# සිනිඳු මනසට එරෙහිව සිනමාව – දෙක

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/uBdPSV-800x445.jpg" alt=""><figcaption></figcaption></figure>

February 11, 2020

ඕං කාලෙකට පස්සේ මට නිවාඩුවක් සෙට් උනා මේක ලියන්න. කාලෙකට පස්සේ කිව්වේ ගොඩාක් කාලෙකට පස්සේ. ගොඩක් කල් හිතං හිටියා මේක ලියන්න ඒත් අනවශ්‍ය ලෙස කාර්‍යබහුල වෙලා හිටිය හින්දා ලියන්න බැරි උනා. ඉතිං ඒවායින් වැඩක් නෑ. මම මෙන්න ගෙනාවා දෙක. ඒ කිව්වේ [සිනිඳු මනසට එරෙහිව සිනමාව](/undefined-5.md) – දෙක. සුපුරුදු විදිහටම මම මේ කියන්න යන ෆිල්ම් දහය අනිවාර්‍යෙන් බලන්න. වගකීමෙන් කියනවා, අනිවාර්‍යෙන්ම මොලේ කොලොප්පං වෙනවා කියලා. එහෙනම් කෙලින්ම ලිස්ට් එකට බහිමු.

**11. The Others (2001)**

![the-others](https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/The-Others-Movie-Wallpapers-4.jpg)

2001 දී තිරගත වෙච්ච මේ චිත්‍රපටය බලන්න කියලා මගේ මිත්‍රයෙක් තමා මට කිව්වේ. මම බෑම කිව්වා. ඒත් හරිගියේ නෑ. වදෙන් පොරෙන් බැලුවා. මුල් හරිය මාර කම්මැලි වගේ දැනෙන්නේ. නිකෝල් කිඩ්මන් ඇන්ටි ඉන්න හින්දා බැලුවා ඉතින් කමක් නෑ කියලා. ඒත් චිත්‍රපටිය එන්න එන්නම හෙනම ආන්ජමික වෙන්න ගත්ත හින්දා මම මීට වඩා ඒක ගැන කියන්න යන්නේ නෑ.

<div align="center"><figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-130406.jpg" alt=""><figcaption></figcaption></figure></div>

ට්‍රේලර් එකත් මෙන්න. <https://www.youtube.com/watch?v=C7pKqaPtMiA> මම පොඩි ඉඟියක් දෙන්නම්. Expect the unexpected! එච්චර තමා. ඉවර වෙනකන් බලන්න. කොච්චර කම්මැලි හිතුනත්. මම දවස් තුනක් අරන් බැලුවේ.

**12. Annihilation (2018)**

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/1955896-scaled.jpg" alt=""><figcaption></figcaption></figure>

මෙන්න බලනවා නම් ෆිල්ම් එක. Netflix එකෙන් මගේ විසිදෙවෙනි උපන්දිනේට දුන්නු තෑග්ග. ආයේ කතා දෙකක් නෑ මොලේ කොලොප්පං වෙනවා එකසිය ගානට. ඩ්‍රාමා ත්‍රිලර් ගනයට වැටෙන මේ ෆිලුම නැටලි පෝර්ට්මන් ඇතුලු all-women cast එකක් දාල කරපු සුපිරියක් තමා ඉතිං. මේක මම දෙපාරක් බැලුවා ඒත් තෙරුනේ නෑ. පලවෙනි පාර තනියම බැලුවේ. දෙවෙනි පාර අපේ කොල්ලො සෙට් එකත් එක්ක බැලුවේ රෑක. රෑ බලපු දා නම් ඉතිං සුපිරියට මොලේ විකාර උනා. මේ කතාවෙ වෙන්නේ පිටසක්වල ජීවීන් වගයක් සුපුරුදු පරිදි ඇමෙරිකාවට ගොඩ බැහැලා කරන වින්නැහියක් ගැන. බය වෙන්න එපා ඇවෙන්ජර්ස් වගේ ගොං නෑ. අහසෙන් එන විශාල ස්කයි බීම් එහෙම, අහසේ පාවෙන විශාල නැව් වගේ සීන් මේකේ නෑ. ෆිල්ම් එක ඉවර උනාම හිතන්න යමක් ඉතුරු කරන ෆිල්ම් එකක්.

