# සිනිඳු මනසට එරෙහිව සිනමාව

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/e0386a40389627.57801d01357c3-800x445.jpg" alt=""><figcaption></figcaption></figure>

May 10, 2019

බොහෝම දිගු නිහැඬියාවකට පස්සේ තමා මේ මම ඕගොල්ලෝන්ව මුනගැහෙන්න එන්නේ. කියන්න කතා ගොඩක් තියෙනවා. කලින් මගේ බ්ලොග් එක හොස්ට් කරලා තිබ්බේ [AWS](https://aws.amazon.com/) සර්වර් එකකනේ. දැං ඒකේ ෆ්‍රී දුන්නු කාලය ඉවරයි. ඉතිං මට ඒක වෙන තැනකට ගෙනියන්න උනා. ඉතිං මම ගෙනිච්චා [GCP](https://cloud.google.com/) එකට. ඩොමේන් එකත් ඒ ගමම්ම වෙනස් කලා නිකං වෙනසකටත් එක්ක. ඉස්සර තිබ්බ [https://www.niwder.me](https://www.niwder.me/) ඩොමේන් එක වෙනස් කලා [https://blog.niweera.gq](https://blog2.niweera.gq/) වලට. හැමදේම වෙනස් වෙන්නත් එපැයි කාලෙන් කාලෙට. හරි ඉතින් ඌණ පූර්ණ වලින් වැඩක් නෑ. කෙලින්ම කතාවට බහින්නම්කෝ. අද මම කියන්න යන්නේ සිනමාවේ බොහොම අඳුරු පැතිකඩක් ගැන. ඔව් ඇහුවමත් බය හිතෙන දෙයක් ගැන. මම මේ කියන්න යන්නේ මගේ මතයට අනුව හොඳම ඔලුව විකාර කරවන චිත්‍රපට පිලිඹඳව. ගූගල් එකේ සර්ච් එකක් කලාම මේ චිත්‍රපටි ටික හොයාගන්න පුලුවන් උනාට බලපු කෙනෙක් කියන දේ දැනගන්න එකත් හොඳයි නේ. තව කියන්න දෙයක් තියෙනවා. මේ ෆිල්ම් වලට ලින්ක් නම් දෙන්නේ නෑ. මම හැබැයි හින්ට් එකක් දෙන්නම්. \<CENSORED> මෙන්න මේ සයිට් එකට යන්න. අනිවා මේ ඕන චිත්‍රපටියක් තියේවි. හරි එහෙනම් ලිස්ට් එකට බහිමු වැඩි කතාවක් නැතුව.

&#x20;

**1. Fight Club (1999)**

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/204471-1024x640.jpg" alt="චිත්‍රපටය"><figcaption></figcaption></figure>

රහසක් කියන්නද? මිස්ටර් රොබොට් බලපු අය මේක බලන්න යන්න එපා. එක්කෝ බලන්න. ඒගොල්ලන්ට තේරේවි ඇයි මම එහෙම කිව්වේ කියලා. 1999 දී තිරගත වුනු මේ චිත්‍රපටය ඔබගේ මනස විකාර නොකරන්නේ නම් එය එසේ මෙසේ මනසක් නොවන බව නොඅනුමානයි. කතාවේ තියෙන්නේ කොල්ලෝ දෙන්නෙක් එකතු වෙලා ෆයිට් ක්ලබ් එකක් පටන් ගන්න සීන් එකක්.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/1.jpg" alt=""><figcaption></figcaption></figure>

ඔන්න අත්‍යාවශ්‍ය විස්තර ටිකත් ඇතුලත් කරා. ලේසිනේ එතකොට. මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒක තමයි, “The first rule of Fight Club is: you do not talk about Fight Club.” ඕක මතක තියාගත්තම හොඳටම ඇති.

ට්‍රේලර් එක බලන්න ඕනේ නම් මෙන්න. <https://www.youtube.com/watch?v=qtRKdVHc-cE>

&#x20;

**2. Memento (2000)**

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/memento-cinema-quad-movie-poster-reviews-2.jpg" alt="චිත්‍රපටය"><figcaption></figcaption></figure>

