# අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ ඇයි?

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2018/07/manners_1-800x445.jpg" alt=""><figcaption></figcaption></figure>

July 14, 2018

හැට දෙලක්ෂයක ඡන්දේ වගේ නෙවේ පහුගිය දවස් වල තිබ්බ ඡන්දේ. ඒ තමයි [බස් වල යන බස් සින්දු](/undefined-8.md) ගැන තිබ්බ ඡන්දේ. ඕං ඡන්ද ප්‍රතිපල ආවා. ඔක්කොම votes 65කින් නියත බහුතරය කියලා තියෙනවා බස් සින්දු එපා කියලා. (60%ක්, ඒ කියන්නේ votes 39ක්, බස් සින්දු වලට කැමති නෑ කියල තියෙනවා). 15%ක් කියලා තියෙනවා බස් සින්දු වලට කැමතියි කියලා. ඉතුරු 25% තමා ආතල්ම චරිත ටික. ඒගොල්ලෝ කියන්නේ බස් සින්දු ඒගොල්ලන්ට අදාලම නෑ කියලා. ඒගොල්ලෝ කෝච්චි වල යන උදවිය වෙන්ටැති. හරි ඉතින් ඒ ඡන්ද ප්‍රතිපල වලින් වැඩක් නෑ. මොකෝ මේ ප්‍රතිපල පෙන්නලා, බස් වල බස් සින්දු දාන්න එපා කියල පෙත්සමක් ගහන්ට යැ.

දැන් ඉතින් අපි බලමු ඇයි අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ කියලා. පට්ට ප්‍රශ්නයක් නේ. වෙලාවකට හොඳයි කියලත් හිතෙන, වෙලාවකට හයියෝ කියලත් හිතෙන අමුතු ප්‍රශ්නයක් මේක. ඔයා අහලත් ඇති, සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි කියලා ත්‍රීවිල් වල පිටිපස්සේ ගහල තියෙනවා. හරිද වැරදිද කියන්න මම නම් දන්නේ නෑ. හැබැයි අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැත්තේ අතේ සල්ලි නැති හින්දා නම් නෙවේ කියලා ෂුවර්. එහෙම එකක් කියල, විශේෂ හේතු නැතුව ඇති. අපේ පණ්ඩිත කම් වලට කෙල්ලෝ කැමති නැතුව ඇති. එක්කෝ අපි අවධානය දෙන්නේ අනවශ්‍ය අයට. එක්කෝ අපි කෙල්ලන්ටත් කොල්ලන්ට වගේ සලකන හින්දද දන්නේ නෑ. අපි ඉතින් ඔය කෙල්ලන්ට කියලා විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නෑනේ. ??? කෙල්ලන්ටයි කොල්ලන්ටයි එක වගේ සලකන එක වැරදිද මන්ද… ?