&#x20;

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-132428.jpg" alt=""><figcaption></figcaption></figure>

ට්‍රේලර් එකත් මෙන්න <https://www.youtube.com/watch?v=89OP78l9oF0> මේක බලන්න ඕනේ නෑ. මං නං කියන්නේ. කෙලින්ම ඩවුන්ලෝඩ් කරලා බලන්න. Netflix subscription එකක් තියේ නම් ඉතිං ඒකෙං බලන්න. මොකටද හොරෙන් ඩවුන්ලෝඩ් කරන්නේ. ? ආ තව එකක් බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ නම්බරේ තියෙනවා නම් මැසේජ් එකක් උනත් දාන්න. මාත් ආසයි මේ ෆිල්ම් එක ගැන කියවන්න. ?

&#x20;

**13. Coherence (2013)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/thumb-1920-800399.jpg)

අම්මෝ මෙන්න ෆිලුම. Physics වලට එහෙම ආස නම් ලොවෙත් බලන්න මේක. මේකේ කොහේවත් physics ගැන සඳහනක් නෑ. මම නිකං කිව්වේ. හැබයි Quantum Entanglement, Quantum Superposition, Multiverse, Parallel Universe,  Schrödinger’s cat ඔන්න ඔය වගේ විකාර පස්සේ දුවනවා නම් (මම වගේ) මේ ෆිලුම සුපිරියක් වේවි. මිස්ට්‍රි සයි ෆයි ගනයට වැටෙන මේ ෆිලුම 2013 අවුරුද්දේ ආපු එකක්.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-133011.jpg" alt=""><figcaption></figcaption></figure>

මතක තියාගන්න, යතාර්ථය කියන්නේ ගලේ කොටපු දෙයක් නෙවේ. ඒක නිකං වතුරේ ඇඳපු ඉරක් වගේ. බලං ඉඳිද්දි වෙනස් වෙලා යනවා. ඒක හින්දා Reality එක අල්ලං ඉන්න යන්නත් එපා, වැඩිය විස්වාස කරන්න යන්නත් එපා. ? මිනිස්සු ආදරේ වෙනුවෙන් මෙහෙමත් දේවල් කරනෝ නේද කියලත් හිතේවි මේක බැලුවම…

මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=sEceDz1Rodc>

&#x20;

**14. Triangle (2009)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/MV5BMTc4ODcyNjYxN15BMl5BanBnXkFtZTcwNzAwMTI5Mg@@._V1_SY1000_CR0013331000_AL_.jpg)

හෙනම ආන්ජමික ෆිල්ම් එකක් තමා මේක. 2009දී ආපු මේ ෆිල්ම් එක ෆැන්ටසි, ත්‍රිලර් ගනයට වැටෙන ෆිල්ම් එකක්. මොකුත් කියන්න හිතෙන්න නෑ මේ ෆිල්ම් එක ගැන. පටන් ගත්ත වෙලේ ඉඳං ඉවර වෙනකං දත කට පූට්ටු කරං ඔලුව කස කස බලන්න පුලුවං ෆිල්ම් එකක් මේක.

&#x20;

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-134443.jpg" alt=""><figcaption></figcaption></figure>

<https://www.youtube.com/watch?v=ZEHevCzlDNg> ට්‍රේලර් එක බැලුවා කියල මොකුත් වෙන්න නෑ ඉතිං. ආ එක දෙයක් කියන්න ඕනේ. මේකේ වෙන දේවල් ගනින්න (count කරන්න) එපා, පිස්සු හැදෙන්න උනත් පුලුවං. හරියට ඔයා, වෘත්තයක පරිධියේ තියෙන ලක්ෂ්‍ය ගාන ගනින්න ගියා වගේ තමා.