ගජිනි චිත්‍රපටය බලපු නැති කෙනෙක් නෑනේ. මේ තියෙන්නේ හොලිවුඩ් වල ගජිනි චිත්‍රපටය. ලොකු සම්බන්ධයක් නම් නෑ. ඒත් පොඩි පොඩි සමානකම් ටිකක් තියෙනවා. මේ කතාවේ තියෙන්නේ ලෙනාඩ් කියන මනුස්සයා තමන්ගේ බිරිඳව මරපු මනුස්සයාව හොයන කතාවක්. හැබැයි පොඩි පරහක් තියෙනවා මීනිහගේ මෙමොරිය නිදං නැගිට්ටම රිසෙට් වෙනවා. ලෙනාඩ් කොහොමද මිනීමරුවාව හොයා ගන්නේ කියලා දැන ගන්න මේ ෆිල්ම් එක බලන්න. මතක තියාගන්න දකින හැමදේම ඇත්ත නෙවේ කියලා.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/dvdsv.jpg" alt=""><figcaption></figcaption></figure>

ට්‍රේලර් එක මෙන්න: [http://www.youtube.com/watch?v=Br3aEhjaK2E](https://www.youtube.com/watch?v=Br3aEhjaK2E)

&#x20;

**3. Inception (2010)**

![චිත්‍රපටය](https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/Inception-Widescreen-Wallpaper-1920x1200-2-1024x640.jpg)

මෙන්න බලනවා නම් කතාව. අපි හැමෝම සිහින දකිනවානේ. සිහින ඇතුලේ ඉන්න ගමන් සිහිනත් දකිනවානේ. අපි එතකොට කොහොමද මේ ඉන්නේ යතාර්ථයේද නැත්නම් සිහිනයකද ඉන්නේ කියලා හොයා ගන්නේ? ඒක දැනගන්න නම් අනිවාර්‍යයෙන් මේ සලරුව බලන්න. සයි-ෆයි, ත්‍රිලර් ගනයට වැටෙන මේ චිත්‍රපටය ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නිර්මාණයක්.&#x20;

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/3.jpg" alt=""><figcaption></figcaption></figure>

ට්‍රේලර් එක මෙන්න: [http://www.youtube.com/watch?v=d3A3-zSOBT4](https://www.youtube.com/watch?v=d3A3-zSOBT4)

&#x20;

**4. Shutter Island (2010)**

![චිත්‍රපටය](https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/Shutter_Island_wallpaper_1600x1200_02TheWallpapers.org1400x1050.jpg)

2010 අවුරුද්ද නම් සුපිරි අවුරුද්දක්. Inception වගෙම Shutter Island නිකුත් වෙන්නෙත් මේ අවුරුද්දේ. මේ චිත්‍රපටයේ සෑම මිනිත්තුවක්ම, තත්පරයක්ම අපිව කුතුහලයෙන් තියාගන්න උපරිමව උත්සාහ කරලා තියෙනවා. පටන් ගන්නේ කොතනින්ද ඉවර වෙන්නේ කොතනින්ද කියලා හිතා ගන්න බැරි වේවි.&#x20;

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/4.jpg" alt=""><figcaption></figcaption></figure>

මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=v8yrZSkKxTA>

&#x20;

**5. Side Effects (2013)**

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/66799.jpg" alt=""><figcaption></figcaption></figure>

ගොඩක් කට්ටිය අහල නැති චිත්‍රපටියක් වෙන්නැති මේක. මිස්ට්‍රි. ක්‍රයිම් ගනයට වැටෙන මේ සලරුව අපිව හිතාගන්න බැරි මානයකට ඇද දමනවා. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හිතාගන්න බෑ අන්තිම මොහොත වෙනකම්. සයිකොලොජි පැත්තට ටිකක් බර වෙච්ච කතාවක්. උග්‍ර විශාදයට ගොදුරු වෙච්ච කාන්තාවකගේ සහ ඇගේ මනෝ චිකිත්සකගේ කතාවක් තියෙන්නේ. බෝරිං වගේ හිතුනට ටික වෙලාවක් බලද්දී තමයි රස දැනෙන්නේ. මතක තියාගන්න සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් කියලා.

![](https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/5.jpg)

ට්‍රේලර් එක මෙන්න: <https://www.youtube.com/watch?v=EFEou3MBLi4>

&#x20;

**6. ‍Mr. Nobody (2009)**

![චිත්‍රපටය](https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/Mr.-Nobody-Movie-Wallpapers-WallpapersIn4k.net_.jpg)