හරි දැන් එන්නම්කෝ නියම මාතෘකාවට. ඒ තමයි Gender Equality එහෙමත් නැත්නම් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව. ඒ කියන්නේ කාන්තාවන්ටත් පිරිමින්ටත් එක වගේ සලකනවා කියන එක. නිතරම ඇහෙන මාතෘකා තමයි මේ Feminism, Gender Equality කියන්නේ. (සමා වෙන්න ඕනේ, මේ මාතෘකාව ගැන ලංකාවේ නම් ඇහෙන්නේ නෑ එච්චර මේ දවස් වල. අපිට වෙන වෙන සුපිරි මාතෘකා තියෙනවනේ කතා කරන්න. මේ මාතෘකාව ගැන ගොඩක් ඇහෙන රටක් තමා ඉන්දියාව. මම මේ එහෙන් ඇහිච්ච දේවල් ටිකක් තමා මේ කියන්න යන්නේ). Gender Equality ගැන කතා කරද්දී බොහොම වැදගත් මේ Gender Gap කියන එක. World Economic Forum එකෙන් හදනවා රිපෝර්ට් එකක් Gender Gap Report කියල. ඒක මරු. කියෙව්වට එච්චර ලොකු තේරුමක් එන්නේ නෑ. හැබැයි දැක්ක ගමං තේරුම් ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එයින් එකක් තමයි ලංකාවේ rank (Global Gender Gap Index Ranking) එක. 2016 Gender Gap Report එකේ Rankings වල ලංකාව ඉන්නේ 100 වෙනි ස්ථානේ. 2006 Gender Gap Report එකේ Rankings වල ලංකාව හිටියේ 13 වෙනි ස්ථානේ. පේනවනේ අවුරුදු දහයක් තුල ලංකාවට වෙච්චි හදිය. අපි රටක් විදිහට පස්සට ගිහිල්ලද නැත්නම් අනිත් රටවල්, රටවල් විදිහට අපිව පහුකරන් ඉස්සරහට ගිහින්ද කියන්න මම දන්නේ නෑ. කාටහරි මම මේ කියන්නේ බොරු කියල හිතෙනවා නම් මෙන්න [මේ ලින්ක් එකෙන්](http://reports.weforum.org/feature-demonstration/files/2016/10/LKA.pdf) ගිහින් ඒ රිපෝර්ට් එක බලන්න පුළුවන්. ඇත්තටම කාටහරි හිතෙන්න පුළුවන් ඇයි මේ වගේ විකාර ගැන මම දොඩවන්නේ කියල. ඇත්තටම මේවා තමයි රටක මිනිස්සු කතාකරන්න ඕනේ ප්‍රශ්න.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පිරිමි මොකටද කතා කරන්න ඕනේ කියල. අනිත් එක ලංකාවේ මිනිස්සු කාන්තාවන්ට ගොඩක් ගරු කරනවා, වෙන එකක් තියා බාර් එකකට ගිහින් අරක්කු ටිකක් වත් ගන්න ඉඩ තියන්නේ නෑ කියල කෙනෙක්ට කියන්න පුළුවන්. ඇත්තටම හරිම අමුතුයි මේ රට. මෙන්න මේකයි ඇත්ත. රටක දියුණුවට පිරිමින්ගේ දායකත්වය විතරක් මදි. දෙගොල්ලොන්ගේම දායකත්වය අත්‍යවශයි. මට මෙවෙලාවේ මතක් වෙනවා මම අහපු කතාවක්. ස්වීඩනයේ කාන්තාවන් සහ පිරිමින් අතර කොච්චර සමානකමක් තියෙනවද කිව්වොත්, කාන්තාවකට ඇතුලු වෙන්න දොරක් ඇරලා දුන්නොත් ඒක, අපහාසයක් විදිහටයි ඒ කාන්තාව සලකන්නේ. (ස්වීඩනය අර Gender Gap Index Rankings වල 4වෙනි තැන. පලවෙනි තැන අරන් ඉන්නේ අයිස්ලන්තේ. ස්වීඩනයේ එහෙමනම් අයිස්ලන්තේ කොහොම ඇද්ද?) අර මං කිව්ව කාන්තාවකට ඇතුළු වෙන්න දොරක් ඇරලා දීම, අර රෙස්ටුරන්ට් වලට ගියාම වාඩිවෙද්දී පුටුව ලං කරලා දෙන එක, කාර් එකේ දොර ඇරලා දෙන එක වගේ දේවල් වලට තමා Chivalry කියල කියන්නේ. සුද්ද සිංහලෙන් කිව්වොත් ඒවා තමා මහත්මා ගති. එතකොට ස්වීඩනයේ Chivalry සලකන්නේ Offense එකක් විදිහද මන්ද. දෙයියන්ගේ පිහිටෙන් තාමත් අපේ රටේ එහෙම වෙලා නෑ. මොකද එහෙම උනා නම් මල කෙලියක් තමා වෙන්නේ. මේ ලංකාවේ මිනිස්සු දැනටමත් කාන්තාවෝ පෙරළන් ගිහින් කෝච්චි වලට බස් වලට නගින්නේ. මෙහෙමයි මෙතන තියෙන ප්‍රශ්නේ. කාන්තාවෝ කියනවා (මෙහෙම කියන්නේ සුද්දියෝ හොඳේ) “Chivalry is dead” කියල. හැබැයි අනිත් පැත්තෙන් කියනවා “Treat us Equal!” කියල. එතකොට මොකක්ද වෙන්න ඕනේ, Treat equally or Treat like a lady? මාර ප්‍රශ්නයක් තමයි. මේ කතාව මම දැක්කේ Urban Dictionary site එකේ.

