# හයියෙන් හිනා වෙන අපි සතුටින්ද?

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2018/06/1532d3faa5633552f8bdd663a1b2ace8-800x445.jpg" alt=""><figcaption></figcaption></figure>

June 20, 2018

දන්න අය දන්නවා අපි හිනා වෙන තරම. අපි දවසකට ගොඩක් වෙලා හිනා වෙනව. Facebook එකේ විකාර බලලා හිනා වෙනවා, Whatsapp status බලලා හිනා වෙනවා, 9gag එකේ ඒවා බලලා හිනා වෙනවා, ඔය මෙකී නොකී හැම එකම බලලා හිනා වෙනවා. බැරිම තැන අනිත් මිනිස්සුන්ටත් හිනා වෙනවා. හැබැයි මෙහෙම හිනා වෙන අපි සතුටින්ද ඉන්නේ…?

හොඳ ප්‍රශ්නයක් නේ. මම අහලා තියෙනවා හොඳ කියමනක්, ‘තමුන් දුකෙන් ඉන්නේ ඇයි කියලා පැහැදිලි කරලා දෙනවට වඩා හිනා මූනෙන් ඉන්න එක ලේසියි’ කියලා. අද සමාජයේ ජීවත් වෙන ගොඩක් දෙනා කරන්නෙත් මේකම තමා. තමා දුකින් ඉන්න බව වහගෙන මූනත්තහඩුව වෙනස් කරගෙන ඉන්නවා සතුටින් ඉන්නෙ කියලා පෙන්නගෙන. බලන්න එපැයි Facebook එකේ wall එකේ, ඉන්ස්ටා එකේ ලස්සන ලස්සන සැල්පි දානවා, එක එක කෑම ජාති වල පොටෝ දානවා එක විකාරයයි. සමහර සමාජ විද්‍යාඥයො කියන විදිහට මේ ඔක්කොම දේවල් කරන්නේ තමුන්ගෙ තියෙන හිඩැසක් වහගන්න. ඇත්තටම බැලුවොත් අපි මේ හැම දෙයක්ම කරන්නේ මොකක් හරි හිඩැසක් වහගන්නනේ. බඩ ගින්නට බත් කන්නේ ආමාශයේ හිඩැස වහගන්න. හුස්ම ගන්නේ පෙනහැල්ලේ හිඩැස වහගන්න.රස්සාවක් කරන්නේ ආදායමයි වියදමයි අතර හිඩැස පුරවන්න. ඉගෙන ගන්නේ එහා ගෙදර එකායි තමනුයි අතර තියෙන හිඩැස නැත්නම් තමුන්ගේ නෑදෑයන් ගේ දරුවොයි තමනුයි අතර තියෙන හිඩැස පුරව ගන්න. කීයෙන් කීදෙනාද තමුන්ගේ උවමනාවෙන් ‘මට අහවලා වෙන්න ඕනේ, කවුරු මොනවා කිව්වත් මම මගේ ඉලක්කයට යනවා’ කියලා හිතන් ඉගෙන ගන්නේ. ගොඩක් අය අරයා මෙයා කිව්ව පලියට තමා ජීවත් වෙන්නේ, මාත් එච්චර තමා. Free will කියන එක illusion එකක් වෙලා.

හිඩැස් ගැන කතා කරන්න ගියොත් මාසයක් කතා කරන්න දේවල් තියෙනවා. හරි අපි ඇත්ත කතාවට බහිමුකෝ. ඇයි අපි සතුටින් ඉන්නේ නැත්තේ. පලවෙනි හේතුව තමයි අපි අනවශ්‍ය දේවල් පස්සෙ තමා අනවශ්‍ය වෙහෙසක් දරමින් දුවන්නේ. අපි හැමෝටම ඕනේ සාර්ථක කෙනෙක් වෙන්න. බිල් ගේට්ස් වගේ වෙන්න, ස්ටීව් ජොබ්ස් වගේ වෙන්න. ලේසි පහසු goals නෙවේ තියෙන්නේ. ඇත්තනෙ ඉතින් දුකින් ඉන්නවා කියන එක. මම මේ කියන්න යන්නේ ලද දෙයින් සතුටු වෙලා අයින් වෙලා පයින් යන්න කියන එක නෙවේ. එක පාර ලොකු goal එකක් තියාගෙන අයියෝ ඒක අමාරුයිනේ කියලා අඬ අඬා ඉන්නෙ නැතුව ඒ ලොකු goal එක පුංචි පුංචි goals වලට කඩා ගෙන එකින් එක උත්සාහ කරලා බලන්න. එතකොට තේරෙයි සතුට කියන්නේ මොකක්ද කියලා. පොඩි පොඩි ඉලක්ක සපුරා ගත්තම එන සතුට ඔය කවරයේ රූපේ තියෙන කොල ජාතිය පුච්චලා වත් ගන්න බෑ කියලා කවුද කියලා තියෙනවා, ද කොහෙද.

