# Batman is Evil… Thanos was Right?

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2018/10/Merwart-Nihilist-800x445.jpg" alt=""><figcaption></figcaption></figure>

October 1, 2018

ඔව් Batman evil තමා. හිතාගන්න බෑනේ, සුපිරි වීරයෙක් වෙච්ච මෙයා කොහොමද දුෂ්ටයෙක් වෙන්නේ කියලා. ඔහොමම ඉන්නකෝ මම කියලා දෙන්නම්. අහ් තව කියන්න දෙයක් තියෙනවා, හැපිම හැපි ලෝක ළමා දිනයක් වේවා. ඒවගේම හැපිම හැපි ලෝක වැඩිහිටි දිනයකුත් වේවා. ඉතින් වැඩි වැල් වටාරම් නැතුවම මම කතාවට බහින්නම්කෝ. කොහොමද හොඳ මිනිස්සු, ඒ වගේම නපුර සමග සටන් කරන මිනිස්සු කාලයත් එක්ක නරක මිනිස්සු බවට පත්වෙන්නේ? දවසේ ප්‍රශ්නය මේක තමා. මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් [ෆ්‍රෙඩ්රික් නිෂ්](https://en.wikipedia.org/wiki/Friedrich_Nietzsche) කියන ජර්මන් ජාතික දාර්ශනිකයා විසින් රචිත [Beyond Good and Evil / On the Genealogy of Morals](https://en.wikipedia.org/wiki/Beyond_Good_and_Evil) කියන පොතේ තියෙනවා.

“He who fights with monsters should be careful lest he thereby become a monster. And if thou gaze long into an abyss, the abyss will also gaze into thee.”

සුද්ද සිංහලෙන් කිව්වොත්,

යක්කු එක්ක සටන් කරන මිනිස්සු පරෙස්සමින්. ඒගොල්ලොත් යක්කු වීමට ඉඩ තියෙනවා, කියන එක තමා මේ කියලා තියෙන්නේ. අන්න ඒක හින්දා තමයි Batman is evil කියලා කිව්වේ. එයා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියන එක ඇත්තටම අදාළ නෑ. මොකද මිනිහා ෆික්ෂනල් කැරැක්ටර් එකක්නේ. හැබැයි වර්තමානයේ අප අතරෙත් Batman ල ඉන්නවා. අන්ධකාරයේ සැඟවෙමින් නපුර සමග සටන් කරන නිහඬ වීරයින්. ඒගොල්ලන්ට අපි සමහර වෙලාවට පොලිසිය කියලත් කියනවා. හමුදාව කියලත් කියනවා. එක එක නම් කියනවා. හැබැයි, මේ දවස්වල නිතරම ඇහෙන දෙයක් තමා, මේ පොලිසියත් evil කියල. කොයි නිවුස් එක බැලුවත් කියන්නේ අර කවුද පොරක් හෙළි කරන රහස් ගැන. පොලිසිය අරම කරා, මෙහෙම කරා කියලා, කියනවා. බලාගෙන ගියාම කියන්න තියෙන්නේ, වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද දෙවියනේ කියලා තමා. පොලිසියත් ඉතින් නපුර සමග ලඟින් ලඟින්ම සටන් කරනවනේ. එතකොට ඒ ගොල්ලන්ටත් නිෂ් කිව්වා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒගොල්ලොත් නපුරේ අතකොළුවක් වෙන්න පුළුවන්. හරිම භයානක සිද්දියක් තමා මේක. අපිව නපුරෙන් ආරක්ෂා කරන්න ඉන්න මිනිස්සු නපුර එක්ක එකතු උනාම, සාමාන්‍ය ජනයා වෙච්ච අපි අතරෙන්ම නපුරට විරුද්ධව විරුවෙක් බිහිවෙන්න ඉඩ තියෙනවා. ඒගොල්ලන්ට තමා [vigilante](https://en.wikipedia.org/wiki/Vigilante) කියල කියන්නේ. ඔය බැට්මෑන්, ඇරෝව්, පනිෂර් වගේ කොමික් චරිත බිහිවෙන්නෙත් ඔය කියන සංකල්පේ උඩ.

