# සුපර් මෑන් බුලට් පෲෆ් ද?

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/01/henry-cavill-superman-mustache-07242017-800x445.jpg" alt=""><figcaption></figcaption></figure>

January 10, 2019

කාලෙකට පස්සේ මේ කතාවක් කියන්නේ. විකාර නැතුව කෙලින්ම කතාවට බහිමු. මුලින්ම කියන්න ඕනේ, සුපර් මෑන් ගේ පසුබිම ගැන. ඒ කියන්නේ උප්පත්ති කතාව ගැන. සුපර් මෑන් නැත්නම් කැල් එල් උපන්නේ ක්‍රිප්ටන් කියන ග්‍රහ ලෝකේ. ඒක පොලව වගේ 1.5ක් ලොකුයි [\[1\]](https://en.wikipedia.org/wiki/Krypton_\(comics\)). අපේ පොලොවේ හරය හැදිලා තියෙන්නේ යකඩ හා නිකල් වලින් [\[2\]](https://wonderopolis.org/wonder/what-is-earths-core-made-of). (Iron atomic mass – 55.845 u Nickel atomic mass – 58.6934 u) ඒත් ක්‍රිප්ටන් වල හරය හැදිලා තියෙන්නේ යුරේනියම් වලින් කියලා තමයි කියන්නේ [\[3\]](http://superman.wikia.com/wiki/Krypton). (Uranium atomic mass – 238.02891 u)

දැන් බලන්න තියෙන දෙයක් තමයි අපේ පොලොවයි ක්‍රිප්ටනුයි අතර තියෙන වෙනස. අපේ පොලොවේ ස්කන්ධයට වඩා ක්‍රිප්ටන් වල ස්කන්ධය වඩා අඩුයි. $$m = v\rho$$ සමීකරණයට අනුව බැලුවම ඒක පේනවා. ක්‍රිප්ටන් වල ඝනත්වයත් වැඩී, පරිමාවත් වැඩී. ඇයි ක්‍රිප්ටන් හරය හැදිලා තියෙන්නේ යුරේනියම් වලින්නේ. දැන් බලන්න තියෙන දේ තමා වායුගෝල වල වෙනස. සරලයි, ක්‍රිප්ටන් වල වායුගෝලයේ පීඩනය වැඩි වෙන්න ඕනේ අපේ වායුගෝලීය පීඩනයට වඩා. එතකොට තව බලන්න තියෙන්නේ ගුරුත්වාකර්ශන බල වල වෙනස. හරිම සරලයි, ක්‍රිප්ටන් වල බලය වැඩි.

$$F = \frac{GMm}{r^2}$$ සමීකරණයට අනුව බැලුවම ඒක පේනවා. G,m, නියත කියලා ගත්තොත්, M (ක්‍රිප්ටන්වල ස්කන්ධය) වැඩි. ඒක හින්දා F වැඩී. දැන් තියෙන ප්‍රශ්නේ මෙච්චරයි. සුපර්මෑන් පියාඹන්නේ කොහොමද?

ඒකට උත්තරේ දෙන්නේ මෙහෙමයි. සුපර්මෑන් පියාඹන්නේ නෑ උඩ පනිනවා කියලා උපකල්පනය කරන එක. ඒක ඔප්පු කරන්න ලේසි. මෙහෙමයි ඒක වෙන්නේ. ඒකට අවශ්‍ය කරන්නේ වියෝග ප්‍රවේගය කියන කන්සෙප්ට් එක. $$(V = \sqrt{\frac{2GM}{r}})$$ඔන්න ඔය සමීකරණයට අනුව බැලුවම පේනවා ක්‍රිප්ටන් වල වියෝග ප්‍රවේගය අපේ පොලොවේ වියෝග ප්‍රවේගයට වඩා ගොඩක් වැඩි වෙන්න ඕනේ. අනිත් කතාව තමා ක්‍රිප්ටන් වල ගුරුත්වාකර්ශන ක්ෂේත්‍ර තීව්‍රතාවත් ගොඩක් වැඩී. $$(g = \frac{GM}{r^2})$$ එතකොට සුපර් මෑන් අපේ පොලවට ආවම එයාගේ ඇඟේ ජාන හින්දා එයාගේ ඇඟ හැදෙන්නේ, ක්‍රිප්ටන් වලට හරියන විදිහට. ඒක හින්දා මිනිහා අපේ පොලොවට ඇනෝමලි එකක්. සුපර් මෑන්ගේ ඇඟේ තියෙන කොම්පොසිශන් එක අපේ ඇඟට වඩා වෙනස්. මිනිහගේ ඇඟේ අස්ථී වල ඝනත්වය අපේ ඒවට වඩා වැඩී. හම ශක්තිමත් ලොකු වායුගෝලීය පීඩනයක් දරා ගන්න පුලුවන් විදිහට හැදිලා තියෙන්නේ. සුපර් මෑන් අපේ පොලොවේ ඉඳන් උඩ පැන්නම අභ්‍යවකාශයටම යන්න පුලුවන් වෙන්නේ මිනිහගේ පැනිල්ල තුල අපේ පොලොවේ වියෝග ප්‍රවේගය ගැබ්වෙලා තියෙන හින්දා. මිනිහා අහසේ පාවෙන්නේ කොහොමද කියලා නම් අහන්න එපා, අභයවකාශේ හුස්ම නොගෙන ඉන්නේ කොහොමද, ආරක්ශක ඇඳුම් නැතුව රික්තයක ඉන්නේ කොහොමද කියලා අහන්න එපා මගෙන්. ඒවා නොඇසිය යුතු ප්‍රශ්න.<br>