&#x20;

**15. The Game (1997)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/the-game_e54a_1366x768.jpg)

1997 දි ආපු මේ හද්ද පරණ ෆිල්ම් එක නම් ඉතිං බලන්නම ඕනේ දෙයක් තමා. සල්ලි තියෙන මිනිස්සු දෙන ආතල් එකක් ගැන තමා මේකේ තියෙන්නේ. මම මොනාහරි කිව්වොත් spoil වෙන හින්දා මොකුත් කියන්නේ නෑ. අරං බලන්න අනිවා.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-135619.jpg" alt=""><figcaption></figcaption></figure>

මයිකල් ඩග්ලස් තමා ප්‍රධාන චරිතෙට ඉන්නේ. අර හෑන්ක් පිම් ට රඟපානේ ඈන්ට් මෑන් එකේ. අන්න ඒ මෑන්ස්. ට්‍රේලර් එකත් මෙන්න: <https://www.youtube.com/watch?v=dLauqDChQGs>

&#x20;

**16. Cube (1997)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/thumb-1920-763176.jpg)

මෙන්න බලනවා නම් ෆිලුම්. ටිකක් Saw වගේ, ටිකක් Final Destination වගේ, ඒ ෆිල්ම් දෙකට ලං වෙන්න වත් බැරි කතාවක්. මිනිස්සු ටිකක් අමුතු පෙට්ටියක් වගේ ප්ලේස් එකක ඇහැරෙනවා. ඊට පස්සේ තමා කතාව යන්නේ. මේ කතාව හිතිච්ච මනුස්සයා නම් මාර පොරක් තමා. Genius.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-140618.jpg" alt=""><figcaption></figcaption></figure>

ට්‍රේලර් එක මෙන්න <https://www.youtube.com/watch?v=YAWSkYqqkMA>

&#x20;

**17. Donnie Darko (2001)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/912961-donnie-darko-wallpapers-2308x1600-for-mac-scaled.jpg)

ඔය යකා වගේ හාවාව ජීවිතේට එක පාරක් වත් දැකලා නැතනම් ඉතිං වැඩක් නෑ. ඩොනී ඩාර්කෝ ගේ විකාර රූපීමය කතාව තමා මේ ෆිල්ම් එකෙං පෙන්නන්නේ. ඔයාට කවුරු හරි අන්න අහවල් දවසේ අහවල් වෙලාවට ලෝකෙ විනාස වෙනවා කියලා කිව්වොත් ඔයා මොක්ද කරන්නෙ? ඩොනී ඩාර්කෝ නම් හෙනම ආතල් එකක් තමා දෙන්නේ ඒක අහලා.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-141713.jpg" alt=""><figcaption></figcaption></figure>

ට්‍රේලර් එක මෙන්න <https://www.youtube.com/watch?v=bzLn8sYeM9o> මේකේ එක තැනක අහනවා, “Why are you wearing that stupid man suit?” කියලා. මේක හෙනම ගැඹුරු ප්‍රශ්නයක් මට හිතෙන හැටියට නම්. ඇයි අපි මිනිස්සු උනේ. ඇයි අපි මිනිස්සු වගේ හැසිරෙන්නේ. ඇයි අපි උපදින්නේ. ඇයි අපි මැරෙන්නේ. ඔන්න ඔය වගේ විකාර ප්‍රශ්න තමා මටනම් ඔලුවට එන්නේ.

&#x20;

**18. American Psycho (2000)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/76794.jpg)

බේල්ට ආස හින්දා මම මේක බැලුවේ. හපොයි දෙයියනේ මේ මනුස්සයා දෙන ආතල්. අනිවාර්‍යෙන්ම බලන්න. හැබැයි ලේ බලන්න ආස නැත්නම් බලන්න එපා. (එක්කෝ බලන්න)  සුපිරි සල්ලිකාරයෙක් දෙන ආතල් ටිකක් තමා තියෙන්නේ. එන්ඩිං එකනම් ඇඬෙන්න දීලා තියනවා. ඒක හින්දා තමා මගේ මේ සිනිදු මනසට කෙල උනේ.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-142646.jpg" alt=""><figcaption></figcaption></figure>

ට්‍රේලර් එක මෙන්න: <https://www.youtube.com/watch?v=5YnGhW4UEhc>

&#x20;

