්‍රතිපල වලින් වැඩක් නෑ. මොකෝ මේ ප්‍රතිපල පෙන්නලා, බස් වල බස් සින්දු දාන්න එපා කියල පෙත්සමක් ගහන්ට යැ.

දැන් ඉතින් අපි බලමු ඇයි අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ කියලා. පට්ට ප්‍රශ්නයක් නේ. වෙලාවකට හොඳයි කියලත් හිතෙන, වෙලාවකට හයියෝ කියලත් හිතෙන අමුතු ප්‍රශ්නයක් මේක. ඔයා අහලත් ඇති, සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි කියලා ත්‍රීවිල් වල පිටිපස්සේ ගහල තියෙනවා. හරිද වැරදිද කියන්න මම නම් දන්නේ නෑ. හැබැයි අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ අතේ සල්ලි නැති හින්දා නම් නෙවේ කියලා ෂුවර්. එහෙම එකක් කියල, විශේෂ හේතු නැතුව ඇති. අපේ පණ්ඩිත කම් වලට කෙල්ලෝ කැමති නැතුව ඇති. එක්කෝ අපි අවධානය දෙන්නේ අනවශ්‍ය අයට. එක්කෝ අපි කෙල්ලන්ටත් කොල්ලන්ට වගේ සලකන හින්දද දන්නේ නෑ. අපි ඉතින් ඔය කෙල්ලන්ට කියලා විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නෑනේ. ??? කෙල්ලන්ටයි කොල්ලන්ටයි එක වගේ සලකන එක වැරදිද මන්ද... ?

හරි දැන් එන්නම්කෝ නියම මාතෘකාවට. ඒ තමයි Gender Equality එහෙමත් නැත්නම් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව. ඒ කියන්නේ කාන්තාවන්ටත් පිරිමින්ටත් එක වගේ සලකනවා කියන එක. නිතරම ඇහෙන මාතෘකා තමයි මේ Feminism, Gender Equality කියන්නේ. (සමා වෙන්න ඕනේ, මේ මාතෘකාව ගැන ලංකාවේ නම් ඇහෙන්නේ නෑ එච්චර මේ දවස් වල. අපිට වෙන වෙන සුපිරි මාතෘකා තියෙනවනේ කතා කරන්න. මේ මාතෘකාව ගැන ගොඩක් ඇහෙන රටක් තමා ඉන්දියාව. මම මේ එහෙන් ඇහිච්ච දේවල් ටිකක් තමා මේ කියන්න යන්නේ). Gender Equality ගැන කතා කරද්දී බොහොම වැදගත් මේ Gender Gap කියන එක. World Economic Forum එකෙන් හදනවා රිපෝර්ට් එකක් Gender Gap Report කියල. ඒක මරු. කියෙව්වට එච්චර ලොකු තේරුමක් එන්නේ නෑ. හැබැයි දැක්ක ගමං තේරුම් ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එයින් එකක් තමයි ලංකාවේ rank (Global Gender Gap Index Ranking) එක. 2016 Gender Gap Report එකේ Rankings වල ලංකාව ඉන්නේ 100 වෙනි ස්ථානේ. 2006 Gender Gap Report එකේ Rankings වල ලංකාව හිටියේ 13 වෙනි ස්ථානේ. පේනවනේ අවුරුදු දහයක් තුල ලංකාවට වෙච්චි හදිය. අපි රටක් විදිහට පස්සට ගිහිල්ලද නැත්නම් අනිත් රටවල්, රටවල් විදිහට අපිව පහුකරන් ඉස්සරහට ගිහින්ද කියන්න මම දන්නේ නෑ. කාටහරි මම මේ කියන්නේ බොරු කියල හිතෙනවා නම් මෙන්න [මේ ලින්ක් එකෙන්](http://reports.weforum.org/feature-demonstration/files/2016/10/LKA.pdf) ගිහින් ඒ රිපෝර්ට් එක බලන්න පුළුවන්. ඇත්තටම කාටහරි හිතෙන්න පුළුවන් ඇයි මේ වගේ විකාර ගැන මම දොඩවන්නේ කියල. ඇත්තටම මේවා තමයි රටක මිනිස්සු කතාකරන්න ඕනේ ප්‍රශ්න.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පිරිමි මොකටද කතා කරන්න ඕනේ කියල. අනිත් එක ලංකාවේ මිනිස්සු කාන්තාවන්ට ගොඩක් ගරු කරනවා, වෙන එකක් තියා බාර් එකකට ගිහින් අරක්කු ටිකක් වත් ගන්න ඉඩ තියන්නේ නෑ කියල කෙනෙක්ට කියන්න පුළුවන්. ඇත්තටම හරිම අමුතුයි මේ රට. මෙන්න මේකයි ඇත්ත. රටක දියුණුවට පිරිමින්ගේ දායකත්වය විතරක් මදි. දෙගොල්ලොන්ගේම දායකත්වය අත්‍යවශයි. මට මෙවෙලාවේ මතක් වෙනවා මම අහපු කතාවක්. ස්වීඩනයේ කාන්තාවන් සහ පිරිමින් අතර කොච්චර සමානකමක් තියෙනවද කිව්වොත්, කාන්තාවකට ඇතුලු වෙන්න දොරක් ඇරලා දුන්නොත් ඒක, අපහාසයක් විදිහටයි ඒ කාන්තාව සලකන්නේ. (ස්වීඩනය අර Gender Gap Index Rankings වල 4වෙනි තැන. පලවෙනි තැන අරන් ඉන්නේ අයිස්ලන්තේ. ස්වීඩනයේ එහෙමනම් අයිස්ලන්තේ කොහොම ඇද්ද?) අර මං කිව්ව කාන්තාවකට ඇතුළු වෙන්න දොරක් ඇරලා දීම, අර රෙස්ටුරන්ට් වලට ගියාම වාඩිවෙද්දී පුටුව ලං කරලා දෙන එක, කාර් එකේ දොර ඇරලා දෙන එක වගේ දේවල් වලට තමා Chivalry කියල කියන්නේ. සුද්ද සිංහලෙන් කිව්වොත් ඒවා තමා මහත්මා ගති. එතකොට ස්වීඩනයේ Chivalry සලකන්නේ Offense එකක් විදිහද මන්ද. දෙයියන්ගේ පිහිටෙන් තාමත් අපේ රටේ එහෙම වෙලා නෑ. මොකද එහෙම උනා නම් මල කෙලියක් තමා වෙන්නේ. මේ ලංකාවේ මිනිස්සු දැනටමත් කාන්තාවෝ පෙරළන් ගිහින් කෝච්චි වලට බස් වලට නගින්නේ. මෙහෙමයි මෙතන තියෙන ප්‍රශ්නේ. කාන්තාවෝ කියනවා (මෙහෙම කියන්නේ සුද්දියෝ හොඳේ) "Chivalry is dead" කියල. හැබැයි අනිත් පැත්තෙන් කියනවා "Treat us Equal!" කියල. එතකොට මොකක්ද වෙන්න ඕනේ, Treat equally or Treat like a lady? මාර ප්‍රශ්නයක් තමයි. මේ කතාව මම දැක්කේ Urban Dictionary site එකේ.

Chivalry - "Something that true [feminists](https://www.urbandictionary.com/define.php?term=feminists) hate and bitchy feminists complain about being "dead." It's basically being a gentleman, but no longer persists frequently because [modern feminism](https://www.urbandictionary.com/define.php?term=modern%20feminism) has caused [many men](https://www.urbandictionary.com/define.php?term=many%20men) to give up on making women actually satisfied with the respect they receive."

Reference: <https://www.urbandictionary.com/define.php?term=Chivalry> (Chivalry definition no 4.)

හරි ඉතින් මේ ලංකාවනේ, තාමත් අපේ රටේ කෙල්ලෝ කැමති ඒගොල්ලෝ එද්දී දොර ඇරලා දෙන කොල්ලන්ට. ඒගොල්ලොන්ට වාඩි වෙන්න සීට් එක දීලා හිටගෙන යන කොල්ලන්ට. ඒගොල්ලන්ව පෙරලන් බස් වලට කෝච්චි වලට නගින්නේ නැති, අහිංසක කොල්ලන්ට තමා තාමත් ලංකාවේ කෙල්ලෝ කැමති. ඉතින් කොල්ලොන්ට කියන්න තියෙන්නේ ඔන්න කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි මේ Chivalry කියන්නේ. කොහෙන් හරි ඉගෙනගෙන ගොඩ යන්න බලන්න.

