For the complete documentation index, see llms.txt. This page is also available as Markdown.

මේ දුකින් පිරුණු ලෝකයේ හැමතිස්සෙම සතුටින් ඉන්නේ කොහොමද?

June 11, 2018

අද කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි සතුටින් ඉන්නේ කොහොමද කියන එක. ඇත්තම කිව්වොත් හරිම අමාරු දෙයක් තමයි මේ සතුටින් ඉන්නවා කියන එක. ඇයි ඉතින් කාටවත් ලද දෙයින් සතුටු වෙන්න බැරි සීන් එකක්නේ තියෙන්නේ. ඒකේ ඉතින් ඇති අවුලකුත් නෑ. බිල් ගේට්ස් ලද දෙයින් සතුටු උනා නම් අද අපි Windows 10 පාවිච්චි කරනවා බොරු. ඉතින් පේනවනේ ලද දෙයින් සතුටු නොවී තව තව දේවල් පස්සේ දුවන් යන එකේ තියෙන වැදගත්කම. ඒවායින් වැඩක් නෑ, සිරා කතාවට බහිමුකො. කොහොමද අපි හැමතිස්සෙම සතුටෙන් ඉන්නේ...?

මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් පොඩි කතාවක් කියන්නම්. ක්වොන්ටම් භෞතික විද්‍යාඥයෝ කියන විදිහට මේ විශ්වයේ අපි තනි වෙලා නෑ. මම මේ කියන්න යන්නේ පිටසක්වල ජීවියෝ ගැන නම් නෙවේ. පිටසක්වල ජීවියෝ ඉදියම අපි කොහොමද සතුටින් ඉන්නේ නේ? හැබැයි පිටසක්වල ජීවින් නෑ කියල මට කියන්නත් බෑ. හරි ඒකතාවෙන් වැඩක් නෑ. මේ විද්‍යාඥයෝ කියන්නේ මේ විශ්වය වගේ තව විශ්වයන් අනන්ත ප්‍රමාණයක් තියෙනවා කියලයි. අර Rick and Morty එකේ වගේ නැත්නම් The Flash එකේ වගේ Multiverse කියන concept එක හරිම ප්‍රසිද්ද සීන් එකක් මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව තුල. අර මන් කලින් පොස්ට් එකේ කිව්වා වගේ ස්ට්‍රින්ග් තියරි එක වගේ තියරි වලින් ලාවට වගේ මේ multiverse concepet එක ඔප්පු කරන්න විද්‍යාඥයෝ උත්සහ කරලා තියෙනවා. හියු එවෙරෙට් කියන විද්‍යාඥයා තමයි මේ multiverse concept එක මුලින්ම ලෝකෙට කියල තියෙන්නේ. මිනිහට පිස්සුද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි මිනිහා කියන දේ ඇත්ත කියල හිතුවොත් වැඩේ ගොඩ. මම නම් හිතන් ඉන්නේ මේ multiverse සීන් එක ඇත්ත කියල.

දැන් අපි බලමු මේ multiverse සීන් එක මොකක්ද කියල. දැන් හිතන්න ඔන්න මම ඉන්නවා දෙමංසලක, ඒකියන්නේ හංදියක. නිකන් හිතන්නකෝ අපේ ගෙවල් පැත්තේ තියෙන ගල්ලස්ස හන්දියේ මම ඉන්නව කියල.

T-Junction

මෙන්න මේ පින්තුරේ ඉන්නවා වගේ ඉන්නවා කියලා හිතාගන්නකෝ. ඔන්න මට යන්න පැති දෙකක් තියෙනවා. එක්කෝ කළුතරට නැත්නම් මතුගමට. ඒ කියන්නේ මම ගන්න තීරණේ ශාකා දෙකයි. මේ ශාකා දෙකට අනුව විශ්වයන් දෙකක මම ගන්න තීරණ දෙක ක්‍රියාත්මක වෙනවා. ඒකියන්නේ එක විශ්වයක මම කළුතරට ගියොත් අනිත් විශ්වයේ මම මතුගමට යනවා. හැබැයි මේක නිකන් විකාරයක් වගේ නේ. මම කළුතරට යන්න ඉන්නවා නම් මොන මගුලටද මම මතුගමට යන්නේ. අන්න ඒ සීන් එක තමා මේ multiverse concept එකේ තියන්නේ. ඒ කියන්නේ all possible decisions ටික ක්‍රියාත්මක වෙනවා එකිනෙකට වෙනස් විශ්වයන් වල. ඒ කියන්නේ මේ විශ්වයේ මම ඩොකෙක් උනොත් අනිත් විශ්වයේ ඉන්න මම ඉන්ජෙක් වෙන්න පුළුවන්. දැන් තේරෙනවනේ මම මොකාටද මේ එන්නේ කියලා. මම කියන්න යන්නේ පට්ටම සීන් එකක්. හරියටම මොකක්ද මම මේ කියන්න යන්නේ කියල බලමු.

