# වත්තට යන්න එපා කිව්වේ කවුද?

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2021/02/Garden-of-Love-800x445.jpg" alt=""><figcaption></figcaption></figure>

April 14, 2021

ඕන්න එහෙනම් සුබම සුබ අවුරුද්දක් කියලා කියන ගමන් මේ අලුත් අවුරුද්දේ අලුත් කතාවක් කියන්නයි මේ යන්නේ. ජිවිතේ එක්තරා කඩඉමක් දෙයියනේ කියලා ඉවර උනා පහුගිය දා. දැන් මාත් ඉතින් ඩිග්‍රී එකක් ඉවර කරපු පොරක් තමා. හරි ඉතින් ඒවායින් වැඩක් නෑ. කෙලින්ම බහින්නම්කෝ කතාවට. මම මේ කියන්න යන්නේ අපිට වත්තට යන්න එපා කිව්වේ කවුද කියලා. හැබැයි ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමා මේ කතාව ටිකක් කොන්ට්‍රවර්ෂල් කතාවක්. අරයා මෙයා ටිපර් වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඉතින් කියන්නම එපැයි. ඇත්ත කියන්නයි බිම වාඩිවෙන්නයි බයවෙන්න එපා කියලා කවුද කියලා තියෙනවානේ.

මෙන්න මෙහෙමයි සීන් එක. මම ඕ ලෙවෙල් කාලේ ඉගෙන ගත්තේ ඉන්ග්ලිෂ් ලිට්. ඉගෙන ගත්ත කිව්වට පන්ති කට් කල එක තමා කලේ. හෙනම බෝරින්ග් සබ්ජෙක්ට් එකක් තමා ඒක. අනේ මන්දා මගේ කරුමෙද රටේ කරුමෙද කියන්නේ මට නම් ඇඟට දැනෙන්න ලිට් කව්රුවත් ඉගැන්නුවේ නෑ. ගියපු ලිට් පන්තිත් හෙනම බෝරින්ග්. යන්න කම්මැලි හින්දා පන්ති කට් කරපු වාර ගණන අනන්තයි. ඉතින් කොහෙන් කොහොම හරි විභාගෙටත් ගියා. දෙයියන්ගේ පිහිටෙන් ෆේල් උනේ නම් නෑ. C එකක් තමා ආවේ ඉතින්. දැන් ඔයා බලනවා ඇති මොන මගුලට ද මේ මනුස්සයා මේක මට කියන්නේ කියලා. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. මම පොඩි කාලෙ හරියට ලිට් ඉගෙන ගත්තේ නෑ. ඒත් ටික ටික ලොකු වෙද්දී ජීවිතේ එක්ක ලිට් කියන එකත් ඉගෙන ගත්ත හැටි ඔයාට පැහැදිලි කරන්න මගේ බැක් ස්ටෝරි එක කියන්නම එපැයි.

දැන් අපි පොඩි කාලේ ඉගෙන ගත්තනේ ලිට්. ඒත්  ඒ ඉගෙන ගත්තේ හරිම ලිට් ද කියන එක මට දැන් ලොකු සැකයක් තියෙනවා. මොකද ලිට් කියලා අපිට ඉගැන්නුවේ එක එක බර ඉංග්‍රීසි වචන ටිකක් නේ. හැබැයි ඇත්තටම සාහිත්‍යය කියන්නේ මොකක්ද කියලා කව්රුවත් කියලා දුන්නේ නෑ. මට කව්රුවත් කියලා දුන්නේ නෑ නොබෙල් සම්මානලාබී  හෙමින්ග්වේ ජිවිතේ අවසාන භාගයේ දී ඇයි  එහෙම තීරණයක් ගත්තේ කියලා. ඒ කියන්නේ අපිට නොතේරෙන මොකක් හරි මේ සාහිත්‍යයේ හැංගිලා තියෙනවා. තේරෙන සිංහලෙන් කිව්වොත් සාහිත්‍යය කියන්නේ කලාත්මකව ලියලා තියෙන දේවල්. කලාත්මකව ලියලා තියෙන දේවල් කිව්වම ලොකු ප්‍රශ්නයකුත් එනවනේ. මොනාද මේ කලාත්මක දේවල්, මොනාද මේ කලාත්මක නොවන දේවල් කියලා. ඒක ගැන කතා කරන්න නෙවේ මේ මම අද කල්පනා කලේ (මොකද මේක [දාර්ශනික ප්‍රශ්නයක්](https://www.philosophytalk.org/shows/what-art)).

හැම මනුස්සයම ලිට් ඉගෙන ගන්න ඕනේ. අයි මීන් හැම මනුස්සයම. ඇයි මම එහෙම කියන්නේ. සාහිත්‍යය ඉගෙන ගන්නවා කියන්නේ අර බර ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න එකවත්, පොයම් වල පද කට පාඩම් කරන එකවත් නෙවේ. මිනිස්සු මතු පිටින් කියන දේ නෙවේ අදහස් කරන්නේ කියන එක තේරුම්ගන්න එක තමා සාහිත්‍යය ඉගෙන ගන්නවා කියන්නේ. ඒක ඉතින් ලේසි පහසු දෙයක් නෙවේ. මිනිස්සු අපිට මුනට කියන එක නෙවේ ඒගොල්ලෝ අදහස් කරන්නේ. සිංහලෙන් මේකට කියන්නේ සාකසැම් කියලා.  අපිට ඉතින් ලෝකේ ජීවත් වෙන්න නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ හැකියාවක් තමා මේ මිනිසුන් කියවීමේ හැකියාව. ඉස්සර මිනිස්සු කියනවා ගොනා හැරෙද්දී කියන්න පුළුවන්ලු මේ යන්නේ පොල් පැලේ කන්නද නැත්තම් මදු පැලේ කන්නද කියලා. මේකත් ලොකු මාකටබල් ස්කිල් එකක් ජීවිතේට. සාහිත්‍යය දන්නේ නැති අයට වෙන දෙයක් කියන්නද, ලොකු දෙයක් වෙන්නේ නෑ, ගොනාට අන්දන්න ලේසිලු. මං මේ කතාව දැක්කේ අපේ ලිට් පන්තියේ බෝඩ් එකක ගහලා තිබ්බා,

> If you know literature, no one can easily fool you…

වගේ කතාවක් (හරියටම මතක නෑ ඉතිං ගොඩක් කාලෙකට කලින්නේ ඕක මම දැක්කේ).