හැමෝම වීරයෝ කියලා හිතන් ඉන්න ඔය vigilante ලා ගැන මම වැඩිය කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒකෙ තේරුමක් නෑනේ. මහජනතාව රැක ගන්න එක ගැන වදවෙන්න ඕන මහජනතාවම තමා. ඒ කිව්වේ ගවන්මන්ට් එක. අපි ලොකුවට රජය රජය කියලා පස්සෙන් දිව්වට වෙන රටවල ඕකට කියන්නේ, public කියලා. අපි government spending කිව්වට සුද්දෝ කියන්නේ public spending කියලා. අනිත් ඒවත් ඒ වගේම තමා. මේකනේ අපේ රටේ වෙලා තියෙන්නේ, public spending කියලා කියන්න බෑනේ. ඔක්කොම තම තමන්ගේ private spending වගයක්නේ තියෙන්නේ. හරි දේශපාලනේ ගැන කතා කරා ඇති. එහෙනම් අපි බහිමු Thanos was right උනේ ඇයි කියන කතාවට. හැමෝම ඉන්ෆිනිටි වෝර් බලන්න ඇති කියලා හිතනවා. නැත්නම් ඔන්න spoiler alert! Thanos කතාවේ ජය ගන්නවා. ඔක්කොම ඉන්ෆිනිටි ගල් ටික අරගෙන විශ්වයෙන් බාගයක් නැති නාස්ති කරලා දානවා. මම දකින විදිහට නම් ඒක හරිම සාධාරණ වැඩක්. හරිම අහඹු විදිහට ජීවීන්ව දූවිලි වලට හරවනවා. හරිම සාධාරණයි. සල්ලි කාරයෝ ටික විතරක් ඉතුරු කරලා දුප්පත් මිනිස්සු ටික මරල දැම්මේ නෑ.

දැන් කට්ටිය අහන්න පුළුවන් විශ්වයේ බලවත්ම මිනිහා වෙච්ච Thanos ඇයි එහෙම කලේ කියලා. මිනිහගේ දර්ශනේ තියෙන්නේ, මේ විශ්වයේ ජීවීන් ටික දවසින් දවස ජනගහනය වැඩි කරනවා, ඒවාට ඔරොත්තු දෙන්න සම්පත් මදි, ඒක හින්දා මේක ආපහු සමතුලිත කරන්න නම් ජීවීන් හරි අඩක් අයින් කරන්න ඕනේ කියන එක. ඉතින් මිනිහට හරියි කියලා හිතෙන දේ කරා. දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඇයි එහෙනම් තියෙන සම්පත් ටික දෙගුණ කලේ නැත්තේ ඇයි කියලා. මේකට සුපිරි උත්තරයක් දීලා තියෙනවා බුදු හාමුදුරුවෝ. ඒ තමයි රත්තරන් වැස්සක් වැටුනත් මිනිස්සුන්ට ඒ මදි කියලා. අන්න ඒකයි කතාව. මේ මිනිස්සුන්ට මදි මේ දෙගුණයක් වෙච්ච සම්පත් ටිකත්. ඒකටත් ආයේ මරාගන්නවා. තවත් ජනගහනය වැඩි වෙනවා. කලින් තිබ්බ ප්‍රශ්න ටික ආයේ මතු වෙනවා. ඉතින් Thanos was right නේ? කරපු වැඩේ කැතයි තමා, ඒත් කරන්න දෙයක් නෑ. ඒකට තමා necessary evil කියලා කියන්නේ.

ඇත්තටම මේ Thanos ගේ දර්ශනේට බලපාන තවත් දර්ශනයක් තියෙනවා, ඒ තමයි [Nihilism](https://en.wikipedia.org/wiki/Nihilism) කියන්නේ. නැත්නම් ඕකට සිංහලෙන් කියන්නේ නාස්තිකවාදය කියලා. සුද්ද සිංහලෙන් කිව්වොත්, මේ ජීවිතේ කිසිම අභ්‍යන්තර වටිනාකමක් නෑ. විශේෂත්වයක් නෑ කියන එක. අර කට්ටිය කියන්නේ, one man can make a difference කියලා. Nihilism වලට අනුව මේ කතාව බොරුවක්. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් විශේෂ නෑ කියන එක තමා මේ දර්ශනේ මූලිකව කියන්නේ. ඉතින් Thanos ඔක්කොම මිනිස්සු ටික අතුගාලා දාපු එක මිනිහගේ දර්ශනේට අනුව හරි. මේ ලෝකේ යහපත වෙනුවෙන් කියලා හිත හදා ගන්න තියෙන්නේ. හරි එහෙනම් මගේ කතාව අවසානයි, මතක තියාගන්න, Thanos මොන මගුල කලත්, අපිට වැඩක් නෑ. One man/woman can make a difference. අන්න එකයි ඇත්ත. රෑට කොච්චර ලෝකේ අඳුරු උනත් දවල්ට ලෝකේ හරිම දීප්තිමත් කියලා මතක තියාගන්න. වෙනසක් කල මනුස්සයෙක් වෙන්න හිතා ගන්න. හැමදාමත් මම කියනවා වගේ රිස්ක් එකක් ගන්න. අලුත් දෙයක් කරන්න. සමාජෙට විරුද්ධ වෙන්න. හැමෝම ඔයාට බෑ කියලා කියයි. ලෝකෙම විරුද්ධ උනත් ඔයාට විරුද්ධ වෙන අයට විරුද්ධ වෙන්න. ජයග්‍රහණය තියෙන්නේ අන්න එතනයි. එහෙනම් ඔන්න මම ගියා. Over and out. එහෙනම් ආයේ මේ වගේ විකාර කතාවක් සමගින් ඔයාව හමු වෙනකන්, Stay Weird…


---

# Agent Instructions: Querying This Documentation

If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/batman-is-evil...-thanos-was-right.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