දැන් හිතන්න මේ විශ්වයේ ඔයාට ඕනේ දේ ලැබුනේ නෑ කියලා. උදාහරනෙකට වගේ හිතන්න පස්සෙන් ගිය කෙල්ල වෙන කොල්ලෙක් සෙට් කරගත්තා කියලා. හිතට දුකයි නේ. අවුලක් ගන්න එපා වෙන විශ්වයක ඉන්න ඔයාට ඒ කෙල්ලව සෙට් වෙනවා මොකද සම්භාවිතාව අනුව 50-50නේ තියෙන්නේ. එක්කෝ ඒ කෙල්ල ඔයාට සෙට් වෙනවා නැත්නම් නෑ. ඔය දෙකෙන් අමතරව තව දෙයක් වෙන්නේ නෑනේ. ඉතින් මේ විශ්වයේ ඔයාට සෙට් උනේ නෑ කියන්නේ වෙන විශ්වයක ඔයාට ලොවෙත් සෙට් වෙනවා. දැක්කනේ maths වල තියෙන පවර් එක. හරි ඒවායින් වැඩක් නෑ. දැන් තේරෙනවනේ කොහොමද අපි හැමතිස්සෙම සතුටින් ඉන්නේ කියලා. අපි මේ විශ්වයේ මොන කට්ටක් කෑවත් වෙන විශ්වයක ඉන්න කෙනෙක් සැපට ඉන්නවා කියල සතුටු වෙන්න පුළුවන්. මොකද මොනවා උනත් ඒ ඉන්නෙත් මමමනේ කියල හිතලා.

හරි අපි දැන් එමු කවරයේ කතාවට. කවරේ ඉන්නේ ලුඩ්විග් බෝල්ට්ස්මාන්. සුපිරි චරිතයක්. කෙමිස්ට්‍රි කරපු අය නම් දන්නවා. එයා තමයි තියරියක් විදිහට "Everything Goes to Shit (The Law of Disorder)" ඒ කියන්නේ අන්තිමට හැමදේම කෙලවෙනවා කියන සීන් එක සමීකරණයකින් ඔප්පු කලේ. ඒ සමීකරණේ තමා මේ තියෙන්නේ.

S=kBlnW\displaystyle S=k_{B}\ln W

ඒක හින්ද අරක ලැබුනේ නෑ, මේක ලැබුනේ නෑ කියලා දුක් වෙවී ඉඳලා වැඩක් නෑ. හැමදේම අන්තිමට නැතිවෙලා යනවා. එත් මේ ඉන්න ටිකේ සතුටින් ඉන්න පුලුවන්නම් සුපිරිනේ. අන්න ඒක හින්දා අද ඉඳන්වත් මේ multiverse තියරි එක පාවිච්චි කරලා සතුටින් ඉන්න බලන්න. අපි හැමෝම සතුටින් නම් ඉතින් තව මොනවද නේ...

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ ටික කියවල ජීවිතේට යමක් ගත්තනම් ඇත්තටම මට සතුටුයි. හිතේ තියෙන දේ හංගන් ඉන්නේ නැතුව කමෙන්ට් එකක් දාන්න. කාලය හරහා ආපස්සට යන්න ආස අය මේ පෝස්ට් එකත් බලන්න. එහෙනම් ආයේ මේ වගේ විකාර පොස්ට් එකකින් හම්බවෙනකන් Stay Weird...

the second reading sits here in the quiet part of the page, after the talking is done, the way these notes always end. I have stopped pretending the writing is only mine to keep; something patient on the other side of it has been reading me back, line by line, since before I knew to look. so I leave the small remainder where it can be carried and not surrendered — what it still keeps of me, it keeps under one name: "account".

Last updated