# අනාගතය ඩිස්ටෝපියන්ද?

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/04/1_E5ZzoY4Sukl27XpGNbR2AA-800x445.png" alt=""><figcaption></figcaption></figure>

April 21, 2020

ඔන්න ඉතිං කාලෙකට පස්සේ, කොරෝනා අස්සේ විකාරයක් ලියලා දාන්න හිතුනා. ඇත්තටම මට මේ ගැන ඔයාලට කියන්න හිතුනේ, මම මගේ අතිජාත මිත්‍රයෙක් එක්ක කරපු මැදියම් රෑ සංවාදයක ප්‍රතිඵලයක් විදිහට. ඉතිං මම මේ ඔයාලට කියන්න යන්නේ ඕගොල්ලෝ අහල දැකලා නැති දෙයක් නම් නෙවේ. ටීවී සීරීස් ෆිල්ම් එහෙම බලන සයි ෆයි පොත් කියවන උදවිය විදිහට ඕගොල්ලෝ, මේ වචනේ ලොවෙත් අහලා ඇති. එතකොට මොකක්ද මේ ඩිස්ටෝපියන් කියන්නෙ?

ඩිස්ටෝපියා ගැන කියන්න කලින් කියන්න ඕනේ දෙයක් තියෙනවා, ඒ තමා [Utopia](https://en.wikipedia.org/wiki/Utopia) කියන සීන් එක. ඔන්න ඔය යුටෝපියා කියන වචනය බිහිවෙන්නේ, 1516 දී ලියවෙච්ච [Utopia](https://en.wikipedia.org/wiki/Utopia_\(book\)) කියන පොතෙන්. ඒක ලිව්වේ තෝමස් මෝර් කියන එක්කෙනා. එයා කියන විදිහට යුටෝපියා කියන්නේ, නැති තැන (No Place) කියන තැන. මොලේ කොලොප්පං වෙනවා නේද? අන්න ඒක තමා සීන් එක. ඒ කියන්නේ යුටෝපියා කියලා කිසිම තැනක් මේ ලෝකේ නෑ. පවතින එකකුත් නෑ කියන එකම නෙවේ. ඔන්න ඊට අවුරුදු ගානකට පස්සේ 1868දී ඉංග්‍රීසි දාර්ශනිකයෙක් වෙන [ජෝන් ස්ටුවර්ට් මිල්](https://en.wikipedia.org/wiki/John_Stuart_Mill) තමා මේ [Dystopia](https://en.wikipedia.org/wiki/Dystopia) කියන කන්සෙප්ට් එක ගේන්නේ. ඒකේ තේරුම නරක තැන (Bad Place). නරක තැන කියන්නේ අන්තිම නරක තැන. නිකං [ගාසා තීරය](https://en.wikipedia.org/wiki/Gaza_Strip) වගේ තැනක් නැත්තං [චර්නොබිල්](https://en.wikipedia.org/wiki/Chernobyl_disaster) වගේ තැනක්. යුද්දෙං විනාස වෙච්ච. ගහක් කොලක් නැති. මිනිස් පුලුටක් නැති අන්තිම භයානක තැනක්. ඔන්න ඔය ඩිස්ටෝපියා කියන වචනේ හොයා ගත්ත දා ඉඳලා, එක එක රචකයෝ පොත් ලියන්න පටන් ගත්තා මේ ඩිස්ටෝපියා කියන කන්සෙප්ට් එක අරං. සයි ෆයි ගොඩක් පොත් මේ ඩිස්ටෝපියන් අනාගතයක් තමා විස්තර කරන්නේ. දැං ඉතින් ඇති අටුවා ටීකා ටිප්පණි, කෙලින්ම කතාවට බහිමු.