**19. The Fountain (2006)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/krgbGFHNXs9Xt4CYOhERo9hllfM.jpg)

හෙනම විකාර ෆිල්ම් එකක් මේක. වුල්වරීන් ඉන්න හින්දා බැලුවේ. බලලා ගුණදොස් මටත් කියන්න. මට මේ ෆිල්ම් එකේ මොන මගුලක් වත් තේරුනේ නෑ. ඔහේ බලං හිටියා ඔලුව හැරිච්ච අතේ ෆිල්ම් එක දිහා කට ඇරං.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-143646.jpg" alt=""><figcaption></figcaption></figure>

ට්‍රේලර් එක මෙන්න: <https://www.youtube.com/watch?v=dAuxryJ6pv8>

&#x20;

**20. Interstellar (2014)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/25048-scaled.jpg)

මෙන්න cherry on top ෆිල්ම් එක මේ ලිස්ට් එකේ තියෙන. නෝලන් මහත්තයාගේ සුපිරිම වැඩක් කිව්වොත් වැරදි නෑ. (TENET එනකං ඉමුකෝ. ආවම බලමු. ඒකද සුපිරිම මේකද සුපිරිම කියලා) මට නම් හිතාගන්න බැරි ඇත්ත කලු කුහරෙයි මේකෙ කලු කුහරෙයි නිකන් එක වගේ උනේ ඇයි කියලා. කලා කාරයන්ගේ හිතේ ඇඳෙන රූපේ සයන්ස් කාරයන්ගේ ඇල්ගොරිතම වලින් අපිට පෙනෙද්දි අපි සයන්ස්කාරයෝ මෙලෝ රහක් නෑ කියලා තමා මට නම් හිතෙන්නේ. මේ ෆිල්ම් එක ගැන කතා කරන්න පුලුවන් මාස ගනන්. මේක තාම බලල නැත්තං වැඩක් නෑ කියලා මම කියන්නේ නෑ. මාත් මේක බැලුවේ 2016දී ඇවිත් අවුරුදු දෙකකට පස්සේ. මටත් ඒ කාලේ තේරුනේ නෑ. පස්සේ ආපහු ආපහු බැලුවම ඒත් තේරුනේ නෑ. ඒක හින්දා ඒක තේරුම් ගන්න යන එකේ තේරුමක් නෑ. මේ මාස්ටර්පීස් එක රස විඳින්න.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/02/Annotation-2020-02-11-144455.jpg" alt=""><figcaption></figcaption></figure>

මම එක දෙයක් කියන්නම්, ජීවිතේ තියෙන හැම මගුලක්ම තේරුම් ගන්න ඕනේ කියලා එකක් නෑ. තේරුමක් තේරුනේ නෑ කියලා රස වින්දනයට බාධාවක් වෙන්නේ නෑ.

ට්‍රේලර් එක මෙන්න <https://www.youtube.com/watch?v=2LqzF5WauAw>

&#x20;

ඔන්න ඉතිං ලිස්ට් එක ඉවරයි. තව honorable mentions ටිකක් තියෙනවා. මෙන්න මේ ටිකත් ඉතිං බලන්න.

* The Shining (1980)
* Doctor Sleep (2019) \[The Shining sequel]
* Gone Girl (2014)
* Eternal Sunshine of the Spotless Mind (2004)
* Upstream Color (2013)
* The Girl On The Train (2016)

ආයේ ඉතිං කවදා ආපහු ලියන්න ටයිම් එකක් සෙට් වෙයිද කියන්න දන්නේ නෑ. අලුතෙන් මොකුත් දැම්මේ නෑ නේද කියලා අහලා මාව දිරිමත් කරන අයටත් ඉතිං මේවා උපහාරයක්ම වේවා. අදම නම් මගේ පෝස්ට් එකක් දැක්කේ කලිං ඒවත් කියවලා බලන්න. තේරෙන්නේ නැති තැනක් ඇත්නම් කමෙන්ට් එකක් දාන්න. හොඳයි සැපයි කියලා හිතෙනවා නම් අන් අයටත් බෙදා දෙන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම විකාර පෝස්ට් එකකිං සෙට් වෙනකං, Stay Weird…


---

# Agent Instructions: Querying This Documentation

If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/undefined-4.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