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/01/49091450_2118256758236126_7135490487539990528_n.jpg" alt="සුපර් මෑන්"><figcaption></figcaption></figure>

දැන් තියෙන්නේ හොඳම කතාව. සුපර් මෑන් කොහොමද වෙඩි නොකා ඉන්නේ. මිනිහගේ ඇඟේ උන්ඩ වැදිලා විසිවෙන්නේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. ඕකට මන් ගාව තියෙනවා ලාවට වගේ උත්තරයක්. ඒක පැහැදිලි කරන්නේ උදාහරණයක් මගින්. ඔයා දැකලා ඇති, වේගෙන් ගලක් ගැහුවම ඒක වැවේ ජලය උඩින් පැන පැන යනවා, වේගේ අඩු උනාම ගිලෙනවා. හැබැයි කෙලින්ම ගලක් වැවට දැම්මොත් ගිලෙනවා. මේකට බලපාන්නේ තරල වල තියෙන ලක්ෂනයක් වන පෘෂ්ඨික ආතතිය හින්දා. දැන් කට්ටියට තියෙන ප්‍රශ්නේ උන්ඩ වැදුනම එබෙන්නේ නැති සුපර්මෑන්ගේ හම, ලුවිස් ලේන් ඇල්ලුවම එබෙන්නේ ඇයි කියන එකනේ. ඒකට හේතුවත් අර වැවේ උදාහරනෙන්ම ගන්න පුලුවන්. උන්ඩ එන්නේ **තත්ප**රයට අඩි 2700ක් විතර වේගෙන්. හැබැයි ලුවිස් ලේන් සුපර් මෑන්ව අල්ලන්නේ හෙන හෙමින්. ඉතින් අතින් ඇල්ලුවම එබෙනවා, උන්ඩේ වැදුනම ඒක විසිවෙනවා. සරලයිනේ. දැන් අහන්න එපා උන්ඩේ කෙලින්නේ එන්නේ, ගල විසිකරන්නේ වැව හරහා නේ කියලා. ඕවට උත්තර මන් ගාව නෑ.

කොහොමහරි කියන්න ඕනේ කතාව මෙච්චරයි, ඔය ලෝකේ තියෙන හැම මඟුලක්ම විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. සමහර ඒවා ඔප්පු කරන්න තව අපේ දැනුම වර්ධනය වෙන්න ඕනේ. කොහොමත් අර සුපර් මෑන්ගේ කතාවේ පෙන්නේ සයන්ස් නෙවේ, රොමාන්ස්. ඒකේ පෙන්නන්නේ ඉන්ඩිස්ට්‍රක්ටබල් කියන සුපර්මෑන් උනත් උගේ කෙල්ල ඉස්සරහ නිකම්ම නිකං මිනිහෙක්ම තමා කියලා. ඕවා ඉතිං මැජික් නෙවේ නේ. කවුරුත් ඒ සීන් එක දන්නවනේ. පේනවනේ උන්ඩ වලට කරන්න බැරි දේවල් ආදරයට කරන්න පුලුවන්. ඒක හින්දා ආදරය කරද්දී පරෙස්සමෙන්. මතක තියා ගන්න, ඕනේ දෙයක් ඕනවට වඩා හොඳ නෑ කියලා. එහෙනම් මේ වගේ තවත් විකාර පෝස්ට් එකකින් හමුවෙනකං, Stay Weird…


---

# Agent Instructions: Querying This Documentation

If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/undefined-6.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