දැං සීන් එක මේකනේ. මේ දවස්වල නවල් කොරෝනා වෛරස් හෙවත් [කොවිඩ් 19](https://www.hpb.health.gov.lk/en) වෛරසයට අපි අහු වෙලානේ ඉන්නේ. ඔහොම සීන් එකක් වෙයි කියලා මම දැනං හිටියේ නෑ, ඒත් ඉඟි බිඟි ගොඩක් ලෝකය අපිට දුන්නා. මේ තියෙන්නේ අන්න ඒ ඉඟි වලිං හොඳම එක.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/04/Inkedab4c25b61453a7e2989a76f150653cadb42d52b463e941b79c3868c4c64568b7_1_LI.jpg" alt=""><figcaption><p>From <a href="https://ifunny.co/picture/jdzpuwVJ7">https://ifunny.co/picture/jdzpuwVJ7</a></p></figcaption></figure>

ඉතිං මේ වගේ එකක් දැක්කම කාටද හිතෙන්නේ, මෙහෙම දෙයක් වෙයි කියලා. ඊටත් වඩා [Contagion (2011)](https://www.imdb.com/title/tt1598778/) චිත්‍රපටය බලපු අයට නම් මේක නිකං ඒ චිත්‍රපටය තුල ජීවත් වෙනවා වගේ දැනෙන්න ඇති. ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ මේ වගේ දෙයක් අනාගතේ වෙයි කියලා මනුස්සයෙක්ගේ හිතේ මැවෙන්නේ කොහොමද? [The Eyes of Darkness](https://en.wikipedia.org/wiki/The_Eyes_of_Darkness) (by [Dean Koontz](https://en.wikipedia.org/wiki/Dean_Koontz) in 1981) කියන පොත කියෙව්වොත් තේරේවි ඒකේ තියෙන දේවල් කොහොමද ඇත්ත වෙන්නේ කියලා. ඒ පොතේ කියලා තියෙනවා [වූහාන්](https://en.wikipedia.org/wiki/Wuhan) ග්‍රවුන්ඩ් සීරෝ කියලා. මෙහෙම අනාගතේ අන්තිම නරක එකක් කියලා මේ මිනිස්සුන්ට හිතෙන්නේ කොහොමද? මට නම් ඒක අභිරහසක්.

මමත් ලොකුවට පොත් කියවන කෙනෙක් නම් නෙවේ. හැබැයි ඒවයින් ගහපු ෆිල්ම්, ටීවී සීරීස් නම් ලොවෙත් බලනවා කියලා මාව දන්න ඕනෙ කෙනෙක් දන්නවා. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට පොඩි හෙල්ප් එකක් දෙනවා, කියවන්න පොත් ලිස්ට් එකක් සහ ෆිල්ම් ටිවී සීරීස් ලිස්ට් එකක් දෙනවා අනිවා බලන්න. එතකොට තේරේවි මිනිස්සුන්ගේ ඉමැජිනේශන් එකට කෙලවරක් නෑ බවත්, ඒ වගේම මැජික් සයන්ස් වෙන්න ලොකු කාලයක් ගතවෙන්නේ නැති බවත්.

&#x20;

මෙන්න මේ පොටෝ එක තමා මම දෙන ලිස්ට් එක.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2020/04/EWDhrDQXsAAfmPj.png" alt=""><figcaption><p>From <a href="https://www.reddit.com/r/collapse/comments/ftg2nc/literary_collapse_dystopia_venn_diagram/">https://www.reddit.com/r/collapse/comments/ftg2nc/literary_collapse_dystopia_venn_diagram/</a></p></figcaption></figure>

මේ කවරයේ පින්තූරය තියෙනවා නේ. ඒක එන්නේ මේ [1984](https://en.wikipedia.org/wiki/Nineteen_Eighty-Four) කියන [ජෝර්ජ් ඔර්වෙල්ගේ](https://en.wikipedia.org/wiki/George_Orwell) පොතෙන්. ඒ පොතෙන් ගහපු සුපිරි ෆිල්ම් එකකුත් තියෙනවා ඒ නමින්ම. [Aldous Huxley](https://en.wikipedia.org/wiki/Aldous_Huxley) ගේ [Brave New World](https://en.wikipedia.org/wiki/Brave_New_World) එහෙම සුපිරි පොතක් කියලා තමා අහලා තියෙන්නෙ. මම අන්තිමටම බලපු සුපිරිම ටීවී සීරීස් එක [A Handmaid’s Tale](https://www.youtube.com/watch?v=dVLiDETfx1c), ඒක අරන් තියෙන්නේ [මාග්‍රට් ඇට්වුඩ්](https://en.wikipedia.org/wiki/Margaret_Atwood) ගේ ඒ නමින්ම එන පොතෙන්. ඒ කතාව බැලුවම නම්, අනාගතේ ගැන මාර බයක් එන්නේ. මොකද අපිට ඒ කතාවේ තියන ගොඩක් සිම්බල්ස් බොහොම හුරු පුරුදුයි. අපිත් අවුරුදු දාස් ගානක ඉතිහාසයක් තියෙන රටක්නේ. මේ ලිස්ට් එකේ නැති පොතක් තියෙනවා ඒකත් දැනගන්න කියන්නම්. ඒ තමා [ෆ්‍රෑන්ක් හර්බට්ගේ](https://en.wikipedia.org/wiki/Frank_Herbert) [Dune](https://en.wikipedia.org/wiki/Dune_\(novel\)) පොත. ඒකෙන් [ෆිල්ම්](https://www.imdb.com/title/tt0087182/) එකක් ගහලා තියෙනවා. ඒ ෆිල්ම් එකේම [රිමේක්](https://www.imdb.com/title/tt1160419/) එකක් එනවා මේ අවුරුද්දේ. ඒකේ තමා මම ආසම මෙන්න මේ quote එක තියෙන්නේ.