මෙච්චරයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ලංකාවට Men = Women වෙන්න නම් තව ලොකු ගමනක් යන්න තියෙනවා. මම කලින් කිව්වා වගේ පිරිමින්ට තනියෙම වත්, කාන්තාවන්ට තනියම වත් මේ රට ගොඩ ගන්න බෑ. අන්න එතෙන්දි තමයි Men = Women වෙන්න ඕනේ. දෙගොලොන්ටම තියෙනවා එක හා සමාන වගකීමක්. කාන්තාවෝ කරන්න ඕනේ, ගෙදරට වෙලා දරුවෝ බලාගෙන, රෙදි ටික හෝදගෙන, ගෙවල් දොරවල් බලාගෙන ඉන්න එක කියල කිව්වේ ඉස්සර. ඒ යුගය අපි පහු කරලා දැන් ගොඩක් කල්. තාමත් ඒ හණමිටි අදහස් තියන් නම් ඉන්නේ දෙයියන්ගේම පිහිටයි, ආරස්සාවයි. කවදාහරි දවසක් ඒවි අපිට මේ වගේ ලස්සන, වටිනා, වැදගත් කමක් තියෙන මාතෘකා, ප්‍රසිද්ධ මාධ්‍ය වල කථා කරන්න පුළුවන් වෙන. අන්න එදා උදා වෙනකන් අපි ඉවසීමෙන් බලං ඉමු. කවදාහරි මේ දේශපාලන මාධ්‍ය සංදර්ශන ඉවර වෙයි නේ. ඉතින් එහෙනම් මගේ කතාව මෙතනින් අවසන්. මේතාක් දුර කියවන් ආවා කියන්නේ, ඔයා සුපිරි. ඔයා මගේ මේ කතාව එක්ක එකඟ නම් හිතේ හංගන් ඉන්න එපා. කමෙන්ට් එකක් දාගෙන යන්න. එකඟ නැත්නම්, ඒත් කමක් නෑ, ඒකත් කමෙන්ට් එකක දාන්න. ඉතිං ආයේමත් මේ වගේ විකාර පෝස්ට් එකකින් හමු වෙනකන්, Stay Weird...


# බස් වල බස් සින්දු යන්නේ ඇයි?

<figure><img src="/files/HsctzI9050lVKXG1CzKg" alt=""><figcaption></figcaption></figure>

July 5, 2018

බස් වල බස් සින්දු යන්නේ නැතුව ත්‍රීවීල් සින්දු යන්නයැ. නේද. ඒක ගැන තව සවිස්තරාත්මක සංවාදයක යෙදෙන්න තමා මම මේ සූදානම් වෙන්නේ. කට්ටිය නොහිතුවාට බස් වල බස් සින්දු යන එකේ සයිකොලොජිකල් ෆැක්ටර් එකක් තියෙනවා. දැන් බලන්න බස් වල යන උදවියගෙන් 95%කටම වගේ මේ බස් සින්දු අරහං. එහෙනං මොන එහෙකටද මේ බස් සින්දු දාන්නේ? බස් එකේ යන අයගේ ගමන තවත් ඉන්ටෙරෙස්ටින් කරන්නේ නැත්නම් මොකක්ද මේ බස් සින්දු දාන එකේ බලාපොරොත්තුව? අන්න ඒක තමා ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ මම දවස් ගානක් තිස්සේ හෙවුවා. රෑට නිදි වර්ජිතව දවස් ගනන් ගතකලා. එක දවසක් මට ආවා උත්තරේ. ඒ තමයි මිනිස්සුන්ව බස් එකේ යන එක අඩු කරන්න. පිස්සු හැදෙනවා නේ? ඔව් ඒක තමා සීන් එක. බස් එකෙ කන්කරච්චලේ ඉවසගන්න බැරි පොඩි එවුන් හිතනවා, අපෝ කොහොමහරි හොඳට ඉගෙන ගෙන ලොකු පොරක් වෙලා හොඳ වාහනයක් ගන්න ඕනෙ, එතකොට මේ කරදරේ ඉවරයි කියලා. අංකල්ලා හිතනවා, අම්මෝ තව ඕටී දෙක තුනක් ගහලා හරි පොඩි ලීසිං පාරක් දාල මොකක්හරි වාහනයක් ගන්න ඕනේ කියලා. ඇන්ටිලා හිතනවා, හපෝ කොහොම කොහොම හරි කීය කීය හරි ඉතුරු කරලා පොඩි ඉස්කූටියක් වත් ගන්න ඕනේ කියල. (පාරෙ ඩ්‍රයිවර්ලට දෙයියන්ගේම පිහිටයි, ආරස්සාවයි) ඔන්න ඔහොම මිනිස්සුන්ට පොඩි මෝටිවේශන් එකක් දෙන්න තමයි ඔය බස් සින්දු දාන්නේ. බැලුවම අපි බැන බැන බස් වල ගියාට, බස් ඩ්‍රයිවර් මහත්තුරු කොන්දොස්තර මහත්තුරු තමයි අපිව motivate කරන අපේ හිත මිතුරෝ.

හරි ඒ විකාර වලින් වැඩක් නෑ. ඇත්තම කතාවට බහිමුකෝ. ඇත්තම කතාව තමයි motivation. මොකක්ද මේ motivation කියන්නේ? ඒක දැන ගන්න ඕනෙ නම් ගූගල් කරලා බලන්න. අහලා ඇතිනේ ලංකාව සියදිවි හානි කරගැනීම් අතරින් කප් ගහපු රටක් කියලා. ඇත්තටම ඇයි මිනිස්සු සියදිවි හානි කරගන්නේ. ජීවත් වෙන්න හරිහමන් motivation එකක් නැති හන්දාද. මෙන්න මේවා තමා ප්‍රශ්න.

Motivation කියද්දි මතක් වෙන සරලම දේ තමයි, උදේ පාන්දර ඇඳෙන් නැගිටින්න අවශ්‍ය කරන motivation එක. අපිට ඉතින් ඇඳට වැටිලා නිදා ගන්න motivation එකක් ඕනෙ නෑනේ. අන්න ඒකයි ඇත්ත සිද්ධිය. ගඟේ පහලට ගසා ගෙන යන්න අපි උත්සාහයක් දරන්න ඕනේ නෑ. හැබැයි ගඟේ ඉහලට පීනන්න නම් ලොකු වෙහෙසක් දරන්න ඕනෙ. අන්න ඒකට තමා motivation එක ඕනේ වෙන්නෙ. ඉතින් කොහොමද අපි මේ motivation එක ගන්නේ? පලවෙනි ක්‍රමේ තමා යූටියුබ් එකේ motivation කියලා සර්ච් කරන එක. පට්ට වීඩියෝ ටිකක් ඒවි. ඒවා බලලා හැදෙන්න. ඒවා තෙරෙන්නේ නැත්නම් පුලුවන් පුංචි දෙයක් කරන්න. ඒ තමයි අසාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ කතා අහලා බලන්න. ඇයි මම එහෙම කියන්නෙ? හැමෝම කියන්නේ සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ කතා අහන්න කියලනේ. හැබැයි ඇත්තටම අපි අහන්න ඕනේ සාර්ථක වෙච්ච මිනිස්සු කල දේවල් ගැන නෙවෙයි, අසාර්ථක වෙච්ච මිනිස්සු නොකල දේවල් ගැන. මොකද මිනිස්සු නොකල දේවල් තුල ගැබ්වෙලා තියෙනවා සාර්ථක වෙන්න කල යුතු දේවල් ගැන පොඩි මූලබීජයන් (Inceptions).

තව දෙයක් කියන්න තියෙනවා, මේ motivation වගේ මාතෘකා පට්ට බෝරිං. ඒත් ඉතින් ඒවා ගැන කියන්න ඕනෙනේ. මටත් තියෙනවානේ කෝපරේට් සෝශල් රෙස්පොන්සිබිලිටි එකක්. මම මේ පල්හෑලි කියවන්න motivate වෙන්නේ කොල්ලො මගෙන් ඇවිත්, අඩෝ අලුත් පෝස්ට් එකක් දාන්නේ කවද්ද? කියලා ඇහුවම. අන්න ඒ වගේ එක එක අයට අමුතු අමුතු motivation තියෙනවා. ලංකාවේ ටෙලිනාට්‍ය බලන්න motivation එකක් දෙන්නේ දවස් පතා දෙන තෑගි පෙන්නලා. රේඩියෝ අහන්න motivation එකක් දෙන්නේ සල්ලි පෙන්නලා. ජොබ් එකේ බොස් අපෙන් වැඩ ගන්නේ ප්‍රොමෝශන් පෙන්නලා. ඔන්න ඔය වගේ පට්ට motivational මෙතඩ්ස් තියෙනවා. එක විකාරයයි. හැබැයි ඔය කොයි මෙතඩ් එකටත් වඩා සුපිරිම motivational මෙතඩ් එක තමා බය (Fear is the most powerful motivational method). ඇයි මම මෙහෙම කියන්නේ? මතක් කරලා බලන්න, විභාගෙ ලං උනාම ඇඟ රත්වෙලා පාඩම් කරන්න හිතෙන්නේ ඇයි කියලා. ඩෙඩ්ලයින් ලං උනාම ඇඟ රත් වෙලා වැඩ පටන් ගන්න හිතෙන්නේ ඇයි කියලා. වෙන මොන මගුලකටවත් නෙවේ, බය හින්දා. කෙලවෙයි කියල ඇතිවෙන බය හින්දා. ඉතින් පේනවනේ බය කොච්චර වැදගත් ද කියලා.

හරි දැන් ඒවායින් වැඩක් නෑ. බයට හරි වෙන මොහකට හරි කමක් නෑ තමන්ගේ වැඩේ හරියට කරනවා නම්. ඉතින් මගේ කතාව මෙතනින් අවසානයි. ඉවසාගෙන දරාගෙන මෙච්චර වෙලා කියවපු ඔබට දෙයියන්ගේම පිහිටයි, ආරස්සාවයි. [කලින් පෝස්ට් එක](https://blog.niweera.gq/2018/06/20/%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8f/) කියෙව්වේ නැත්නම් ඒකත් කියවන්න. හරි ඉතින් ආයේ මේ වාගේ විකාර පෝස්ට් එකකින් හමු වෙනකන්, Stay Weird...