හරි ඉතින් ඒකත් කමක් නෑ කියමුකෝ. දැන් එන්නම් මම කෙලින්ම කවරයේ කතාවට. ඒ තමා විලියම් බ්ලේක් ගේ, The Garden of Love පොයම් එක. මේක මරුම පොයම් එකක්. අපිට ඕ ලෙවෙල් කාලේ ලිට් වලටත් කළා. හැබැයි මේකේ සිරා තේරුම කියලා දුන්නේ නෑ කව්රුවත් හරියටම. මේ පොයම් එකේ බ්ලේක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න මම පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවා. මරු කතාවක් බ්ලේක් කියන්නේ. එයා කියන්නේ (ටිපර් වෝර්නින්ග්) ආගම් විසින් මිනිසුන්ගේ නිදහස සීමා කරලා කියලා. කළු ලෝගු ඇඳගත්ත පුජකවරු ටිකක් ගාඩන් ඔෆ් ලව් (මෙහිදී ගාඩන් ඔෆ් ලව් ලෙසින් අදහස් කරන්නේ ලොකු තීම් එකක්, සමහරුන් කියනවා මේ කියලා.) වහලා දාල ඒකෙ රැකවලුන් ලෙසින් ඉන්නවා කියලා බ්ලේක් කියන්නේ. අනේ මන්දා මේ කතාව ඇත්තද මන්ද. කොයි ආගම ගැනද මේ බ්ලේක් කියන්නේ කියලා මම දන්නේ නෑ. අම්මෝ ගෙස් කරන්නවත් මම යන්නේ නෑ. හැබැයි පොතක් පතක් කියවන මනුස්සයෙක් හැටියට ඔයාට තේරෙනවා ඇති අරකේ මේකේ කියලත් ලොකු වෙනසක් නැති විත්තිය. දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි, බ්ලේක් මේ කවිය ලියන්නේ 1794 දී. දෙයියනේ මේ කතාව අදටත් වලංගුයිනේ. මිනිස්සුන්ගේ හිතීමේ නිදහස, කතා කිරීමේ නිදහස වගේ එකී මෙකි නොකී නිදහස් බර ගානක් යටපත් කරනවා කියලා තමා මේ බ්ලේක් කියන්නේ. අදටත් ඒක එහෙමම වෙනවද කියලා ඔයාම හිතලා බලන්න.

ඔන්න ඉතින් අදට කතාව ඉවරයි. මම ඉතින් අද ලොකු දෙයක් කිව්වේ නෑ. කිව්වේ මෙච්චරයි. නිකන් ඉන්න වෙලාවට පොතක්, කවියක් කියවලා බලන්න. බැරිමනම් සබ්ටයිටල් එකක් වත් කියවන්න. අරයා මෙයා කියන දේවල් නෙවේ, තනියම හිතලා බලන්න. පොඩි කාලේ ටීචර් කියපු කතාව අද කාලෙට ගැලපෙනවද කියලා හිතලා බලන්න. මම නම් කියන්නේ මට ඕලෙවෙල් කාලේ කෙල උනේ මම හරියට ලිට් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තේ නැති හින්දා. දැන් නම් දෙයියනේ කියලා තේරෙනවා ඇයි එහෙම සබ්ජෙක්ට් එකක් අපිට තියෙන්නේ සහ ඇයි ඒක අපි ඉගෙන ගන්න ඕනේ කියලා (හැබැයි දැන් ලිට් පේපරේට ලිව්වොත් එකෙම්ම ෆේල්). එහෙනම් ඉතින් මගේ කතාව ඉවරයි. මගේ මේ කතාවට එකඟ නම් එකත් කොමෙන්ටුවක දාලා යන්න. විරුද්ධ නම්, ඒකත් දාලා යන්න. මම ඕනේ කොමෙන්ටුවක් එක ලෙස බාර ගන්නවා. කිසිදු ආගමකට අපහාසයක් කිරීමේ කිසිදු අදහසකුත් මට නැති බව මේ මොහොතේ කියන්න ඕනේ. මම ඉතින් මේ කිව්වේ බ්ලේක් පොයම් එකක ලියලා තියෙන දේ. අපිට මේවා ගැන පොඩිකාලේ කියලා දෙන්න නැතුව ඇත්තේ අපි පොඩි හින්දා වෙන්න ඇති. එහෙනම් ඔන්න මම ගියා. කලින් ලියපු මගේ කතා කියෝලා නැත්නම් ඒවත් කියවන්න. මගේ කතාව හොඳයි, සැපයි කියලා හිතෙනවා නම් පොඩි ශෙයා පාරකුත් දාන්න. එහෙනම් ඉතින් ආපහු මේ වගේ විකාර කතාවකින් හමු වෙනකං, Stay Weird…


---

# Agent Instructions: Querying This Documentation

If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/undefined-1.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