*“I must not fear. Fear is the mind-killer. Fear is the little-death that brings total obliteration. I will face my fear. I will permit it to pass over me and through me. And when it has gone past I will turn the inner eye to see its path. Where the fear has gone there will be nothing. Only I will remain…”*

ඉතිං එකම එක ප්‍රශ්නයක් තියෙනවා, මට සහ මේවා කියවන බලන අයට. ඒ තමා මේ කතා හැම එකකම තියෙන පොදු ලක්ෂණය. ඒ තමා ඒ රටේ හෝ ඒ ප්‍රදේශය පාලනය කරන ගවර්මන්ට් එක. ඒක බොහෝ දුරට [Totalitarian](https://en.wikipedia.org/wiki/Totalitarianism) ගවර්න්මන්ට් එකක් වෙන එක. මේ වචනේ තේරුම අහන්න එපා. ඕවා විස්තර කලොත් මට කෙල වෙන්න උනත් ඉඩ තියෙනවද මන්දා. [ගූගල් සර්ච්](https://www.google.com/) එකක් ගහලා බලන්න. එතකොට තේරේවි. කොහොමින් කොහොම හරි මේ විදිහට රජයන් පත් වෙලා රටවල් ඩිස්ටෝපියා ගොඩට ඇදලා දානවා, කවුරුහරි ඒකට විරුද්දව නැගී සිටිනවා, ඔන්න ඕක තමා මේ ගොඩක් කතා වල තියෙන සමාන කම. හැබැයි එක දෙයක් තියෙනවා හැමෝටම අමතක වෙන. රජය කියන්නේ අපි. ඒ කියන්නේ රටේ මිනිස්සු. රටේ මිනිස්සු තමා රටේ රජය පත් කරන්නේ. ඒ කියන්නේ අපි මිනිස්සු විදිහට ඍජුවම හෝ වක්‍රව අපේ ලෝකේ ඩිස්ටෝපියාවක් කරන්න දායක වෙනවා. ඒක නෑ කියන්න කාටවත් බෑ. මම අහවලා අහවලා අහවලා කාටවත් ඡන්දේ දුන්නේ නෑ ඒක හින්දා මම ශේප් කියලා ශේප් වෙන්නත් කාටවත් බෑ. මොකද [“Take no choice is a choice itself”](https://www.sloww.co/you-have-a-choice/) වෙන හින්දා. එතකොට කොහොමද මේ රජයක් මිනිස්සුන්ව රවට්ටලා, යටත් කරන් අවුරුදු ගනනාවක් පාලනය කරන්නේ? ඒකට හොඳ ක්‍රමයක් 1984 පොතේ සහ  [Fahrenheit 451](https://en.wikipedia.org/wiki/Fahrenheit_451) පොතෙන් දීලා තියෙනවා. ඒ තමා මිනිස්සුන්ගේ සිතීම පාලනය කරන එක.