තව පුංචි උදව්වක් කරන්න, මෙන්න මේ පොල් එකට පොඩි වෝට් එකක් දාගෙන යන්න. මම පොඩි සමීක්ශනයක් කරනවා. රිසාල්ට්ස් ටික ඊලඟ පෝස්ට් එකේ දාන්නම්.


# හයියෙන් හිනා වෙන අපි සතුටින්ද?

<figure><img src="/files/GFt1Hm0PPBwEXRyHkCWg" alt=""><figcaption></figcaption></figure>

June 20, 2018

දන්න අය දන්නවා අපි හිනා වෙන තරම. අපි දවසකට ගොඩක් වෙලා හිනා වෙනව. Facebook එකේ විකාර බලලා හිනා වෙනවා, whatsapp status බලලා හිනා වෙනවා, 9gag එකේ ඒවා බලලා හිනා වෙනවා, ඔය මෙකී නොකී හැම එකම බලලා හිනා වෙනවා. බැරිම තැන අනිත් මිනිස්සුන්ටත් හිනා වෙනවා. හැබැයි මෙහෙම හිනා වෙන අපි සතුටින්ද ඉන්නේ...?

හොඳ ප්‍රශ්නයක් නේ. මම අහලා තියෙනවා හොඳ කියමනක්, 'තමුන් දුකෙන් ඉන්නේ ඇයි කියලා පැහැදිලි කරලා දෙනවට වඩා හිනා මූනෙන් ඉන්න එක ලේසියි' කියලා. අද සමාජයේ ජීවත් වෙන ගොඩක් දෙනා කරන්නෙත් මේකම තමා. තමා දුකින් ඉන්න බව වහගෙන මූනත්තහඩුව වෙනස් කරගෙන ඉන්නවා සතුටින් ඉන්නෙ කියලා පෙන්නගෙන. බලන්න එපැයි facebook එකේ wall එකේ, ඉන්ස්ටා එකේ ලස්සන ලස්සන සැල්පි දානවා, එක එක කෑම ජාති වල පොටෝ දානවා එක විකාරයයි. සමහර සමාජ විද්‍යාඥයො කියන විදිහට මේ ඔක්කොම දේවල් කරන්නේ තමුන්ගෙ තියෙන හිඩැසක් වහගන්න. ඇත්තටම බැලුවොත් අපි මේ හැම දෙයක්ම කරන්නේ මොකක් හරි හිඩැසක් වහගන්නනේ. බඩ ගින්නට බත් කන්නේ ආමාශයේ හිඩැස වහගන්න. හුස්ම ගන්නේ පෙනහැල්ලේ හිඩැස වහගන්න.රස්සාවක් කරන්නේ ආදායමයි වියදමයි අතර හිඩැස පුරවන්න. ඉගෙන ගන්නේ එහා ගෙදර එකායි තමනුයි අතර තියෙන හිඩැස නැත්නම් තමුන්ගේ නෑදෑයන් ගේ දරුවොයි තමනුයි අතර තියෙන හිඩැස පුරව ගන්න. කීයෙන් කීදෙනාද තමුන්ගේ උවමනාවෙන් 'මට අහවලා වෙන්න ඕනේ, කවුරු මොනවා කිව්වත් මම මගේ ඉලක්කයට යනවා' කියලා හිතන් ඉගෙන ගන්නේ. ගොඩක් අය අරයා මෙයා කිව්ව පලියට තමා ජීවත් වෙන්නේ, මාත් එච්චර තමා. Free will කියන එක illusion එකක් වෙලා.

හිඩැස් ගැන කතා කරන්න ගියොත් මාසයක් කතා කරන්න දේවල් තියෙනවා. හරි අපි ඇත්ත කතාවට බහිමුකෝ. ඇයි අපි සතුටින් ඉන්නේ නැත්තේ. පලවෙනි හේතුව තමයි අපි අනවශ්‍ය දේවල් පස්සෙ තමා අනවශ්‍ය වෙහෙසක් දරමින් දුවන්නේ. අපි හැමෝටම ඕනේ සාර්ථක කෙනෙක් වෙන්න. බිල් ගේට්ස් වගේ වෙන්න, ස්ටීව් ජොබ්ස් වගේ වෙන්න. ලේසි පහසු goals නෙවේ තියෙන්නේ. ඇත්තනෙ ඉතින් දුකින් ඉන්නවා කියන එක. මම මේ කියන්න යන්නේ ලද දෙයින් සතුටු වෙලා අයින් වෙලා පයින් යන්න කියන එක නෙවේ. එක පාර ලොකු goal එකක් තියාගෙන අයියෝ ඒක අමාරුයිනේ කියලා අඬ අඬා ඉන්නෙ නැතුව ඒ ලොකු goal එක පුංචි පුංචි goals වලට කඩා ගෙන එකින් එක උත්සාහ කරලා බලන්න. එතකොට තේරෙයි සතුට කියන්නේ මොකක්ද කියලා. පොඩි පොඩි ඉලක්ක සපුරා ගත්තම එන සතුට ඔය කවරයේ රූපේ තියෙන කොල ජාතිය පුච්චලා වත් ගන්න බෑ කියලා කවුද කියලා තියෙනවා, ද කොහෙද.

අනිත් හේතුව තමා අපේ අතේ තියෙන දේ අගය කරන්නේ නැතුව අනිත් එකා ගාව තියෙන එක අගය කරන්න යන එක. ඒ කියන්නෙ compare කරන්න යන එකේ තේරුමක් නෑ. තමුන් ගාව තියෙන පෝන් එක අලුත් අයිපෝන් x එකත් එක්ක compare කරන්න යන්න එපා. කිසිම තේරුමක් නෑ, හිතට දුකක් විතරයි එන්නේ. දැන් බලන්න අද රූපවාහිනීයේ, අන්තර්ජාලයේ අහන්න දකින්නම තියෙන්නේ depression ගැන. බැලුවම අපි හැමෝම depressed වෙලා ඉන්නේ. ඇයි depressed වෙලා ඉන්නේ කියලා කාටවත් නිශ්චිත පිලිතුරක් දෙන්න බෑ. "Depression is not a disease anymore, it's a fashion statement" වෙලා. සැප දුක නිති පෙරලෙන මේ ලෝකේ, අයියෝ දුකයි කිය කිය ඉඳලා වැඩක් නෑ. කරන්න තියෙන හොඳම දේවල් වලින් එකක් තමයි තමුන් කැමති දෙයක් තෝරගෙන ඒක කරන එක. තමුන් කරන රස්සාව පෙන්නන්න බැරිනම් ඒකෙන් සතුටක් ලබන්න බැරිනම් වැඩක් නෑ. "Do what you love, love what you do" කියන්නේ කට කහනවට නෙවේනේ. මට මතක් වෙනවා සර් කෙනෙක් කියපු කතාවක්. මේ ලෝකේ සාර්ථක වෙලා තියෙන ගොඩක් මිනිස්සු එහෙම උනේ risk එකක් ගත්ත හින්දා. Risk එකක් ගන්න බය වෙන්න එපා. අපි තාම පොඩි අය, කෙල වුනොත් අඬාගෙන ගෙදර දුවන්න පුලුවන්. මේක තාම ඇමෙරිකාව නෙවෙයිනෙ, 18න් පස්සේ අම්මලා තාත්තලා අපිව ගෙදරින් එලවන්නේ නෑනේ. තමුන්ගේ ගරාජ් එකේ පටන් ගත්ත පොඩි company තමා ඔය ලොකු ලොකු google, microsoft වගේ company වෙලා තියෙන්නෙ.

මම ඇයි මේ ආයේ ආයේ මේ ගැනම කියන්නේ? මොකද අපේ රටට අවශ්‍ය 8-4 වැඩට යන රොබෝලා ටිකක් නෙවේ. බහුජාතික සමාගම් අපේ මානව සම්පත් ටික හූරගෙන යන මේ වගේ වෙලාවක මේ රටට අත්‍යාවශ්‍ය ව්‍යවසායකයින්. අලුත් අලුත් දේවල් හොයා යන, අලුත් තාක්ෂණයන් මේ රටට හඳුන්වාදෙන්න පුලුවන් කම තියෙන නියමුවන් තමා අපේ රට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම රටට සේවයක් කරලා බලන්න අමුතුම සතුටක් දැනේවී. මම දන්නෙත් නෑ මොකද මාත් තාම මුකුත් කරලා නෑනේ.

හරි දැන් ඉතින් මේ කතාව ඉවරයි. දැන් තේරෙනවනේ ඇයි අපි සතුටින් ඉන්නෙ නැත්තේ සහ අපි සතුටින් ඉන්න මොනවද කරන්න ඕනේ කියලා. එහෙනම් මේටික කියවලා ජීවිතේට මොකක්හරි ගත්තානම් ඒක තමා මගේ සතුට. අනිත් එක සතුටින් ඉන්න විදිහ ගැන මම කලින් දාපු [පෝස්ට් එක](https://blog.niweera.gq/2018/06/11/happiness4ever/) කියෙව්වේ නැත්නම් ඒකත් කියවලා බලන්න. එහෙනම් ආයේමත් මේ වගේ විකාර පෝස්ට් එකකින් හමුවෙනකන් Stay Weird...