අනිත් හේතුව තමා අපේ අතේ තියෙන දේ අගය කරන්නේ නැතුව අනිත් එකා ගාව තියෙන එක අගය කරන්න යන එක. ඒ කියන්නෙ compare කරන්න යන එකේ තේරුමක් නෑ. තමුන් ගාව තියෙන පෝන් එක අලුත් අයිපෝන් x එකත් එක්ක compare කරන්න යන්න එපා. කිසිම තේරුමක් නෑ, හිතට දුකක් විතරයි එන්නේ. දැන් බලන්න අද රූපවාහිනීයේ, අන්තර්ජාලයේ අහන්න දකින්නම තියෙන්නේ depression ගැන. බැලුවම අපි හැමෝම depressed වෙලා ඉන්නේ. ඇයි depressed වෙලා ඉන්නේ කියලා කාටවත් නිශ්චිත පිලිතුරක් දෙන්න බෑ. “Depression is not a disease anymore, it’s a fashion statement” වෙලා. සැප දුක නිති පෙරලෙන මේ ලෝකේ, අයියෝ දුකයි කිය කිය ඉඳලා වැඩක් නෑ. කරන්න තියෙන හොඳම දේවල් වලින් එකක් තමයි තමුන් කැමති දෙයක් තෝරගෙන ඒක කරන එක. තමුන් කරන රස්සාව පෙන්නන්න බැරිනම් ඒකෙන් සතුටක් ලබන්න බැරිනම් වැඩක් නෑ. “Do what you love, love what you do” කියන්නේ කට කහනවට නෙවේනේ. මට මතක් වෙනවා සර් කෙනෙක් කියපු කතාවක්. මේ ලෝකේ සාර්ථක වෙලා තියෙන ගොඩක් මිනිස්සු එහෙම උනේ risk එකක් ගත්ත හින්දා. Risk එකක් ගන්න බය වෙන්න එපා. අපි තාම පොඩි අය, කෙල වුනොත් අඬාගෙන ගෙදර දුවන්න පුලුවන්. මේක තාම ඇමෙරිකාව නෙවෙයිනෙ, 18න් පස්සේ අම්මලා තාත්තලා අපිව ගෙදරින් එලවන්නේ නෑනේ. තමුන්ගේ ගරාජ් එකේ පටන් ගත්ත පොඩි company තමා ඔය ලොකු ලොකු Google, Microsoft වගේ company වෙලා තියෙන්නෙ.

මම ඇයි මේ ආයේ ආයේ මේ ගැනම කියන්නේ? මොකද අපේ රටට අවශ්‍ය 8-4 වැඩට යන රොබෝලා ටිකක් නෙවේ. බහුජාතික සමාගම් අපේ මානව සම්පත් ටික හූරගෙන යන මේ වගේ වෙලාවක මේ රටට අත්‍යාවශ්‍ය ව්‍යවසායකයින්. අලුත් අලුත් දේවල් හොයා යන, අලුත් තාක්ෂණයන් මේ රටට හඳුන්වාදෙන්න පුලුවන් කම තියෙන නියමුවන් තමා අපේ රට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම රටට සේවයක් කරලා බලන්න අමුතුම සතුටක් දැනේවී. මම දන්නෙත් නෑ මොකද මාත් තාම මුකුත් කරලා නෑනේ.

හරි දැන් ඉතින් මේ කතාව ඉවරයි. දැන් තේරෙනවනේ ඇයි අපි සතුටින් ඉන්නෙ නැත්තේ සහ අපි සතුටින් ඉන්න මොනවද කරන්න ඕනේ කියලා. එහෙනම් මේටික කියවලා ජීවිතේට මොකක්හරි ගත්තානම් ඒක තමා මගේ සතුට. අනිත් එක සතුටින් ඉන්න විදිහ ගැන මම කලින් දාපු [පෝස්ට් එක](/undefined-10.md) කියෙව්වේ නැත්නම් ඒකත් කියවලා බලන්න. එහෙනම් ආයේමත් මේ වගේ විකාර පෝස්ට් එකකින් හමුවෙනකන් Stay Weird…


---

# Agent Instructions: Querying This Documentation

If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/undefined-9.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