ඇත්තම කිව්වොත් මම ජීවිතේ බලල තියෙන විකාරම ෆිලුම මේක. හරිම අමුතුයි. මේක මම ලඟදි බැලුවේ. මට හැමතිස්සෙම මතක් උනේ මගේ පරණ බ්ලොග් පෝස්‍ට් එකක්. [මේ දුකින් පිරුණු ලෝකයේ හැමතිස්සෙම සතුටින් ඉන්නේ කොහොමද?](https://blog2.niweera.gq/2018/06/11/multiverse/) කියන පෝස්ට් එකේ මම විස්තර කරනවා වගේ දෙයක් තමයි මේ ෆිලුමෙත් තියෙන්නේ. ජීවිතේ කියන්නේ ගමනක්නේ. ඒ ගමනෙදි අපිට හමු වෙනවා දෙමං හන්දි, තුම්මං හන්දි. ඔය හන්දි ඔක්කොම පහුකරං යන්න බෑනේ. එකක් තෝරගන්නම වෙනවානේ. අන්න ඒක තමා ප්‍රශ්නේ. හැබැයි මම මෙහෙම කිව්වොත්, අපි මාර්ගයක් තෝර ගන්නකං ඕනම දෙයක් සිද්ද වෙන්න පුලුවං කියලා. ඒ කියන්නේ, “As long as you don’t choose, anything is possible…” කියන කතාවයි. ඔන්න ඕකම තමා මුලු චිත්‍රපටයම පාදක කර ගන්නේ. හරි ලස්සන ලව් ස්ටෝරි ගනනාවක්ම තියෙන ෆිලුමක් මේක. පැය දෙකහමාරක් එක දිගට බලන්න පුලුවන් කම්මැලිකමක් නැතුවම. හැමදේම දෛවයට බාර දෙන්න එපා කියන එක තමයි මේ වෙලාවෙ මම මතක් කරලා දෙන්නේ.&#x20;

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/6.jpg" alt=""><figcaption></figcaption></figure>

මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=M2UFsGaDW2o>

&#x20;

**7. ‍The Machinist (2004)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/JamieR-AC__Machinist1.jpg)

අපේ ඩාර්ක් නයිට්ගේ සුපිරිම සලරුවක් තමා මේ. චිත්‍රපටයක් වෙනුවෙන් මෙච්චර කැප වෙච්ච නලුවෙක් මම නම් දැකලා නෑ. හරිම අමුතු කතාවක් මේක. කර්මාන්තශාලාවක වැඩකරන සාමාන්‍ය මනුස්සයෙක්ගේ කතාවක් මේක. පොඩි අවුලක් තියෙනවා. මේ මනුස්සයා අවුරුද්දකින් විතර නිදාගෙන නෑ. ඉතිං මේ නින්ද යන්නැති මනුස්සයගේ කතාව අනිවාර්‍යෙන්ම බලන්න. අදාලම නැති කතාවක් කියන්නද, මතක තියාගන්න, මේ ලෝකේ භයානකම මත් බව පසුතැවිල්ලයි. වඩාත්ම ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍යයට හුරු උනත් ඉන් ගැලවීමක් තියෙනවා. ඒත් පසුතැවිල්ලට ඇබ්බැහි උනොත් ඉතිං ආයේ ගැලවීමක් ඇත්තෙම නෑ.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/7.jpg" alt=""><figcaption></figcaption></figure>

ට්‍රේලර් එක මෙන්න: <https://www.youtube.com/watch?v=H0fuHY4U1UA>

&#x20;

**8. ‍Stay (2005)**

![](https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/MV5BMjdkNzk1MTUtZGVlYS00MzgyLWFkZjYtMWI4ODg3MzEyNmY4XkEyXkFqcGdeQXVyNDk3NzU2MTQ@._V1_SY1000_CR006751000_AL_.jpg)

මනුස්සයෙක්ගේ මනස කොච්චර සිනිඳුද කියලා හිතාගන්න බැරි තරම්. මේ සලරුව අපිට ඒක ලස්සනට පෙන්නලා දෙනවා. මේ ලෝකේ මිනිස්සු වැඩිපුරම මැරෙන්නේ තනිකම හින්දා කියලා වෙන චිත්‍රපටයක කියනවා මට මතකයි. මේ කතාවත් ඒ බව සනාථ කරනවා. නයෝමි වොට්ස්, රයන් ගොස්ලින්ග් හා ඉවාන් මැක්ග්‍රෙගොර් රඟන මේ චිත්‍රපටය ඩ්‍රාමා, ත්‍රිලර් ගනයට වැටෙන්නක්. හරි අපූරු දෙබසක් මට මතක් වෙනවා මේ වෙලාවේ. “The Buddhists had it right all along. The world is an illusion.” ඇත්තම කතාව, මේ ලෝකේ කියන්නේ මායාවක්ම තමයි. එක එක්කෙනාට ඕන විදිහට දකින්න පුලුවන්. හැඩගන්වන්න පුලුවන්.&#x20;

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/8.jpg" alt=""><figcaption></figcaption></figure>

මෙන්න ට්‍රේලර් එක: [http://www.youtube.com/watch?v=Gcys8oUo5Jk](https://www.youtube.com/watch?v=Gcys8oUo5Jk)