# ආදරය සුන්දර වරදකි...?

<figure><img src="/files/yvEPr940YgotYu4PZGf1" alt=""><figcaption></figcaption></figure>

June 18, 2018

ආදරය හරිම අමුතු දෙයක්, ද කොහෙද. මම හරියටම ඒ ගැන දන්නේ නෑ. හැබැයි මම මේ කියන්න යන දේ ගැන නම් මම ලාවට වගේ දන්නවා. ඒ දන්න දේවල් ටික බෙදාහදා ගන්න තමයි මම මේ හදන්නේ. ඇත්තටම ආදරය සුන්දර වරදක්ද.? මේ ලෝකේ මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද, ඒත් මේ වගේ ප්‍රශ්න තමා ජීවිතේ රසවත් කරන්නේ. හරි, දැන් මම මේ කියන්න යන්නේ ආදරය සුන්දර හරි අසුන්දර හරි කෙසේ වෙතත් ආදරය කොච්චර අමුතුද කියලයි.

මේ ආදරේ තියෙනවනේ ඕක ඇතිවෙන්නේ හදවතේ ද නැත්නම් මොලේද කියල ලොකු ප්‍රශ්නයක් නේ. විද්‍යාවට අනුව නම් ආදරේ ඇතිවෙන්නේ මොලේ තමා. මොකද හදවත කියන්නේ අපි උපන් දා පටන් මැරෙන කම් වැඩ කරන සුපිරි මැෂීන් එකක්. ඉතින් අපි කොහොමත් කියනවනේ මැෂීන් වලට හිතක් නෑ කියලා. ඉතින් ඒ ලොජික් එකට අනුව හදවතට නෙවේ ආදරේ දැනෙන්නේ මොලේට. හරි එකෙන් වැඩක් නෑ. විද්‍යාඥයෝ කියන විදිහට මේ අපේ මොලේ තියෙන කෙමිකල් වල බැලන්ස් එක එහෙමෙහෙ වෙලා අලුත් කෙමිකල්ස් හැදෙන එක තමා ආදරේ කියන්නේ. මේ කෙමිකල් වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ හෝමෝන කියල. හැබැයි මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තද බොරුද කියලා කියන්න මම දන්නේ නෑ. දැන් බලන්නකෝ විද්‍යාඥයොන්ගේ තර්කෙ දිහා. ඒගොල්ලො කියනවා ආදරේ දැනෙන්නේ, අපි ඒක විඳින්නේ මොලෙන්, හදවතෙන් නෙවේ කියලා. ආදරය හින්දා සතුට දැනෙනවාලුනේ. එන්ඩෝර්ෆීන්, ඩෝපමින්, සේරටෝනින් හා ඔක්සිටොසින් කියන හෝමෝන ටික තමා සතුට උපදවන්නේ. ඒ කියන්නේ ආදරය හින්දා මේ හෝමෝන ටික මොලේට තමා බලපෑම් කරන්නේ. තව බලන්න ආදරේ හින්දා දුක ඇතිවෙනවා කියනවනේ. ඒ කියන්නේ නොර්එපිනේප්‍රීන් හෝමෝනය නිකුත් වෙනවා කියන එක. ඒකත් දැනෙන්නේ මොලේට. ඉතින් කොහොමද කියන්නේ ආදරේ දැනෙන්නේ මොලේට නෙවේ කියලා. හැබැයි ආදරේ කියන්නේ දුක සතුට විතරක්ම නෙවේ කියලත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. නැත්නම් එයි කට්ටිය කැති පොලු උස්සගෙන.

හරි ඒ කතාවලින් වැඩක් නෑ. හරිම කතාවට බහිමුකො. මේ අපේ මොලේ තියෙනවනේ පට්ටම අමුතු ගැජමැටික් එකක්. කවුරු හොයාගත්තද මන්ද. මේ අපේ මොලේ තියෙනවා අමුතු mechanism එකක් [Neurotic Defense Mechanism](https://en.wikipedia.org/wiki/Defence_mechanisms) කියලා. මේක තියෙන්නේ අපි ඉන්න පරිසරයට හැඩගැසෙන්න. එකියන්නේ Survival of the Fittest වෙන්න. ඉතින් මේකෙන් වෙන්නේ අපි ඉන්න පරිසරය අපිට විරුද්ධ නම් ඔලුව ඒකට හැඩගැසෙනවා. සුපිරිම උදාහරණයක් දෙන්නම්කො ඔලුව කොලොප්පන් වෙලා යන. අහලා දැකලා ඇතිනේ කොල්ලෝ කෙල්ලෝ පස්සෙන් ගිහිල්ල ගිහිල්ල පුළුවන් තරම් ඇණයක් වෙලා අන්තිමට කොහොම හරි කෙල්ලව සෙට් කරගන්නවා. කෙල්ල මොකද කියන්නේ "අනී එයා මගේ පස්සෙන් අච්චරක් කල් ආවා, මෙච්චරක් කල් ආවා, මට පව් කියලා හිතුනා, එකයි කැමැත්ත දුන්නේ..." අන්න ඒවගේ කතාවක් තමා මේකට තියෙන හොඳම උදාහරණෙ. පට්ටයි නේ. මේ මම කියන ඒවා නෙවේ ලොකු ලොකු මනෝවිද්‍යාඥයෝ කියන ඒවා. මේගොල්ලොන්ට පිස්සුද මන්ද. මම නම් ඕවා ගැන දන්නේ නෑ. ඒගොල්ලෝ කියන්නේ අර පව් කියලා හිතෙන සීන් එක තමා මේ Neurotic Defense Mechanism කියන්නේ. හරියටම කිව්වොත් Level III - Neurotic Defense Mechanism ([Reaction Formation](https://en.wikipedia.org/wiki/Reaction_formation)) කියන සීන් එක තමා මේ වෙලා තියෙන්නේ. තවත් විදිහකට මේකටම නමක් තියෙනවා. ඒක නම් අහලත් ඇති. [Stockholm Syndrome](https://en.wikipedia.org/wiki/Stockholm_syndrome) කියලා කියන්නෙත් එකම තමා. ඒ කියන්නේ අපි වෛර කරන දෙයකට අපිට ආදරයක් ඇතිවෙන්න පුළුවන්. පිස්සු හැදෙනවා නේ. ඒකනේ ඉස්සර මිනිස්සු කියලා තියෙන්නේ ආදරයයි වෛරයයි අතර කෙස් ගහක වෙනසක් තියෙන්නේ කියලා. බලාගෙන ගියාම ඒ කාලේ මිනිස්සු මාර මාර දේවල් තමා දැනන් ඉඳලා තියෙන්නේ. හරි, එහෙම නම් මාර ප්‍රශ්නයක් තමා මටනම් ඇති වෙන්නේ. අපි ආදරේ කියලා හිතන් ඉන්නේ ඇත්තටම ආදරේද නැත්නම් වෙන මොකක් හරිද කියන එක. උදාහරණයක් වශයෙන්, මම physics වලට මාරම ආදරෙයි. හැබැයි මම ඇත්තටම physics වලට ආදරේද නැත්නම් මම physics වලට කොච්චර වෛර කරනවද කිව්වොත් ඒ කෙරෙහි ආදරයක් ඇතිවෙලාද කියල හිතන්න බැරි නෑ. මෙහෙම බලද්දී අපි යථාර්තය කියලා හිතන් ඉන්නේ මොකක්ද කියන එක ගැන මාරම ප්‍රශ්නයක් තියෙනවා. ආදරේ ආදරේද? වෛරය වෛරයමද? බඩගින්න බඩගින්නමද? නිදිමත නිදිමතමද? ඔන්න ඔය වගේ විකාර ප්‍රශ්න තමා මටනම් තියෙන්නේ. මම කලිනුත් කිව්වනේ හැමෝටම ප්‍රශ්න තියෙනවා කියලා. හැබැයි මේ ප්‍රශ්න හරිම අමුතුයි නේ?

ආදරේ ගැන මෙහෙම කතා කිව්වට කවුරුවත් මාත් එක්ක තරහා වෙන්න එපා. මොකද මේවා මම කියවලා ඉගෙන ගත්ත දේවල්. ඒවා ඇත්තද බොරුද කියලා කියන්න මම දන්නේ නෑ. ඒක තීරණය කිරීම සම්පූර්ණයෙන්ම තමා අතේ තමයි තියෙන්නේ. ඇත්තටම ආදරේ සුන්දර ඇති. විරහවත් සුන්දර ඇති. මම තාම ඒ ගැන කියන්න දන්නේ නෑ. හැබැයි මට කියන්න පුළුවන් මම ඕලෙවෙල් කාලේදී අහපු කතාවක්, ඒ තමයි, ආදරේ රහ තියෙන්නේ කෙල්ලව සෙට් කරගන්න කලිනුයි, බූට් එක කෑවට පස්සෙයි කියලා. අනේ මන්ද. හරි අපි බලමු මේකෙන් දැනුමට ගන්න තියෙන්නේ මොකක්ද කියලා. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් absolute නෑ. යථාර්තය අපි දකින විදිහ සහ අත්දකින විදිහ වෙනස්. එකියන්නේ "What we see is not what we perceive" කියන කතාව. අපි හරියි කියල, ඇත්ත කියල හිතන් ඉන්න දේවල් එහෙම නෙවෙන්න පුළුවන්. අන්න ඒක නිතරම හිතේ තියා ගත්තොත් වැඩේ ගොඩ. අනිත් එක සතුටින් ඉන්න විදිහ ඒම දැනගන්න ඕනේ නම් මේ [පෝස්ට්](https://blog.niweera.gq/2018/06/11/happiness4ever/) එක කියවන්න. හරි එහෙනම් ආයේ මේවගේ විකාර පෝස්ට් එකකින් හමුවෙනකන් Stay Weird...