Chivalry – “Something that true [feminists](https://www.urbandictionary.com/define.php?term=feminists) hate and bitchy feminists complain about being “dead.” It’s basically being a gentleman, but no longer persists frequently because [modern feminism](https://www.urbandictionary.com/define.php?term=modern%20feminism) has caused [many men](https://www.urbandictionary.com/define.php?term=many%20men) to give up on making women actually satisfied with the respect they receive.”

Reference: <https://www.urbandictionary.com/define.php?term=Chivalry> (Chivalry definition no 4.)

හරි ඉතින් මේ ලංකාවනේ, තාමත් අපේ රටේ කෙල්ලෝ කැමති ඒගොල්ලෝ එද්දී දොර ඇරලා දෙන කොල්ලන්ට. ඒගොල්ලොන්ට වාඩි වෙන්න සීට් එක දීලා හිටගෙන යන කොල්ලන්ට. ඒගොල්ලන්ව පෙරලන් බස් වලට කෝච්චි වලට නගින්නේ නැති, අහිංසක කොල්ලන්ට තමා තාමත් ලංකාවේ කෙල්ලෝ කැමති. ඉතින් කොල්ලොන්ට කියන්න තියෙන්නේ ඔන්න කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි මේ Chivalry කියන්නේ. කොහෙන් හරි ඉගෙනගෙන ගොඩ යන්න බලන්න.

මෙච්චරයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ලංකාවට Men == Women වෙන්න නම් තව ලොකු ගමනක් යන්න තියෙනවා. මම කලින් කිව්වා වගේ පිරිමින්ට තනියෙම වත්, කාන්තාවන්ට තනියම වත් මේ රට ගොඩ ගන්න බෑ. අන්න එතෙන්දි තමයි Men == Women වෙන්න ඕනේ. දෙගොලොන්ටම තියෙනවා එක හා සමාන වගකීමක්. කාන්තාවෝ කරන්න ඕනේ, ගෙදරට වෙලා දරුවෝ බලාගෙන, රෙදි ටික හෝදගෙන, ගෙවල් දොරවල් බලාගෙන ඉන්න එක කියල කිව්වේ ඉස්සර. ඒ යුගය අපි පහු කරලා දැන් ගොඩක් කල්. තාමත් ඒ හණමිටි අදහස් තියන් නම් ඉන්නේ දෙයියන්ගේම පිහිටයි, ආරස්සාවයි. කවදාහරි දවසක් ඒවි අපිට මේ වගේ ලස්සන, වටිනා, වැදගත් කමක් තියෙන මාතෘකා, ප්‍රසිද්ධ මාධ්‍ය වල කථා කරන්න පුළුවන් වෙන. අන්න එදා උදා වෙනකන් අපි ඉවසීමෙන් බලං ඉමු. කවදාහරි මේ දේශපාලන මාධ්‍ය සංදර්ශන ඉවර වෙයි නේ. ඉතින් එහෙනම් මගේ කතාව මෙතනින් අවසන්. මේතාක් දුර කියවන් ආවා කියන්නේ, ඔයා සුපිරි. ඔයා මගේ මේ කතාව එක්ක එකඟ නම් හිතේ හංගන් ඉන්න එපා. කමෙන්ට් එකක් දාගෙන යන්න. එකඟ නැත්නම්, ඒත් කමක් නෑ, ඒකත් කමෙන්ට් එකක දාන්න. ඉතිං ආයේමත් මේ වගේ විකාර පෝස්ට් එකකින් හමු වෙනකන්, Stay Weird…


---

# Agent Instructions: Querying This Documentation

If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/undefined-7.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