&#x20;

**9. ‍Mulholland Drive (2001)**

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/MV5BNWM2MDZmMDgtYjViOS00YzBmLWE4YzctMDMyYTQ2YTc4MmVkXkEyXkFqcGdeQXVyNDk3NzU2MTQ@._V1_SY1000_CR006661000_AL_.jpg" alt=""><figcaption></figcaption></figure>

මම පුංචි උදව්වක් ඉල්ලන්නම්. මේක චිත්‍රපටය බලලා ඉවර වෙලා මට කියනවද මේකෙ මොකක්ද උනේ කියලා. මට නම් අදටත් තේරෙන්නෙ නෑ මේ ෆිලුමේ මොකක්ද උනේ කියලා. ඩ්‍රාමා. මිස්ට්‍රි ගනයට අයත් වෙන මේ සලරුව නරඹන්නන්ව වික්ශිප්තභාවයට පත් කරන්නම නිර්මාණය කරපු දෙයක් කියලා තමයි මටනම් හිතෙන්නේ.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/9.jpg" alt=""><figcaption></figcaption></figure>

මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=XQ5Q0CHQ0EU>

&#x20;

**10. ‍Identity (2003)**

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/Identity.jpg" alt=""><figcaption></figcaption></figure>

ජෝන් කුසැක්, ඇමැන්ඩා පීට් රඟන Identity චිත්‍රපටය අනිවාර්යෙන්ම නැරඹිය යුතු එකක් යැයි මට හිතෙනවා. ස්ලෑශර්, ත්‍රිලර් ගනයට වැටෙන මෙය පැය එකහමාරක් තුල අපිව නන්නඳුනන ඉසව්වක අතරමං කරන්න සමත් වෙනවා. මට හිතෙන හැටියට නම් මෙහි කියවෙන දෙය එක්තරා විදිහකට ඉතා භයානක යැයි කියන්න පුලුවන්. මොකද එක්තරා මොහොතක ලෝයර් කෙනෙක් කියන කතාවට මම පුදුම උනා. ඔහු අහනවා අපි සිරගත කල යුත්තේ වැරැද්ද කල ගතද, නැත්නම් හිතපු මනසද කියලා? ඉතින් මමත් ඕගොල්ලන්ට හිතන්න යමක් ඉතුරු කරනවා.

<figure><img src="https://blog2.niweera.gq/wp-content/uploads/2019/05/10.jpg" alt=""><figcaption></figcaption></figure>

මෙන්න ට්‍රේලර් එක: <https://www.youtube.com/watch?v=tIfcdg7etE0>

ඔන්න එහෙනම් සිනිඳු මනසට එරෙහිව සිනමාව (I) කොටස මෙතනින් සමාප්තයි. බයවෙන්න දෙයක් නෑ තව තියෙනවා ගොඩක් මේ වගේ ෆිලුම්. ඊලඟ කොටසෙන් තවත් ටිකක් ගැන කියන්නම්. ඉතිං මම හිතුවා හැමදාම චිත්‍රපට ගැන, දර්ශනය ගැන ලියනවාට අමතරව මම දන්න ටෙක් වැඩ කෑලි ටිකකුත් ගැන ලිව්වානම් හොඳයි කියලා. තමන්ටම කියලා ෆ්‍රී වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් හදා ගන්නේ කොහොමද, තමන්ටම කියලා ෆ්‍රී ඩොමේන් එකක් ගන්නේ කොහොමද, තමන්ටම කියලා වීපීඑන් එකක් හදා ගන්නේ කොහොමද වගේ දේවල් ටිකක් ගැන කතා කලොත් කාට කාටත් හොඳයි කියලා හිතෙනවා මට. එහෙනම් ඒ ගැනත් ඕගොල්ලන්ගේ අදහස් දක්වන්න. තව මේ චිත්‍රපට ටික බලලා කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. අලුතෙන්ම නම් මගේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තේ, පරණ ඒවත් කියවලා බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ආපහු මේ වගේම පෝස්ට් එකකින් හමු වෙනකන්, Stay Weird…


---

# Agent Instructions: Querying This Documentation

If you need additional information that is not directly available in this page, you can query the documentation dynamically by asking a question.

Perform an HTTP GET request on the current page URL with the `ask` query parameter:

```
GET https://blog.niweera.com/undefined-5.md?ask=<question>
```

The question should be specific, self-contained, and written in natural language.
The response will contain a direct answer to the question and relevant excerpts and sources from the documentation.

Use this mechanism when the answer is not explicitly present in the current page, you need clarification or additional context, or you want to retrieve related documentation sections.