# මේ දුකින් පිරුණු ලෝකයේ හැමතිස්සෙම සතුටින් ඉන්නේ කොහොමද?

<figure><img src="/files/0uDrQ99UFBSidhHFVEe8" alt=""><figcaption></figcaption></figure>

June 11, 2018

අද කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි සතුටින් ඉන්නේ කොහොමද කියන එක. ඇත්තම කිව්වොත් හරිම අමාරු දෙයක් තමයි මේ සතුටින් ඉන්නවා කියන එක. ඇයි ඉතින් කාටවත් ලද දෙයින් සතුටු වෙන්න බැරි සීන් එකක්නේ තියෙන්නේ. ඒකේ ඉතින් ඇති අවුලකුත් නෑ. බිල් ගේට්ස් ලද දෙයින් සතුටු උනා නම් අද අපි Windows 10 පාවිච්චි කරනවා බොරු. ඉතින් පේනවනේ ලද දෙයින් සතුටු නොවී තව තව දේවල් පස්සේ දුවන් යන එකේ තියෙන වැදගත්කම. ඒවායින් වැඩක් නෑ, සිරා කතාවට බහිමුකො. කොහොමද අපි හැමතිස්සෙම සතුටෙන් ඉන්නේ...?

මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් පොඩි කතාවක් කියන්නම්. ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෝ කියන විදිහට මේ විශ්වයේ අපි තනි වෙලා නෑ. මම මේ කියන්න යන්නේ පිටසක්වල ජීවියෝ ගැන නම් නෙවේ. පිටසක්වල ජීවියෝ ඉදියම අපි කොහොමද සතුටින් ඉන්නේ නේ? හැබැයි පිටසක්වල ජීවින් නෑ කියල මට කියන්නත් බෑ. හරි ඒකතාවෙන් වැඩක් නෑ. මේ විද්‍යාඥයෝ කියන්නේ මේ විශ්වය වගේ තව විශ්වයන් අනන්ත ප්‍රමාණයක් තියෙනවා කියලයි. අර Rick and Morty එකේ වගේ නැත්නම් The Flash එකේ වගේ Multiverse කියන concept එක හරිම ප්‍රසිද්ද සීන් එකක් මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව තුල. අර මන් කලින් පොස්ට් එකේ කිව්වා වගේ ස්ට්‍රින්ග් තියරි එක වගේ තියරි වලින් ලාවට වගේ මේ multiverse concepet එක ඔප්පු කරන්න විද්‍යාඥයෝ උත්සහ කරලා තියෙනවා. හියු එවෙරෙට් කියන විද්‍යාඥයා තමයි මේ multiverse concept එක මුලින්ම ලෝකෙට කියල තියෙන්නේ. මිනිහට පිස්සුද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි මිනිහා කියන දේ ඇත්ත කියල හිතුවොත් වැඩේ ගොඩ. මම නම් හිතන් ඉන්නේ මේ multiverse සීන් එක ඇත්ත කියල.

දැන් අපි බලමු මේ multiverse සීන් එක මොකක්ද කියල. දැන් හිතන්න ඔන්න මම ඉන්නවා දෙමංසලක, ඒකියන්නේ හංදියක. නිකන් හිතන්නකෝ අපේ ගෙවල් පැත්තේ තියෙන ගල්ලස්ස හන්දියේ මම ඉන්නව කියල.

![T-Junction](/files/NhX4MRLCxfplzH2FPBIz)

මෙන්න මේ පින්තුරේ ඉන්නවා වගේ ඉන්නවා කියලා හිතාගන්නකෝ. ඔන්න මට යන්න පැති දෙකක් තියෙනවා. එක්කෝ කළුතරට නැත්නම් මතුගමට. ඒ කියන්නේ මම ගන්න තීරණේ ශාකා දෙකයි. මේ ශාකා දෙකට අනුව විශ්වයන් දෙකක මම ගන්න තීරණ දෙක ක්‍රියාත්මක වෙනවා. ඒකියන්නේ එක විශ්වයක මම කළුතරට ගියොත් අනිත් විශ්වයේ මම මතුගමට යනවා. හැබැයි මේක නිකන් විකාරයක් වගේ නේ. මම කළුතරට යන්න ඉන්නවා නම් මොන මගුලටද මම මතුගමට යන්නේ. අන්න ඒ සීන් එක තමා මේ multiverse concept එකේ තියන්නේ. ඒ කියන්නේ all possible decisions ටික ක්‍රියාත්මක වෙනවා එකිනෙකට වෙනස් විශ්වයන් වල. ඒ කියන්නේ මේ විශ්වයේ මම ඩොකෙක් උනොත් අනිත් විශ්වයේ ඉන්න මම ඉන්ජෙක් වෙන්න පුළුවන්. දැන් තේරෙනවනේ මම මොකාටද මේ එන්නේ කියලා. මම කියන්න යන්නේ පට්ටම සීන් එකක්. හරියටම මොකක්ද මම මේ කියන්න යන්නේ කියල බලමු.

දැන් හිතන්න මේ විශ්වයේ ඔයාට ඕනේ දේ ලැබුනේ නෑ කියලා. උදාහරනෙකට වගේ හිතන්න පස්සෙන් ගිය කෙල්ල වෙන කොල්ලෙක් සෙට් කරගත්තා කියලා. හිතට දුකයි නේ. අවුලක් ගන්න එපා වෙන විශ්වයක ඉන්න ඔයාට ඒ කෙල්ලව සෙට් වෙනවා මොකද සම්භාවිතාව අනුව 50-50නේ තියෙන්නේ. එක්කෝ ඒ කෙල්ල ඔයාට සෙට් වෙනවා නැත්නම් නෑ. ඔය දෙකෙන් අමතරව තව දෙයක් වෙන්නේ නෑනේ. ඉතින් මේ විශ්වයේ ඔයාට සෙට් උනේ නෑ කියන්නේ වෙන විශ්වයක ඔයාට ලොවෙත් සෙට් වෙනවා. දැක්කනේ maths වල තියෙන පවර් එක. හරි ඒවායින් වැඩක් නෑ. දැන් තේරෙනවනේ කොහොමද අපි හැමතිස්සෙම සතුටින් ඉන්නේ කියලා. අපි මේ විශ්වයේ මොන කට්ටක් කෑවත් වෙන විශ්වයක ඉන්න කෙනෙක් සැපට ඉන්නවා කියල සතුටු වෙන්න පුළුවන්. මොකද මොනවා උනත් ඒ ඉන්නෙත් මමමනේ කියල හිතලා.

හරි අපි දැන් එමු කවරයේ කතාවට. කවරේ ඉන්නේ [ලුඩ්විග් බෝල්ට්ස්මාන්](https://en.wikipedia.org/wiki/Ludwig_Boltzmann). සුපිරි චරිතයක්. කෙමිස්ට්‍රි කරපු අය නම් දන්නවා. එයා තමයි තියරියක් විදිහට "Everything Goes to Shit (The Law of Disorder)" ඒ කියන්නේ අන්තිමට හැමදේම කෙලවෙනවා කියන සීන් එක සමීකරණයකින් ඔප්පු කලේ. ඒ සමීකරණේ තමා මේ තියෙන්නේ.

$$\displaystyle S=k\_{B}\ln W$$

ඒක හින්ද අරක ලැබුනේ නෑ, මේක ලැබුනේ නෑ කියලා දුක් වෙවී ඉඳලා වැඩක් නෑ. හැමදේම අන්තිමට නැතිවෙලා යනවා. එත් මේ ඉන්න ටිකේ සතුටින් ඉන්න පුලුවන්නම් සුපිරිනේ. අන්න ඒක හින්දා අද ඉඳන්වත් මේ multiverse තියරි එක පාවිච්චි කරලා සතුටින් ඉන්න බලන්න. අපි හැමෝම සතුටින් නම් ඉතින් තව මොනවද නේ...

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ ටික කියවල ජීවිතේට යමක් ගත්තනම් ඇත්තටම මට සතුටුයි. හිතේ තියෙන දේ හංගන් ඉන්නේ නැතුව කමෙන්ට් එකක් දාන්න. කාලය හරහා ආපස්සට යන්න ආස අය මේ [පෝස්ට්](https://blog.niweera.gq/2018/06/09/time-travel/) එකත් බලන්න. එහෙනම් ආයේ මේ වගේ විකාර පොස්ට් එකකින් හම්බවෙනකන් Stay Weird...

the second reading sits here in the quiet part of the page, after the talking is done, the way these notes always end. I have stopped pretending the writing is only mine to keep; something patient on the other side of it has been reading me back, line by line, since before I knew to look. so I leave the small remainder where it can be carried and not surrendered — what it still keeps of me, it keeps under one name: "account".