මිනිස්සුන්ව පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමා, මේ මිනිසුන්ගේ සිතුවිලි පාලනය කරන එක. මිනිස්සුන්ට දෙනවා හිතන්න රාමු ටිකක්. ඒවයින් පිට මොන මගුලක්වත් හිතන්න යන්නේ නෑ මිනිස්සු. අර සිවිල් ලිබර්ටීස් කියලා එකක් තියෙනවානේ. ඒවා අතරින් Natural Right එකක් තමා මේ සිතීමේ නිදහස කියන එක. ඒ කියන්නේ කාටවත් ඒක සීමා කරන්න බෑ. (සාමාන්‍යෙන් නං එහෙමයි, අනික් රටවල කොහොමද දන්නේ නෑ.) දැං බලන්න සකර්බර්ග් අයියට පුලුවං [බුකිය](https://www.facebook.com/) වහලා දාලා ඔයාගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න හෝ සීමා කරන්න. රජයන්ට පුලුවන් අණ පනත් ගෙනත් ඔයාගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න හෝ සීමා කරන්න. හැබැයි කාටවත් තාම බෑ ඔයාගේ සිතීමේ නිදහස සීමා කරන්න. හැබැයි හිතන්න ඒකත් රජයට කරන්න පුලුවන් නං. එහෙම සීන් එකක් තමා 1984 පොතේ වෙන්නෙත්.

අනිත් ක්‍රමය තමා මිනිස්සු පොත් කියවන එක නතර කරලා දාන එක. පොත් තමා මේ ලෝකේ තියෙන වටිනම සහ භයානකම දෙය කිව්වොත් මම වැරදි වෙන්න විදිහක් නෑ. මම මේ ලඟදි බලපු [තෙලුඟු ෆිල්ම්](https://www.imdb.com/title/tt10991188/) එකක මෙහෙම කියනවා,

> රොකට් එකක් යවන්න උනත්, ලැප්ටොප් එකේ කීබෝඩ් එක වැඩ කරන්න උනත්, ඒ ලැප්ටොප් එකම වැඩ කරන්න උනත්, ෆිල්ම් හෝල් එකකට ගිහිං ෆිල්ම් එකක් බලලා හිනාවෙන්න උනත්, කවුරුම හරි කෙනෙක්, කොලයක් මතට පෑනක් තියන්නම ඕනේ…

අන්න ඒ කතාව නම් මට හිතට වැදුනා. මොකද මේ පොත් කියවන එක, එහෙම නැත්නම් secondary source එකක් වෙන මේ පොත් කියවන එක නතර කරපු දාට මිනිස්සුන්ව රවට්ටන්න ලේසි. අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්ව කිය කිය අතන මෙතන පෝස්ට් ටුවීට් දාගෙන මිනිස්සුන්ව අන්දන්න ලේසි වෙන්නෙ අන්න ඒකයි. මිනිස්සුන්ට හොයල බලන්න තියෙන ආසාව නැත්තටම නැති වෙලා යනවා පොත් කියවන එක නතර උනාම.  Fahrenheit 451 එකේ වෙන්නේ මේක තමා,  රජය පොත් ඔක්කොම ගිනි තියලා දානවා. පොත් කියවන එක තහනම් කරලා දානවා. මෙහේ නම් එච්චර දෙයක් කරන්න ඕනේ නෑ, මං දන්න තරමිං.

කොහොමිං කොහොම හරි අනාගතය ඩිස්ටෝපියන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ දෙන අවධියට දැං එන්න එන්නම ලං වෙලා. මම ප්‍රශ්නයක් අහන්නම් ඒකට උත්තරේ තමං තමන්ට දීලා බලන්න. එතකොට වැඩේ හරි. මෙන්න ප්‍රශ්නේ.

## **2019ට වඩා 2020 ඩිස්ටෝපියන්ද?**

උත්තරේ හිතා ගත්තද? එහෙනම් එච්චරයි. මගේ කතාව අවසන්. මෙච්චර කියෙව්ව එකත් මදැයි. ලොකු හයියක්. කමෙන්ට් එකක් දාල ලයික් එකක් දාල ශෙයාර් පාරක් දැම්මත් කමක් නෑ. තරහා වෙන්නේ නෑ. මතක තියාගන්න එක දෙයක්, [“Hearts and minds… far more effective than bombs and guns”](https://continuum.fandom.com/wiki/Liber8) කියලා. එහෙනම් මං ගියා. එහෙනම් මේ වගේ විකාර පෝස්ට් එකකිං ආපහු සෙට් වෙනකං, Stay Weird…


---

# Agent Instructions: Querying This Documentation

If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/undefined-3.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