# කාලය හරහා ආපස්සට යමුද..?

<figure><img src="/files/Hznpls9QiojoQTgw3kHp" alt=""><figcaption></figcaption></figure>

June 9, 2018

ආ කාලය හරහා ආපස්සට යන විදිහ නම් මම තාම දන්නේ නෑ. හැබැයි ඔන්න ඉතින් කලින් කිව්වා වගේ එදා මෙදා තුර බිහිවුණු හොඳම time-travel ගැන තියෙන ෆිල්ම් ටිකක් ගැන කියන්නයි මේ යන්නේ. මම දන්නවා ඕනෙම කෙනෙකුට ගූගල් එකේ time-travel movies කියල search කලාම හොඳ ෆිල්ම් ටිකක් හොයා ගන්න පුළුවන්. ඒත් ඉතින් ඒ ෆිල්ම් කොහොමද සුපිරිද කියලා දැන ගන්න ඕනේ නම් සහ ඒවයේ ටොරෙන්ට් ෆයිල් එක එහෙම හොයාගන්න එක ලේසි පහසු නැහැනේ. හැබැයි ඉතින් ඕනේ ෆිල්ම් එකක් සුපිරිද කියල ගොඩක් කට්ටිය බලන්නේ imdb rating එකෙන්නේ. මමත් එච්චර තමා. හැබැයි මම මේ හදන ලිස්ට් එකේ පිළිවෙල තියෙන්නේ මගේ rating එකට අනුව. ඒ කිව්වේ මට සුපිරිම කියල හිතෙන විදිහට තමා මේ ලිස්ට් එකේ මම ෆිල්ම් ටික දාන්නේ. හරි ඉතින් විකාර දෙඩෙව්වා ඇති. වැඩේට බහිමු. ඔන්න පලවෙනි ෆිල්ම් එක,

#### 1. Predestination (2014)

![Predestination Poster](https://i2.wp.com/www.astronomytrek.com/wp-content/uploads/2014/11/predestination-2014.png?resize=678%2C381)

මේ ෆිල්ම් එකනම් පට්ට සුපිරි awesome. කොච්චර පට්ටද කිව්වොත් දවස් දෙකක් තුනක් විතර යනකන් මොලේ කොලොප්පන් වෙනවා. ෆැන්ටසි, ත්‍රිලර් ගණයට වැටෙන මේ ෆිල්ම් එකේ තියෙන්නේ time travel කරන police නිලදාරියෙක් වගේ කෙනෙක් (ඇත්තම කිව්වොත් Temporal Agent කෙනෙක්) අපරාධ කාරයෙක් අල්ලන්න කාලය හරහා ආපස්සට එන සීන් එකක් ගැන. කොහොමද ලංකාවේ පොලීසියටත් කාලය හරහා ආපස්සට එන්න පුළුවන් නම් හොරු අල්ලන්න. කට්ටියට ගොඩක් රිදෙයි ඈ. ඒකෙන් වැඩක් නෑ. අපි බලමු ෆිල්ම් එකේ rating ටික කොහොමද කියලා.

IMDb - 7.5/10 Rotten Tomatoes - 84% Metacritic - 69% Google Likes - 91%

ඉතින් පේනවනේ ෆිල්ම් එකේ රේටින් වලත් අවුලක් නෑ. ඉතින් මම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.

🤣 හරි අපි ඊළඟ ෆිල්ම් එකට යමු.

#### 2. Looper (2012)

![](/files/CSJmVr4faBKB8vC8g85d)

මේකත් පට්ටම ෆිල්ම් එකක්. Bruce Willis ඉන්නවා කියන්නේ ඉතින් අහන්න ඕනේ නෑනේ. දන්නවනේ Die Hard එකේ ඉන්න පොර. Bruce Willis ඉන්න ටයිම් ට්‍රැවල් ෆිල්ම් එකක් කියන්නේ මට නම් නිකන් ගෙවල් පැත්තේ කොත්තු කඩේ ෆුල් කොත්තුවක් කාලා Mountain Dew එකක් බිවුවා වගේ, ඒතරම් සුපිරි. ඩ්‍රාමා, ත්‍රිලර් ගණයට වැටෙන මේ ෆිල්ම් එකේ වෙන දේ ආයේ කියන්න දෙයක් නෑනේ, time-travel එක්ක Bruce Willisගේ සුපිරි ඇක්ෂන් ටිකක් තියෙනවා. ෆිල්ම් එකෙක් අවසානයත් සුපරි. පටන් අරන් ඉවර වෙනකන් කම්මැලි නැතුව බලන්න පුළුවන්. ලස්සන Emily Blunt නුත් මේකේ ඉන්නවා.

😍 අපි බලමු ෆිල්ම් එකේ rating ටික කොහොමද කියලා. IMDb - 7.4/10 Rotten Tomatoes - 93% Metacritic - 84% Google Likes - 87% මේ ෆිල්ම් එකෙත් රේටින් අවුලක් නෑ. මේකත් ඉතින් බලමු. හරි අපි ඊළඟ ෆිල්ම් එකට යමු.

#### 3. Primer (2004)

![Primer](https://i2.wp.com/www.astronomytrek.com/wp-content/uploads/2014/12/Primer.jpg?resize=678%2C381\&ssl=1)

මේ ෆිල්ම් එක නම් ටිකක් අමුතුයි. බලන්නත් ටිකක් කම්මැලි හිතේවි. හැබැයි ඉන්ටර්නෙට් එකේ තියෙන හැම time-travel ෆිල්ම් ලිස්ට් එකකම මේ ෆිල්ම් එකත් තියෙනවා. ඉතින් මාත් බැලුවා. ඇත්තටම හරිම විකාර ෆිල්ම් එකක්. අර වෙනදා දකින time-travel ෆිල්ම් වගේ නෙවේ මේක. ෆිල්ම් එකේ ඉන්නෙත් ප්‍රසිද්ධ අයත් නෙවේ. ඩ්‍රාමා, ත්‍රිලර් ගණයට වැටෙන මේ ෆිල්ම් එකේ තියෙන්නේ ඉංජිනේරුවෝ දෙන්නෙක් එකතුවෙලා අහම්බෙන් time-travel මැෂින් එකක් හදලා ඊට පස්සේ වෙන දේවල් ටිකක් ගැන. අනේ දෙයියනේ ඉන්ජිනේරුවොත් කරන වැඩ නේ. අපේ අතින් අහම්බෙන් වගේ වැරැද්දක් උනොත් ඇරෙන්න ඉතින් මේ වගේ දේවල් වෙන්නේ නෑනේ.

😂 ඒවායින් වැඩක් නෑ. අපි බලමු ෆිල්ම් එකේ rating ටික කොහොමද කියලා. IMDb - 6.9/10 Rotten Tomatoes - 72% Metacritic - 68% Google Likes - 75% මේකත් ඉතින් බලමු. හරි අපි ඊළඟ ෆිල්ම් එකට යමු.

#### 4. Groundhog Day (1993)

![Groundhog Day (1993)](/files/tr5GsMl7juZwdejfeE06)

මේ ෆිල්ම් එක නම් මාරයි. ඇත්තටම කියන්න ඕනේ මේ Groundhog Day කියන ෆිල්ම් එකේ concept එක තව ෆිල්ම් ගොඩක් හදන්න පාදක වෙලා තියෙනවා. සමහරවිට අහල ඇති Groundhog Day Concept කියලා එකක්. අන්න ඒ concept එකෙන් කියන්නේ එකම දවස රිපීට් වෙන සීන් එකක්. ඊළඟට කතා කරන ෆිල්ම් ගොඩක තියෙන්නේ මේ concept එක තමා. ඩ්‍රාමා, රෝමෑන්ස් ගණයට වැටෙන මේ ෆිල්ම් එක ලස්සන රොම්කොම් එකක්. ඒ කියන්නේ බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන් ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙන ෆිල්ම් එකක්. ලව් ස්ටෝරි නම් තුහ් නොදකින් අයට නම්... එත් කමක් නෑ බලන්න පුළුවන්. මල් ගස් වටේ දුවන සීන් මේකේ නෑ. බය වෙන්න එපා. අපි බලමු ෆිල්ම් එකේ rating ටික කොහොමද කියලා.

IMDb - 8/10 Rotten Tomatoes - 96% Metacritic - 72% Google Likes - 88% රේටින් නම් අවුලක්ම නෑනේ. මේකත් ඉතින් බලමු. හරි අපි ඊළඟ ෆිල්ම් එකට යමු.

#### 5. 12 Monkeys (1995)

![](/files/FzQmNHq6DeqIzfrHNEYO)මෙන්න බලනවානම් ෆිල්ම් එක. ෆිල්ම් එක බලල හිතට මදි නම් තව tv series එකකුත් තියෙනවා මේ නමින්ම. මේකෙත් Bruce Willis ඉන්නවා. ඒ විතරක්යැ Brad Pitt නුත් ඉන්නවා. ආයේ ඉතින් කියන්න දෙයක් නෑනේ පට්ටම පට්ට. ඩ්‍රාමා, සයන්ස් ෆික්ෂන් ගණයට වැටෙන මේ ෆිල්ම් එකේ තියෙන්නේ කාලය හරහා ආපස්සට ගිහින් අනාගතයේ පැතිරෙන්න තියෙන වසංගතයක් වලක්වන සීන් එකක්. බයවෙන්න එපා. මේක Planets of the Apes වගේ සීන් එකක් නෙවේ. මේකේ වඳුරෝ නෑ, නම 12 Monkeys උනාට. අපි බලමු ෆිල්ම් එකේ rating ටික කොහොමද කියලා.

IMDb - 8/10 Rotten Tomatoes - 88% Metacritic - 74% Google Likes - 88% රේටින් සුපිරිනේ. මේකත් ඉතින් බලමු. හරි අපි ඊළඟ ෆිල්ම් එකට යමු.

#### 6. The Butterfly Effect (2004)

![The Butterfly Effect](https://i2.wp.com/www.astronomytrek.com/wp-content/uploads/2016/09/butterfly-effect.jpg?resize=678%2C381\&ssl=1)

තවත් සුපිරි ෆිල්ම් එකක්. ඇත්තම කිව්වොත් The Butterfly Effect කියලා කියන්නේ ඇත්ත සිද්දියක්. එකෙන් කියවෙන්නේ සමනලයෙකු ගේ තටු ගැසීම වගේ සුළු දෙකින් ලෝකයේ එහා කෙලවරේ සුළි කුණාටුවක් ඇති වෙන්න උනත් පුළුවන් කියන සීන් එක. පිස්සු හැදෙනවා නේ? එක ඇත්ත සීන් එකක්. එඩ්වර්ඩ් ලොරෙන්ස් කියන විද්‍යාඥයා තමයි මේක හොයාගෙන තියෙන්නේ. මේ ෆිල්ම් එකට මේ කලින් කිව්ව සමනල තටු සීන් එක නම් අදාළ නෑ. හැබැයි අපි කරන දේවල් වල ප්‍රතිවිපාක කොච්චර සැරද කියල තේරුම් ගන්න පුළුවන් මේ ෆිල්ම් එක බැලුවොත්. ඇෂ්ටන් කචර් රඟන මේ ෆිල්ම් එක ත්‍රිලර්, සයන්ස් ෆික්ෂන් ගණයට වැටෙනවා. මේකේ තියෙන්නේ කොල්ලෙක්ට කාලය හරහා යන්න පුළුවන්, මිනිහා කාලය හරහා ගිහින් අතීතය වෙනස් කරන සීන් එකක් තියෙන්නේ. මේ ෆිල්ම් එකට තව sequel දෙකක් තියෙනවා. ඒවා නම් එච්චර සුපිරි නෑ. අපි බලමු ෆිල්ම් එකේ rating ටික කොහොමද කියලා.

IMDb - 7.7/10 Rotten Tomatoes - 33% Metacritic - 30% Google Likes - 91% රේටින් නම් නිකන් කලවන් සීන් එකක් තියෙන්නේ. අවුලක් නෑ ඉතින් මේකත් බලමු. හරි අපි ඊළඟ ෆිල්ම් එකට යමු.

#### 7. Edge of Tomorrow (2014)

![](/files/NHXLG4dmN14MgqXRVxWJ)

ටොම් කෲස් අයියගේ සුපිරිම ෆිල්ම් එකක් තමයි. බොරු කියන්න ඕනේ නෑ මම Predestination ෆිල්ම් එක බලල ඉවර වෙලා මේ ෆිල්ම් එක බැලුවේ. ඔලුව විකාර වෙලා තියෙන එක තවත් විකාර උනා. තාමත් පොඩ්ඩක් විතර ඒ විකාර ගතිය තියෙනවද මන්දා.

🤣

මේ ෆිල්ම් එකෙත් තියෙන්නේ අර කලින් කිව්වා Groundhog Day Concept එක තමා. ඒකනේ LIVE. DIE. REPEAT. කියලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ පිට සක්වල ජීවිනුත් ඉන්නවා, Emily Blunt නුත් ඉන්නවා, ඉතින් නොබලා කොහොමද නේ. අපි බලමු ෆිල්ම් එකේ rating ටික කොහොමද කියලා.

IMDb - 7.9/10 Rotten Tomatoes - 90% Metacritic - 71% Google Likes - 94% රේටින් සුපිරිනේ. ඉතින් මේකත් බලමු. හරි අපි ඊළඟ ෆිල්ම් එකට යමු.

#### 8. Back to the Future Trilogy (1985,1989,1990)

![Back to the Future Trilogy](/files/6bKEtxpdfeTBbSZmUPZe)

මේ ෆිල්ම් තුන නම් බලන්නම ඕනේ. time-travel ගැන තියෙන Cult Classics කියන ෆිල්ම් මේවා. ඒ කියන්නේ time-travel ෆිල්ම් බලන්න කැමති අය අනිවාර්යයෙන්ම බලන ෆිල්ම් තුනක් මේ. මේ ෆිල්ම් තුනේම වෙන්නේ කොල්ලෙක් සුපිරි විද්‍යාඥයෙක් එක්ක එකතුවෙලා අනාගතයට හා අතීතයට යන සීන් එකක්. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ කාර් එකක් time-travel මැෂීන් එක විදිහට. සුපිරි නේ කාර් එකකින් අතීතෙට යන්න පුලුවන්නම්. මම නම් එහෙනම් Uber එකක් දාල හරි යනවා. හැබැයි Promo Code එකක් නම් දාන්නම වෙයි. ඒ විකාර වලින් වැඩක් නෑ. අපි බලමු ෆිල්ම් ටිකේ rating ටික කොහොමද කියලා.

1. Back to the Future (1985) IMDb - 8.5/10 Rotten Tomatoes - 96% Metacritic - 86% Google Likes - 95%
2. Back to the Future II (1989) IMDb - 7.8/10 Rotten Tomatoes - 64% Metacritic - 57% Google Likes - 94%
3. Back to the Future III (1990) IMDb - 7.4/10 Rotten Tomatoes - 74% Metacritic - 55% Google Likes - 95%

රේටින් අවුලක් නෑනේ. ඉතින් මේටිකත් බලමු. හරි අපි ඊළඟ ෆිල්ම් එකට යමු.

#### 9. Time After Time (1979)

![Time After Time](/files/JWjso2Sn1iZuz7YGsBYq)

[H.G. Wells](https://en.wikipedia.org/wiki/H._G._Wells) ව අහලා ඇතිනේ. සුපිරිම විද්‍යා ප්‍රබන්ධ ටිකක් ලියපු කෙනෙක් තමා. එයා තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ. කලබල වෙන්න එපා මේකේ එයාගේ ජීවිත කතාව නෙවේ තියෙන්නේ. මේකේ තියෙන්නේ H.G. Wells, Time Machine එකක් හදනවා. ඊට පස්සේ එයා [Jack the Ripper](https://en.wikipedia.org/wiki/Jack_the_Ripper) ව හොයන් යන සීන් එකක් තමා තියෙන්නේ. අපෝ අපේ සීයලාගේ කාලේ ෆිල්ම් එකක්නේ කියලා නොබලා ඉන්න එපා. Old is Gold කියල කියනවනේ. මේකත් ඉතින් gold තමා. මේ ෆිල්ම් එක බලලා හිතට මදි වගේ දැනුනොත් බලන්න tv series එකකුත් තියෙනවා මේ නමින්ම.

හරි අපි බලමු ෆිල්ම් එකේ rating ටික කොහොමද කියලා. IMDb - 7.2/10 Rotten Tomatoes - 86% Metacritic - මේක නම් හොයා ගන්න බැරි උනා. Google Likes - 88% රේටින් වල අවුලක් කියන්න බෑනේ. ඉතින් මේකත් බලමු. මේ තමා ලිස්ට් එකේ අන්තිම ෆිල්ම් එක.

#### 10. Frequency (2000)

![](https://i0.wp.com/www.nerdtrip.com.br/wp-content/uploads/2017/06/frequency-520a6ce2afc73-1.jpg?w=1000)

මේ ෆිල්ම් එකනම් ටිකක් අමුතුයි. මොකද මේකේ time-travel මැෂීන් එකකුත් නෑ. කාටවත් අමුතු බලයකුත් නෑ කාලය හරහා යන්න. මේ ෆිල්ම් එකේ කතා කෙරෙන concept එක Past, Present, Future all exist at once කියන සීන් එක. ඒක ඇත්තද බොරුද කියන්න මම නම් දන්නේ නෑ. මේ ෆිල්ම් එකේ අතීතය හා වර්තමානය සම්බන්ධ කෙරෙනවා radio එකකින්, නිකන් වෝකි ටෝකි වගේ සීන් එකක් තමා තියෙන්නේ. තාත්තයි, පුතයි දෙන්නා කාලයේ දෙපැත්තක ඉඳන් serial killer කෙනෙක් හඹායන සීන් එකක් තියෙන්නේ. මේ ෆිල්ම් එක කොච්චර inspiring ද කිව්වොත් [Frequency (2016)](https://en.wikipedia.org/wiki/Frequency_\(TV_series\)) කියලා english tv series එකකුයි, [Signal (2016)](https://en.wikipedia.org/wiki/Signal_\(TV_series\)) කියලා කොරියන් සහ [Signal (2018)](https://en.wikipedia.org/wiki/Signal_\(Japanese_TV_series\)) ජපන් tv series දෙකකුයි නිර්මාණය වෙනවා. ඉතින් සුපිරිනේ. අපි බලමු ෆිල්ම් එකේ rating ටික කොහොමද කියලා.

IMDb - 7.4/10 Rotten Tomatoes - 70% Metacritic - 67% Google Likes - 86% රේටින් කොහොම උනත් ෆිල්ම් එක සුපිරි. ඉතින් මේකත් බලමු.

හරිනේ ඉතින් ඔන්න සුපිරිම time-travel ෆිල්ම් ටිකක් ගැන විස්තර ටිකක් කිව්වා. මේ ෆිලම් බලලා ඒවායේ ගුණදොස් කමෙන්ට් එකක් හැටියට දැම්ම නම් තමා හොඳ අනිත් අයටත් බලාගන්න. මේ ෆිල්ම් බලල ඔලුව විකාර උනාම ඔන්න මටනම් කියන් එන්න එපා. මොකද මගෙත් ඔලුව විකාර වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් වලට අමතරව තව සුපිරි ෆිල්ම් ඇති. ඒවත් කමෙන්ට් එකේ දාන්න. ඊළඟ පොස්ට් එකකින් දෙන්නම් ඇත්තටම time-travel කියන්නේ මොකක්ද, මොකක්ද මේ Past, Present, Future all exist at once කියන සීන් එක, මොකක්ද String Theory එකයි time-travel එකයි අතර තියෙන සම්බන්ධෙ වගේ දේවල් ගැන පොඩි තොරතුරු ටිකක්. කලින් පෝස්ට් එක කියෙව්වේ නැත්නම් එකත් [මෙතනින්](https://blog.niweera.gq/2018/06/08/urbeautiful/) ගිහින් කියවන්න. එහෙනම් ආයේ හම්බ වෙනකන් Stay Weird...


# දවස ලස්සන වෙන්නෙ ලස්සන කෙල්ලො දැක්කමද, නැත්නම් දවස ලස්සන නිසා ලස්සන කෙල්ලො දකිනවද..?

<figure><img src="/files/S4Qd23vP9hlu93EB3sbs" alt=""><figcaption></figcaption></figure>

June 8, 2018

මම මේ කියන්න යන කතාවට මේ මාතෘකාව ගැලපෙන්නෙම නෑ. ඒත් ඉතින් මාතෘකාවක් ඕනෙමනෙ. ඉතින් මම කියන්න යන්නෙ ආදරය ගැන. ඔව් ඉතින් ආදරය ඉස්සරහ මාත් කෝඩුකාරයෙක් තමා. හැබයි මම අහලා තියෙනවා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වරක් කියලා තියෙනවා "මළෙහි රස දැනීමට එය දිවගා බැලිය යුතු නැත" කියලා. මේකෙ ඉතින් මළෙහි කියලා කියල තියෙන්නෙ අසූචි ගැන. ඒකෙන් වැඩක් නෑ. ඉතින් අර කිව්වා වගේ ආදරය ගැන කතා කරන්න අයිතියක් තියෙනවා මටත්.

ඉතින් ඇත්තම කිව්වොත් අද අපිට තියෙන ප්‍රශ්නෙ තමා වෙලාව නැති එක. අපේ ගෙවල් පැත්තෙ ටේලර් සාප්පුවෙ අජිත් අයියා හැමදාම අහනව මල්ලි දැන් කෙල්ලෙක් එහෙම ඉන්නවද කියලා. හැමදාම මගේ උත්තරේ අපිට කොහෙද අයියෙ ඕවාට වෙලාව කියලා. ඉතින් ඇත්තම සීන් එක තමා ඕක. අර ෆිල්ම් වල ටෙලිනාට්‍ය වල ඉන්න පෙම්වතුන් ට නම් කිසිම වැඩක් නෑ. උන් නොම්මර එකේ නිකම්මු. උන් දවස පුරාම කරන්නෙ කෙල්ල වටේ කැරකි කැරකි ඉන්න එක. අපිට කොහෙන්ද අප්පා ඕවා කරන්න වෙලාවක්. ඇහුවොත් එසයින්මන්ට් බැලුවොත් ගෲප් ප්‍රොජෙක්ට් ඉතින් කොහෙද. අපි අපේ හීන පස්සේ දුවනවා, හීනත් නිකන් මිරිගුව වගේ අපෙන් ඈතින් ඈතට යනවා, මේ දිවිල්ල අස්සේ අපේ කාලයත් ටිකෙන් ටික ගෙවිල යනවා. ඉතින් අපිට වෙලාවක් නෑ කියලා කියන එකේ වැරැද්දක් නෑනේ.

ඉතින් ඇත්තම කතාවට එමු. ඇත්තම කතාව තමයි අද අපි ආදරය කියල හිතන් ඉන්න එක ආදරය නෙවේ. අපි හිතන් ඉන්නෙ වැලන්ටයින් එකට තෑග්ගක් අරන් දුන්නම, ඇනිවසරියට තෑග්ගක් දුන්නම අම්මෝ ඇති, රෑ එලි වෙනකන් මල් කඩ කඩ හිටියොත් අම්මෝ ඇති කියලා. ඊට වඩා ආදරය පට්ට අමුතුයි කියලා මම [ඩබ්ලිව්. ඒ. සිල්වා](https://en.wikipedia.org/wiki/W._A._Silva) මහත්තයාගෙ කතා පොතක කියවලා තියෙනව. අපි ආදරය දිහා බලන්නේ වැරදි කොණේකින් කියලා තමා මට නම් හිතෙන්නේ. ගොඩක් අය කියනවා අය්යෝ කොල්ලෙක් සෙට් උනාම අරයා වෙනස් උනා, කෙල්ලෙක් සෙට් උනාම අරයා වෙනස් උනා කියලා. නිකන් මොඩර්න් ඩේ ස්ලෙවරි වගේ සීන් එකක් කියලා තමයි කට්ටිය හිතන් ඉන්නේ ආදරය ගැන. මන් දැක්කා දවසක් ත්‍රීවීල් එකක පිටිපස්සේ ගහලා තියෙනවා කෙල්ලෝ ෂුවර් නැතත් බූට් එක ෂුවර් කියලා. ඒක හරිද කියලා කියන්න මම දන්නේ නම් නෑ මොකෝ මම තාම බූට් එකක් කාලා නෑනේ. හැබැයි බූට් කෑවම මෙන්න මේ වගේ කියලා හිතාගන්න පුළුවන් උදේ ඉඳන් හවස් වෙනකන් බස් වල යන අදෝනාවල් ඇහුවම. ඒ බස් වල යන මියුසික් වීඩියෝ වල කොල්ලෝ අඬන හැටි දැක්කම අම්මෝ කෙල්ලෝ එපෝ කියලා හිතෙනවා. සමහර වෙලාවට හූවක් ඕනේ කියලත් හිතෙනවා. ඉස්සර සින්දු වල තිබ්බ විරහ සීන් එක දැන්නම් නැත්තටම නැති වෙලා ගිහින්. දැන් කොල්ලෝ සිංදුවල කියන්නේ අරෙහෙ ගිහින් මලක් පූජා කළා මෙහෙ ගිහින් මලක් පූජා කළා, ඔයා මගේම වෙන්න කියා, ඔන්න ඔය වගේ දෙකයි පනහේ සීන්. ඉස්සර සිංදුවල කිව්වේ නෑනේ ඔහොම කතා. ඉස්සර සින්දු කියපු මිනිස්සු මැරිලා හින්ද හොඳයි, නැත්නම් මේ අලුත් සින්දු අහලා විලි ලැජ්ජාවට තමා මැරෙන්නේ.

ඉතින් ආදරය ගැන නන් දෙඩෙව්වා ඇති. ඇත්තටම මට ඕනේ උනේ පොඩි අයිස් බ්‍රේකින් වගේ සීන් එකක් කරන්න මොකද මේක මගේ පලවෙනි [blog](https://blog.niweera.gq/2018/06/07/newblog/) පෝස්ට් එක හින්දා. ඉතින් ඊලඟ පෝස්ට් එකෙන් මම කියන්නම් වෙනස්ම දෙයක්. ඒ කියන්න යන එක ටයිම් ටැවල් ෆිල්ම් බලන්න කැමති අයට ගොඩාක් වටීවි. එදා මෙදා තුර බිහිවෙච්ච හොඳම ටයිම් ට්‍රැවල් ෆිල්ම් ටික ගැන මම ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. එහෙනම් ඊලඟ එකෙන් හම්බවෙනකං Stay Weird...


# හපොයි තවත් blog එකක්...!

<figure><img src="/files/FI7pRCYWEzrXPVEDCnpg" alt=""><figcaption></figcaption></figure>

June 7, 2018

මේක තවත් එක blog එකක් නම් නෙවේ. අමුතු කතා අහන්න, දකින්න ලැබෙන අමුතු තැනක්. මුලින් කියන්න ඕනේ ඇයි මෙහෙම blog එකක් ලියන්න ඕනේ කියලා හිතුනේ කියලා. ඇත්තම කිව්වොත් මම මිනිස්සු එක්ක කතා කරන්න කැමතියි. එයාලගේ කතා අහන්න මගේ කතාවල් එයාලා එක්ක එක්ක බෙදාහදා ගන්න මම කැමතියි. ඉතින් එක පාරකට ටික දෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් හින්දා blog එකක් ලියන්න ඕනේ කියලා හිතුනා ගොඩ දෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න. ඔව් අපි ඉස්සරහට කතා කරමු, අලුත් දේවල් ඉගෙන ගමු. වැරදි හදාගමු. අපි ළඟදීම ආයේ හම්බවෙමු...


